සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 113
අනුපලිප්ත
වි. නොතැවරුණු; නොගෑවුණු; නොවැකුණු; නොඇලුණු.
අනුපවාද
වි. දෝෂාරෝපණ නැති; උපවාද රහිත.
අනුපවුර
නා. කුඩා පවුර; පවුරක් ශක්තිමත් කිරීම සඳහා ඊට යාබදව බඳින ලද මිටි පවුර; පදනම; අනුප්රාකාරය.
අනුපශම
නා.ප්ර. නොසන්සිඳීම; නොසන්සුන් බව.
අනුපශය
නා.ප්ර. රෝගය නොසන්සිඳෙන හේතුව; අහිතකර ආහාර ඖෂධ විහරණාදියෙන් රෝගයට වන අනිෂ්ටඵලය; අසාත්ම්යය.
අනුපශාන්ත
වි. නොසන්සුන්; උපශාන්ත නොවූ; කැලඹුණු.
අනුපසපන්
වි. උපසම්පදාව නොලැබූ; උපසම්පදා විනය කර්මයට භාජන නොවූ; සාමණේර වූ.
අනුපසමය
නා. නොසන්සුන්බව; අසංවරය.
අනුපස්තම්භනය
නා. පිහිටක් හෝ අනුබලයක් හෝ නොවීම.
අනුපස්ථිතිය
නා. ඉදිරියෙහි නොවීම; අනභිමුඛය.
අනුපස්සනාව
නා. නැවත නැවත නුවණින් විමසා බැලීම; නැවත නැවත මෙනෙහි කිරීම.
අනුප්පාදය
නා. උපතක් නැති තැන; නිර්වාණය.
අනුප්රඥප්තිය
නා. (විනය.) මුල් ප්රඥප්තියකට සම්බන්ධ ව පසු ව පනවන ලද ප්රඥප්තිය.
අනුප්රදානය
නා. අනු ව දීම; දානය කිරීම; පිළිගැන්වීම.
අනුප්රබන්ධය
නා. පිළිවෙළින් බැඳී සිටීම; නොකඩවා පැවැත්ම; අවිච්ඡින්නතාව.
අනුප්රභව
වි. ප්රභව වූවකින් නැවතත් ප්රභව වූ; මුලින් බිඳුණු ශබ්දයකින් තව දුරටත් බිඳුණු.
අනුප්රභා
නා.ප්ර. බැබළීම; ප්රභාව; දීප්තිය.
අනුප්රයෝග
නා.ප්ර. (ව්යාක.) අනු ව යෙදීම; පසුව ගැළපීම.
අනුප්රව්රජිත
වි. අනු ව පැවිදි වූ; අනිකකු අනුගමනය කරමින් මහණ වූ.
අනුප්රවිෂ්ට
වි. ඇතුළට පිවිසි; ඇතුළු වූ, අන්තර්ගත වූ.
අනුප්රවේශන
නා.ප්ර. ඇතුළට පිවිසීම; ඇතුළු වීම.
අනුප්රසක්ත
වි. ඉතා දැඩි ව බැඳුණු; අතිශයින් ඇලුණු.
අනුප්රසවකාල
(පාරිභා.) වි. ප්රසවයෙන් පසු කාලය හා සම්බන්ධ වූ; ප්රසවයෙන් පසු ඇති වන (=puerperium).
අනුප්රස්ථ
(පාරිභා.) වි. හරස් අතට වැටුණු; හරස්; තිර්යක්.