සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1154
බා
1. නා.ප්ර. අත ; බාහුව ; හස්තය.
2. භාගය ; කොටස ; අර්ධය.
3. වාසනාව; සිත; භාග්යය.
4. සැපත ; සුඛය.
5. බය.
6. සඳරැස් ; චන්ද්රකාන්තිය.
7. නැණවතා ; උගතා.
වි. අඩු ; බැසගිය ; අඩු වූ.
බාග
1. වි. කොටසක් හෝ අඩක් වූ.
2. ඇතැම් ; සමහර.
බාගය
නා. කොටස ; අඩ ; භාගය.
බාණ
1. නා.ප්ර. ඊතලය ; ඊය.
2. පහ ; අංක පහ.
බාණපස
නා. අනංගයාගේ ඊතල වශයෙන් සැලකෙන පියුම්, හෝපලු, මී අඹ, දෑසමන් සහ නිලුපුල් යන මල් වර්ග පහ.
බාදිය
නා. මුහුදු ජල මට්ටම පහළ යන අවස්ථාව ; බැස යන උදම.
බාධකය
නා. විරුද්ධ ව ඉදිරිපත් වන දෙය ; අවහිරය ; වැළැක්ම ; බාධාව ; පීඩාව.
බාධාව
නා. අවහිරය ; ප්රතිබන්ධනය ; වැළැක්ම ; සම්බාධකය.
බාන
1. නා. රැහැන ; කඹය ; ලණුව.
2. බැඳීම; බැම්ම; බන්ධනය.
3. සිවුපා යුග්මය; ඈඳුත්ත ; යුවළ.
බානවා
1. ක්රි. යමක් උඩක සිට පරෙස්සමින් බිමට ගන්නවා ; පහත් කරනවා ; (පටවා ඇති බඩු බාහිරාදිය) ඉවත් කරනවා.
2. සර්පවිෂ ආදිය ඉවත් කරනවා ; විෂ උරනවා.
3. (බිලිකටු, යොත්, අනංගු ආදියෙන්) මසුන් අල්ලාගන්නවා.
4. හිස කෙස් හෝ රැවුල මුඩු කරනවා.
5. පන් වියමන්වල අඩුපාඩු පුරවනවා ; පිළියම් කරනවා.
6. බය වෙනවා ; තැතිගන්නවා.
බානසුල්ලා
නා. බියගුලු තැනැත්තා ; බියෙන් පසුබසින තැනැත්තා ; බියගුල්ලා.
බානසුලු
වි. බියසුලු ; බියගුලු; භය සහිත.
බානු
නා.ප්ර. සූර්යයා ; හිරු.
බාපත
1. නා. පැරණි නිවෙස්වල උළුවස්සට උඩින් පිටට නෙරා සිටින සේ සවිකළ ලෑල්ල.
2. පුටු අත ; පුටු ඇන්ද.
බාපනය
නා. නිල ඇඳුමේ අවයවයක් වශයෙන් උඩුකය හරහා යොදන පුළුල් වර්ණවත් පටිය.
බාබත්
නා.ප්ර. හරක් ආදී සතුන්ගේ බඩවැලින් සාදනු ලබන ව්යඤ්ජනයක්.
බාර
වි. පැවරුණු ; වගකීම් දරන ; නඩත්තු කරන ; ආරක්ෂා කරන.
බාර කරනවා
1. ක්රි. රැකබලා ගැනීම පවරනවා ; වගකීම පවරනවා ; රැකවරණය යටතට ; පත් කරනවා ; පාලනය පවරනවා ; නඩත්තුව පවරනවා.
2. යක්ෂ භූතාදින් අධිගෘහිතවීමට සලසනවා.
බාරදූර
1. වි. අමාරු ; දුෂ්කර ; විශාල වගකීමක් සහිත ; බැරෑරුම්.
2. ඉතා බර.
බාරය
1. නා. බලාපොරොත්තුව සිටින දෙයට පිහිට ලබා දුනහොත් මේ මේ දේ කරමියි දෙවි දේවතාදීන්ට දෙන ප්රතිඥාව ; පොරොන්දුව ; ඉල්ලීම ; සපථය.
2. වගකීම ; යුතුකම ; මෙහෙවර.
3. බර; භාරය.
4. (කථා.) බාරදූර කාර්යය ; වැදගත් කටයුත්ත.
5. පීඩනය මැනීමේ ඒකකයක්.
බාරවෙනවා
1. ක්රි. තමන්ගේ අවශ්යතාව ඉටු කළහොත් මේ මේ දේ කරමැයි දෙවි දේවතාදීන්ට පඬුරු ගැට ගැසීම ආදියෙන් පොරොන්දු වෙනවා ; ප්රතිඥා දෙනවා.
2. පාලනාධිකාරය/පාලන බලය ලැබෙනවා.
3. කැපවනවා ; බැඳෙනවා ; අරමුණකට ඇපකැප වෙනවා.
4. නීතිවිරෝධී ක්රියාවකට සැක කරනු ලබන්නකු සිය කැමැත්තෙන් නීතිය ක්රියා කරවන බලධාරිත්වයක් යටතට පත් වෙනවා ; නීතියේ බාරයට පැමිණෙනවා.
බාරහාර
නා.ප්ර. තමන් අපේක්ෂිත ඉල්ලීම් ඉටුකර දුන හොත් ඒ වෙනුවෙන් කිරීමට යන දේ පිළිබඳ පොරොන්දු සහ එයට අදාළ පුද පිළිවෙත්.
බාල
1. වි. වයසින් අඩු ; කනිටු ; කනිෂ්ට.
2. තරුණ ; යෞවන.
3. නුවණ නැති ; අනුවණ ; අඥාන.
4. වටිනාකමින් අඩු ; ගුණයෙන් හීන.
5. නොමේරූ ; නොපැසුණු.
6. (කථා.) පහත් ; අශික්ෂිත.
බාල අපරාධ
නා.ප්ර. වයසින් බාල අය හෙවත් ළමයින් විසින් සිදු කරනු ලබන අපරාධ.