සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1153
බ්රහ්ම දණ්ඩ
1. නා.ප්ර. අවවාදක්ෂම නොවන භික්ෂූන්ට මහා සංඝයා වහන්සේ විසින් දීමට නියමිත දඬුවමක්; කතා බහ පවා නො කොට අත් හැරීමේ දඬුවම.
2. බ්රහ්මයාගෙන් ඇති වූ බවට සලකනු ලබන අනිෂ්ට ධූමකේතුවක්.
බ්රහ්ම දෙය්ය
නා.ප්ර. සියලු හිමිකම් පවරමින්, අයබදුවලින් පවා නිදහස් කොට, ආපසු නොගත හැකි වන පරිදි රජු විසින් පවරා දෙන ඉඩකඩම්.
බ්රහ්ම මුහුර්තය
නා. හිරු නැඟීමට සිංහල පැය දෙකකට කලින් වේලාව ; අරුණ නැගෙන වේලාව ; බඹ මොහොත.
බ්රහ්ම රන්ධ්රය
නා. ළදරුවන්ගේ හිස් මුදුනෙහි සමින් වැසී පිහිටන සිදුර ; තෙල් වළ.
බ්රහ්මචාරියා
නා. බ්රහ්මචර්යාව රකින පුද්ගලයා.
බ්රහ්මචාරී
වි. බ්රහ්මචර්යා සම්පන්න වූ ; බඹ සැරි.
බ්රහ්මන්
1. නා.ප්ර. ආත්මය ; පරමාත්මය
2. වේදය ස්මෘතිය.
3. ඉන්ද්රිය දමනය.
බ්රහ්මයානාව
නා. බ්රහ්මත්වයට හෙවත් උසස් බවට නංවාලන යානය යනු වාච්යාර්ථයි ; දීම; දානය.
බ්රහ්මලෝකය
නා. බඹුන් වසන ලොව ; රූප අරූප දෙකොටසට අයත් බ්රහ්මයන් වසන ලොව ; ධ්යානලාභීන් හා අනාගාමී ඵලයට පැමිණියවුන් උපදනා විසිආකාර බඹලොව.
බ්රහ්මවාදය
නා. විශ්වයේ ආරම්භය සර්වබලධාරි බ්රහ්මයකුගෙන් ඇති වී යැයි ඇදහීම.
බ්රහ්මස්වර
1. නා.ප්ර. බ්රහ්මයාගේ කටහඬ ; ඉතා පැහැදිලි මිහිරි ගැඹුරු කට හඬ.
2. බුදුරජාණන් වහන්සේගේ කටහඬ.
බ්රහ්මාණ්ඩය
1. නා. බඹලොව ; බ්රහ්මලෝකය ; බඹ තලය.
2. සක්වළ ;විශ්වය.
බ්රහ්මාති බ්රහ්ම
වි. බ්රහ්මයන් ඉක්මවා සිටි බ්රහ්මයකු වන ; බ්රහ්මයනට වඩා ශ්රේෂ්ඨ ; බ්රහ්මයාගෙනුත් වැඳුම් පිදුම් ලබන ; (බුදුරජාණන් වහන්සේ සඳහා යෙදේ).
බ්රහ්මාරාධනාව
නා. දහම් දෙසීම සඳහා මහා බ්රහ්මයා විසින් බුදුරජාණන් වහන්සේට කළ ආරාධනය.
බ්රහ්මාසනය
නා. යෝග භාවනා කිරීමට පහසු අන්දමට අරමිණිය ගොතා හිඳ ගැනීම ; පළක් බැඳ හිදීම ; පද්මාසනය.
බ්රාහ්මණ
1. නා.ප්ර. හින්දු සමාජයට අයත් කුල සතරින් එකක් ; බමුණු කුලය.
2. වෛදික සාහිත්යයට අයත් ග්රන්ථ විශේෂයක්.
බ්රාහ්මණයා
1. නා. සිල්වත් තැනැත්තා ;ආර්ය පුද්ගලයා.
2. බමුණු කුල උපන් තැනැත්තා.
බ්රාහ්මණික
1. වි. බමුණු දහම හා බැඳුණු ; බ්රාහ්මණයන් පිළිබඳ වූ.
2. බ්රාහ්මණ ග්රන්ථ හා සම්බන්ධ.
බ්රාහ්මී
නා.ප්ර. ක්රි. පූ. යුගයන්හි දඹදිවත් ලක්දිවත් භාවිත වුණු සෙල්ලිපි අක්ෂර මාලාවක්.
බ්රිගේඩියර්
නා.ප්ර. කර්නල්වරයකුට වඩා උසස්, මේජර් ජනරල්වරයකුට වඩා පහත් යුද්ධ නිලධාරියා ; හමුදා ඒකකයක අණ දෙන නිලධාරියා.
බ්රිතාන්යය
නා. එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය යන පළාත්වලින් සංයුක්ත වුණු යුරෝපීය රාජ්යය.
බ්රිස්ටල් බෝඩ්
නා.ප්ර. එක පැත්තක් ඔප දමා ඇති මඳක් ඝන කඩදාසි වර්ගයක්.
බ්රොමයිඩ්
1. නා.ප්ර. හයිඩ්රාබ්රෝමික් අම්ලයෙන් ලබාගන්නා ලවණයක්.
2. පරිගණකයෙන් මුද්රණය කිරිමේ දී විශේෂ යන්ත්රයකින් ලබාගන්නා ශෝධ්යපත්රය.
බ්රෝකර්
1. නා.ප්ර. අනුන් වෙනුවෙන් වෙළඳ ව්යාපාරික කටයුතු සංවිධානය කරන අතරමැදියා ; තැරැව්කාරයා.
2. මගුල් කපුවා.