සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1121
පෙන්ද
1. නා. පක්ෂියකුගේ පිටුපස තිබෙන පිහාටු කලඹ ; වල්ග පිහාටුව.
2. (කථා) චලිගය.
පෙන්දා
1. නා. වළකජු ක්රීඩාවේ දී කජ්ජට ගැසීමට භාවිත කරන රවුම් පැතලි උපකරණය ; කට්ටය ; ඉට්ටා ; සිල්ලුව.
2. කල්ලි ක්රීඩාවට ගන්නා ලීවලින් සාදන ලද උපකරණය ; කුට්ටා.
3. තමා ඉදිරිපත් නොවී තමන්ගේ අරමුණ ඉෂ්ට කර ගැනීමට යොදන නියෝජිතයා.
පෙනිසිලින්
නා.ප්ර. පෙනිසිලියම් නෝටාටුම් නම් කොළ පැහැති රෝපණයෙන් ලබාගන්නා ප්රතිජීවක ද්රව්යයක්; බැක්ටීරියා නාශක ඖෂධයක්.
පෙනුම
1. නා. දැකුම ; දර්ශනය ; රූපාකාරය ; ස්වභාවය.
2. ඇසට ප්රිය මනාප දර්ශනය ; මනහර ශෝභාව.
3. සිංහල රජ සමයෙහි නිල පංගුකාරයකු දෙන චාරිත්රානුගත තෑග්ග.
4. යතුකැටයේ තලය හිර කිරීමට ගසන ඇබය.
5. (උද්භි.) ශාක ප්රජාවක් දුරදීම හඳුනා ගැනීමට හැකි වන පරිදි එහි තිබෙන ලාක්ෂණික ගතිගුණ.
පෙනුම් කද
නා. සිංහල රාජ සමයේ සේවකයන් උසස් නිලධාරීන් වෙත තෑගි බෝග රැගෙන ගිය කද ; නෑදෑයන් බැලීමට හෝ අවුරුදු කෑමට යෑමේ දී ගෙන යන ආහාරපාන, තෑගිබෝග, තුටුපඬුරු සහිත කද.
පෙනෙනවා
ක්රි. ඇසට ගෝචර වෙනවා ; දකිනවා ; දර්ශනය වෙනවා ; දෘශ්යමාන වෙනවා.
පෙනෙල්ල
නා. එක් කෙළවරක ගිනි දැල්වෙන හෝ ගිනි නිවුණු දර කැබෙල්ල ; දා ගොස් ඉතිරි වූ ලී කෑල්ල.
පෙනේරය
නා. යම් රාමුවක අඩියට – සවි කළ – දැලක උපකාරයෙන් පිටි ආදි ද්රව්යවල අපද්රව්ය ඉවත් කර හලා ගැනීමට යොදාගන්නා උපකරණයක්.
පෙඳ
1. නා.ප්ර. තෙතමනය ඇති ගල්, පස්, ගස් ආදි මතුපිටක රාශි වසයෙන් වැඩෙන ඉතා කුඩා ශාක විශේෂයක් ; (දිය) සෙවෙල්.
2. රොද ; කැටිය.
3. සිදුරක් වැසීමට භාවිත කරන කුඩා පියන් පත.
4. පන්දුව.
5. බුබුල.
6. අගේ අග කොටස.
7. පක්ෂියකුගේ පිටිපස තිබෙන පිහාටු කලඹ.
පෙඳැගිල්ලා
(පාරිභා.) නා. (සත්ව.) පසැඟිල්ලන් වර්ගයක්.
පෙප්ටයිස් කරනවා
(පාරිභා.) ක්රි. (රසා.) ද්රව්යයක කලිල ද්රාවණයක් සාදනවා ; ජෙලයක් සොලයක් බවට පරිවර්තනය කරනවා.
පෙප්ටික් ග්රන්ථිය
(පාරිභා.) නා. පෙප්සින් හෙවත් ජීර්ණ යුෂ ස්රාවය කරන ග්රන්ථිය ; ආහාර දිරවීම හා සම්බන්ධ ග්රන්ථිය.
පෙප්සින්
(පාරිභා.) නා.ප්ර. පෘෂ්ඨවංශීන්ගේ ආමාශයික ග්රන්ථිවල සෑදෙන ප්රෝටීන් දිරවන දහනයක්.
පෙබරවාරි
නා.ප්ර. ක්රිස්තු වර්ෂ ක්රමය අනුව වර්ෂයක දෙවන මාසය.
පෙම
1. නා. ආදරය ; ස්නේහය ; ප්රේමය ; ආලය.
2. ආශාව ; ඇල්ම.
පෙම් වඩනවා
1. ක්රි. ආදරය | කරනවා ; ඇලුම් කරනවා.
2. අනුරාග උපදවනවා ; රාගික ප්රේමය වර්ධනය කරනවා.
පෙම්වතා
1. නා. පෙම් කරන තැනැත්තා ; ප්රේමවන්තයා ; ආලය කරන්නා.
2. නීති හෝ චාරිත්ර විරෝධී අනුරාගයකින් බැඳී සිටින්නා.
පෙය්යාලය
නා. සංක්ෂේප කිරීම ; කලින් කී දෙය නැවත නොකියා මුල වචනය හා අග වචනය අතර පෙ යන්න යොදා සංක්ෂේප කිරීම.
පෙයාපත
නා. සුළි සුළඟට අසු වූ කොළය.
පෙයාය
නා. සුළි සුළඟ.
පෙර
1. වි. අතීතයට අයත් ; කලින් සිදු වූ ; පුරාණ ; ආදි ; ගත වූ ; ඉහත සිටි පෞරාණික.
2. ඉදිරියෙහි වූ ; අභිමුඛයෙහි වූ ; ඉදිරි.
3. නැගෙනහිර.
4. පළමු ; මුල් ; පළමු වැනි.
පෙර අඩ
නා. මුල් භාගය ; පළමු කොටස.
පෙර ඇදුරා
1. නා. පුරාණයෙහි විසූ උගතා ; පූර්වාචාර්යවරයා.
2. මව හෝ පියා.
පෙර ජාතිය
නා. පූර්ව ආත්ම භාවය. පෙර උපත.