සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 115
අනුපාර්ශ්ව
වි. පැත්තට අයිති වූ; අංශයෙහි වූ.
අනුපාලක
නා.ප්ර. නිතර රැකීම කරන්නා; පාලකයා; ආරක්ෂකයා; අනු ආරක්ෂකයා.
අනුපාලනය
නා. නිතර රැකීම; පාලනය; අනුරක්ෂණය; ආරක්ෂණය.
අනුපාලිත
වි. නිතර රක්නා ලද; අනුරක්ෂිත; ආරක්ෂිත.
අනුපාහන
වි. පාවහන් නොදැමූ; වහන් නොපැලැඳි.
අනුපියභාණී
වි. චාටු බස් කියන; ඉච්චාකාර.
අනුපිළිපදිනවා
ක්රි. අනු ව යනවා; අනු ව පවතිනවා; හික්මෙනවා.
අනුපිළිමය
නා. (බුද්ධ) ප්රතිමාවක පසෙකින් වූ සහාය පිළිමය; උපපිළිමය.
අනුපිළිවෙත
නා. සුදුසු වූ පිළිවෙත; අනුකූල වූ ප්රතිපත්තිය.
අනුපිළිවෙළ
නා. එකකට පසු ව අනෙක සකස් වී පැවැත්ම; අනුපටිපාටිය; අනුක්රමය.
අනුපුබ්බ
වි. පිළිවෙළින් වූ.
අනුපුබ්බඞ්ගුලිතා
නා.ප්ර. ක්රමයෙන් සිහින් ව ගිය ඇඟිලි ඇති බව; බුදුරජුන්ගේ මහා පුරුෂ ලක්ෂණයකි.
අනුපුබ්බසික්ඛා
නා.ප්ර. බෞද්ධ ශ්රාවකයකු විසින් පිළිවෙළින් ලැබිය යුතු ශික්ෂාව; පුහුණුව.
අනුපූ
වි. පිළිවෙළින් යුක්ත වූ; අනුපූර්ව.
නා.ප්ර. අනුපිළිවෙළ; ක්රමය.
අනුපූට්ටුව
නා. හකු පාඩා තදවීම; දත කට පියවීම; දත් යතුරු වැටීම.
අනුපූරක
(පාරිභා.) වි. අඩුව සම්පූර්ණ කරන; ඌනපූරක (=complementary).
අනුපූරක ඇස්තමේන්තුව
නා. කලින් කරන ලද ඇස්තමේන්තුවලට අමතර ව (යම් කාර්යයකට මුදල් ලබා ගැනීම සඳහා) කරනු ලබන මුදල් ප්රතිපාදන ඉල්ලීම.
අනුපූරක කෝණය
(පාරිභා.) නා. ඍජුකෝණයකට අඩු වූ කෝණයක් ඍජුකෝණයක් කිරීමට එකතු කළ යුතු කෝණය (=complementary angle).
අනුපූරකවර්ණ
නා.ප්ර. සුදු ආලෝකය ඇති කිරීමට මිශ්ර කළ යුතු වර්ණ යුග්ම; පූරක වර්ණ.
අනුපූර්ව
වි. පළමුවැන්න අනු ව යන; පරිපාටිය නොඉක්මවන; පිළිවෙළින් වන; ක්රමානුකූල.
අනුපූර්වකථා
නා.ප්ර. අනුපිළිවෙළින් කරනු ලබන ධර්ම දේශනාව; පිළිවෙළ කථාව; ආනුපුබ්බී කථාව.
අනුපෙත්ත
නා. මලක කුඩා පෙත්ත.
අනුපේක්ෂණය
නා. උපේක්ෂා රහිතබව.
අනුපෝෂ්ය
වි. රැකබලා වැඩිය යුතු; පෝෂණ කටයුතු.