සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1122
පෙර නම් දෙනවා
ක්‍රි. විවාහවීමට පෙර අදාළ යුවළගේ නම් ලියාපදිංචි කරනවා.
පෙර නිමිත්ත
නා. යම්කිසි කාර්යයක් පටන් ගැනීමේ දී එහි සාර්ථක අසාර්ථකභාවය පෙන්වතියි සැලකෙන ලකුණු ; ගමනක් යෑමේ දී අතරමග මුලින් ම දක්නට ලැබෙන දර්ශනය.
පෙර රූ
1. නා.ප්‍ර. පළමු රූපයේ ආකාරය.
2. (ව්‍යාක.) වචනයක ඇති යම් අකුරක රූපය ඒ අකුරට පසු ව ඇති අකුරට පැමිණවීමේ ව්‍යාකරණ විධිය ; පූර්වරූප විධිය.
3. (වෛද්‍ය.) රෝගයක් වැලඳෙන බව පළ කරන ලක්ෂණ සමූහය; රෝග පූර්වරූප.
පෙර විබත්
නා.ප්‍ර. (ව්‍යාක.) පළමු වන විභක්තිය ; ප්‍රථමා විභක්තිය.
පෙර සිරිත
නා. පෙර සිට පැවත එන ඇවතුම් - පැවතුම් පිළිවෙළ ; පරම්පරාගත චාරිත්‍ර ධර්ම.
පෙර හැසිරීම
(පාරිභා.) නා. කලින් හැසිරුණු ආකාරය ; පූර්ව චර්යාව.
පෙර'පර
[පෙර + අපර]
1. වි. පූර්වාපර ; නැගෙනහිරට සහ බටහිරට අයත්.
2. මුලින් සිටි හා පසු ව සිටි.
3. අතීතය හා වර්තමානය.
පෙර-විසි නැණ
නා. මීට කලින් විසූ ආත්මභාවය පිළිබඳ පටිපාටිය දන්නා නුවණ ; පුබ්බේ නිවාසානුස්සති ඥානය.
පෙරකදෝරුවා
නා. උසාවියේ නඩුවක් මෙහෙයවන නීතිඥයා ; නීතිවේදියා.
පෙරකඳ පිළිවෙළ
නා. පෙර විසූ ආත්මභාවවල අනුපිළිවෙළ.
පෙරකලාසිය
නා. (නීති.) නඩුවකට පෙනී සිටීමට නීතිඥයකුට බලය පවරමින් දෙනු ලබන ලිඛිත බලපත්‍රය ; අනුන් වෙනුවෙන් නඩුවක් සඳහා ඉදිරිපත්වීමට පවරන බලය.
පෙරගම
නා. විවාහ ගිවිසගත් යුවළගේ නම්ගම් ආදිය විවාහයට පෙර විවාහ ලේකම් කෙනකු වෙත නීත්‍යනුකූල ව ලියාපදිංචි කිරීම ; නම් ප්‍රසිද්ධිය.
පෙරගමන
නා. ඉස්සරහට යෑම ; පැමිණෙන්නකු පිළිගැනීම් සඳහා ගෞරව පිණිස ඔහු එන පෙරමඟට යෑම.
පෙරගිර
නා. නැගෙනහිර දිශාවෙහි පිහිටා ඇතැයි සැලකෙන කල්පිත පර්වතය ; උදයගිර ; උදය පර්වතය.
පෙරට යනවා
1. ක්‍රි. ඉදිරියට යනවා ; ඉස්සරහට යනවා.
2. යමකු පිළිගැනීමට පෙර මගට යනවා.
පෙරටුව
1. නා. ඉදිරිය ; අභිමුඛය.
2. පළමුවැන්න ; කලින් වූ දෙය.
පෙරඬමස
[පෙර + අඩ + මස]
1. නා. පුර පෑළවියෙහි පටන් පුර පසළොස්වක දක්වා කාලය ; චන්ද්‍ර මාසයේ පුර පක්ෂය.
2. මාසයේ මුල් දෙසතිය ; පූර්වාර්ධ මාසය.
පෙරත්ත
නා. නැවත නැවතත් ඉල්ලා සිටීම ; ඇවිටිල්ල ; යාච්ඤාව.
පෙරත්බව
නා. පෙර ආත්මය ; පූර්වාත්මභාවය ; පූර්වභවය.
පෙරතුව
නා. ඉදිරිය ; ඉස්සරහ ; අභිමුඛය.
ක්‍රි.වි. කලින් ; පෙර කල ; මත්තෙන්; ප්‍රථමයෙන්
පෙරදැරි
වි. පෙරටු වූ ; මුල් වූ ; පුරඃසර - ඉදිරියෙහි ඇති ; පූර්වාංගම
පෙරදිග
නා.ප්‍ර. ඉර පායන පැත්ත - නැගෙනහිර දිශාව ; පෙරදිග ; පූර්ව දිශාව හා සම්බන්ධ
පෙරදිග ඉන්දියා සමාගම
නා. ඉන්දියාව, ලංකාව සහ නැගෙනහිර ඉන්දියානු දූපත් (වර්තමාන ඉන්දුනීසියාව) ඇතුළු කලාපය හා වෙළෙඳ හා දේශපාලන සම්බන්ධතා පැවැත්වූ බ්‍රිතාන්‍ය වෙළෙඳ සමාගම.
පෙරදිග ධාන්‍යාගාරය
නා. ගොවිතැනින් සමෘද්ධිමත් වූ පොළොන්නරු කාලයේ ලංකාවට ව්‍යවහාර වුණු අපර නාමයක්.
පෙරදිග භාෂා
නා.ප්‍ර. ඉන්දියානු සහ පෙරදිග ආසියානු කලාපයේ භාවිත වුණු සහ භාවිත වන භාෂා සඳහා යෙදෙන සාමූහික නම.