සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1183
භූගෝල විද්යාව
(පාරිභා.) නා. පොළොවට හෙවත් පෘථිවි තලයට අදාළ හැම විෂය අංශයක්ම හැදෑරීම පිළිබඳ විද්යාව ; භූගෝල ශාස්ත්රය.
භූගෝලය
නා. පොළොව ; පෘථිවි ගෝලය.
භූඞ්කාරය
නා. බුඃ බුඃ යන ශබ්දය; බල්ලන්ගේ බිරීම ; බල්ලන් බුරන හඬ.
භූජ
1. නා.ප්ර. අත ; බාහුව.
2. (ගණිත.) ජ්යාමිතික රූපයක බාහුව.
භූජංගමයා
භූජංගයා බ.
භූත
1. වි. සිදු වූ ; හටගත් ; ඇති වූ ; උපන්.
2. පෙනෙන්ට තිබෙන ; විද්යමාන.
3. පැමිණියා වූ ; ළඟා වූ.
4. මනුෂ්ය නොවන ; අමනුෂ්ය.
5. මහා භූතයන්ට අදාළ ; ධාතුවලට සම්බන්ධ.
6. පසු වූ කාලයට අයත් ; ගත වූ.
1. නා.ප්ර. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන මූලික ධාතු පහෙන් එකක්.
2. සැබෑ දේ.
3. අතීත උත්පත්තිය.
භූත භාෂාව
නා. ප්රාකෘත ගණයට අයත් ආර්ය භාෂාවක් ; යක්ෂ පිශාචාදින්ගේ භාෂාව ; පෛශාවී.
භූත විද්යාව
1. නා. දේව, අසුර, ගාන්ධර්ව, යක්ෂ, රාක්ෂස, නාග ආදි භූතයන් පිළිබඳ ශාස්ත්රය.
2. සියල්ල භූතාත්මක බවත්, තාත්වික කිසිවක් නැති බවත් පවසන විශ්වාසය.
භූතකාය
නා.ප්ර. මහා භූත ඒකරාශි වීමෙන් හටගත් ශරීරය.
භූතගාම
නා.ප්ර. පස් වැදෑරුම් බීජ වලින් උපන් ගස්වැල් සමූහය.
භූතඥයා
නා. භූතයන් පිළිබඳ කරුණු දන්නා තැනැත්තා ; භූත විද්යාඥයා.
භූතපති
1. නා.ප්ර. සක්දෙවි රජ ; ශක්ර දේවේන්ද්රයා ; දෙවිවරුන්ගේ අධිපතියා.
2. ශිවදෙවි ; මහේශ්වර.
භූතයා
1. නා. ජීවයක් ඇති තැනැත්තා ; සත්ත්වයා.
2. ප්රේත පිශාච ආදි අමනුෂ්ය ගණයට අයත් වූවෙක්.
භූතලය
නා. පොළොවෙහි මතුපිට ; පෘථිවියෙහි උඩ හෙවත් පිට තට්ටුව.
භූතස්ථානය
නා. භූතයන් වසන තැන ; භූත වාසස්ථානය.
භූත්තාවසේසකය
[භූත්ත + අවසේසක]
නා. කෑමෙන් පසු ඉතිරි වන කොටස ; අනුභවයෙන් පසු ඉතිරි වන ආහාර කොට්ඨාසය.
භූතාත්මක
1. වි. භූතයන් පිළිබඳ වූ ; භූතයන් සතු ; භූතයන් මුල් කොට ඇති ; භූත ආත්මයක් ඇති
2. පඤ්ච මහා භූතයන් පිළිබඳ වූ.
භූතාත්මය
නා. භූත භවයක ඉපදීම ; භූතයකු වසයෙන් ඉපදීම.
භූතාර්ථය
නා. යථාර්ථය ; සත්ය වූ අර්ථය ; නියම අරුත.
භූප
නා.ප්ර. පොළොවට අධිපතියා ; පොළොව පාලනය කරන්නා ; රජ.
භූම
1. නා.ප්ර. පොළොව ; භූමිය.
2. ගොඩනැගිල්ලක මහල.
භූම දෙවියා
නා. පොළොවේ වසන දෙවියා ; භූමාටු දෙවියා.
භූම දේවිය
නා. මිහිකත ; පොළොව මහී කාන්තාව.
භූම නාගයා
නා. භූමි නාගයා ; පොළොවට අධිපති ව සිටිතැයි කියන නාගයා.