සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 114
අනුප්රස්ථ පාටිකය
(පාරිභා.) නා. හරස් අතට වෙන් වී යන බික් සහිත කරල; සලාකිතය.
අනුප්රස්ථච්ඡේදය
(පාරිභා.) නා. හරස් අතට කැපුම; හරස්කඩ.
අනුප්රස්ථතරඞ්ග
(පාරිභා.) නා.ප්ර. හරස් අතට ගමන් කරන තරඞ්ග; තිර්යක් තරඞ්ග.
අනුප්රාකාරය
නා. කුඩා පවුර; පවුරක් ශක්තිමත් කිරීම සඳහා ඊට යාබද ව බඳින ලද පවුර.
අනුප්රාණිත
වි. පණ පිහිටුවන ලද; ප්රාණවත් කරන ලද.
අනුප්රාපණය
නා. පැමිණවීම; එළඹවීම.
අනුප්රාප්ත
වි. පැමිණි; එළඹි; අධිගත.
අනුප්රාප්තිය
නා. කෙනෙකුගේ පදවියට ඔහුගෙන් පසු අනිකකු පැමිණීම; කෙනෙකුගේ ඇවෑමෙන් පසු ඔහුගේ දේපළ අනිකකුට අයිතිවීම පිළිබඳ නීතියෙන් පිළිගත් ක්රමය.
අනුප්රාසය
නා. (අලං.) ශබ්ද මාධූර්යය ඇති වන පරිදි සමාන අක්ෂර, පද ආදිය ළඟ ළඟ යෙදීම.
අනුප්රිය
වි. ප්රිය; ප්රීති උපදවන.
අනුප්රියභාණී
වි. ප්රීති උපදවන පරිදි කථා කරන; චාටු බස් කියන; ඉච්චාකාර.
අනුප්රේක්ෂණය
නා. නැවත නැවත බැලීම; විමසා බැලීම.
අනුපාඩාව
නා. හකු පාඩාව හෙවත් හකු ඇටය; හක්ක; හනුව.
අනුපාතය
1. නා. නැවත නැවත පතනය වීම; නැවත නැවත වැටීම.
2. (පාරිභා.) නා. එක ම වර්ගයේ රාශි දෙකක් අතර ඇති ප්රමාණාත්මක සම්බන්ධය (=ratio).
3. (පාරිභා.) නා. අනුපාත දෙකක් අතර ඇති සමානත්වය (=proportion).
අනුපාතික
(පාරිභා.) වි. අන්යෝන්ය; අනුකූල; ප්රමාණයෙන් සම වූ; අනුපාත සම්බන්ධී; සමානුපාතික.
අනුපාදානය
1. නා. දැඩි සේ නොගැනීම; තදින් අල්ලා නොගැනීම.
2. නා. කාමාදි උපාදානවලින් හෙවත් ග්රහණවලින් තොර වීම.
අනුපාදානිර්වාණ ධාතුව
නා. (අභි.) භවෝත්පත්තියට හේතූ වූ උපාදානවලින් තොරව පිරිනිවීම; අනුපාදා නිර්වාණය.
අනුපාදින්න
වි. (අභි.) කර්මයෙන් නොහටගත්; අකර්මජ; අචේතනික.
අනුපාදිශේෂ
වි. (අභි.) උපාදි නම් වූ රූපාදී පඤ්ච ස්කන්ධයන්ගේ ඉතිරිවීමක් නැති.
අනුපාදිශේෂ නිර්වාණ ධාතුව
නා. (අභි.) උපාදි නම් වූ රූපාදී පඤ්ච ස්කන්ධයන්ගේ ඉතිරිවීමක් නැතිව ලබන නිවන.
අනුපාදේය
වි. නොගත යුතු; නොපිළිගත යුතු; ප්රතික්ෂේප කළ යුතු.
අනුපානය
නා. බෙහෙතකට අනු ව හෝ බෙහෙතකට මිශ්ර කර හෝ ගන්නා පාන වර්ගය; කෂායකට මිශ්ර කරන සීනි, මීපැණි ආදි ප්රතිවාපය; ඖෂධයක් ගැනීමෙන් පසු ව බොන කිරි, මෝරු ආදි පානය.
අනුපාය
නා.ප්ර. වැරදි උපාය; වැරදි මාර්ගය; නොනිසි මඟ; උත්පථය.
අනුපායාස
නා.ප්ර. දැඩි ආයාසය නැති වීම.