සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1182
භුවන
1. නා. ලෝකය ; ලොව.
2. අහස ; අවකාශය.
භුවනත්රය
1. නා. කාම, රූප, අරූප යන ලෝක තුන.
2. ස්වර්ග, මර්ත්‍ය පාතාල යන ලෝක තුන.
භුවනත්රයවර්ති
වි. තුන් ලොවෙහි ම අණසක පතුරුවන ; ත්රෛලෝකයට ම ආඥා පතුරන.
භුවනාග්ර
භුවි
නා.ප්‍ර. පොළොව ; පෘථිවිය.
භුවිපාල
නා.ප්‍ර. මහ පොළොව පාලනය කරන්නා ; රජු ; මහීපාලයා.
භූ
වි. පොළොවට අදාළ වූ ; පෘථිවියට සම්බන්ධ වූ
නා.ප්‍ර. පොළොව ; පෘථිවිය ; භූමිය.
භූ අර්ධගෝලය
(පාරිභා.) නා. පොළොවෙහි ඇති භූමිභාග වැඩි කොටස ඇතුළත් වන අර්ධගෝලය ; උත්තරාර්ධ ගෝලය.
භූ අවස්ථාව
(පාරිභා.) නා. පෘථිවියේ වෙනස් වන තත්ත්ව නිරූපණය.
භූ චලනය
(පාරිභා.) නා. පොළොවෙහි සිදුවන සංචලනය.
භූ චුම්බකත්වය
නා. අන්‍ය වස්තුවක් ඇද ගැනීමට පොළොවේ ඇති කාන්දම් බලය ; පෘථිවියේ ආකර්ෂණ ශක්තිය.
භූ ජලය
භූගත ජලය බ.
භූ දර්ශනය
නා. පොළොවේ භූමි ප්‍රදේශයක ස්වභාවික හා කෘත්‍රීම ලක්ෂණ ඇතුළත්ව පෙනීම.
භූ දේවයා
1. නා. පොළොවට සම්බන්ධ දෙවියා ; භූමාටු දේවතාවා.
2. බමුණා ; බ්‍රාහ්මණයා.
භූ දේශාංශය
(පාරිභා.) නා. භූගෝලයේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා වටේට වැටී ඇති සේ සළකුණු කළ රේඛා.
භූ ධරය
නා. කන්ද ; පර්වතය ; පව්ව.
භූ නිර්මාණය
නා. පොළොව සෑදී ඇති ආකාරය ; පෘථිවියේ ව්‍යුහය.
භූ සමය
(පාරිභා.) නා.ප්‍ර. පෘථිවියේ ඒ ඒ යුගවල වයස දක්වන විද්‍යාත්මක කාල බෙදීමක්.
භූගත
(පාරිභා.) වි. පොළොව තුළ වූ.
භූගත ගංගාව
(පාරිභා.) නා. පොළොව යටින් ගලා යන ජල ප්‍රවාහය ; උමං ගංගාව.
භූගත ජලය
නා. පොළොවෙහි පාෂාණස්තර ආශ්රිත ව රැඳී පවතින ජලය ; භූ ජලය.
භූගත ජලවහනය
(පාරිභා.) නා. පොළොව යටින් දිය බැස යාමට සැලසීමේ ක්‍රමය.
භූගර්භ විද්‍යාව
(පාරිභා.) නා. පොළොවෙහි භූ සංයුතිය, ව්‍යුහය හා පරිණාමය පිළිබඳ විද්‍යාව ; භූතත්ව විද්‍යාව.
භූගර්භය
(පාරිභා.) නා. පෘථිවියේ ඇතුළත හෙවත් අභ්‍යන්තරය; භූ අන්තරය ; පොළෝ ගැබ.