සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1181

භින්න පටධර

වි. රෙදි කැබලි එකතු කොට මැසූ රෙදි අඳින ; කැබලිවලට කපා එක් කොට මැසූ වස්ත්‍ර දරන.

භින්න මාතෘක

වි. එක ම පියකුට දාව වෙනස් මව්වරුන් කුස උපන්.

භින්න රුචික

නා. වෙනස් වෙනස් ආශා ඇති ; එකිනෙකට වෙනස් රුචි ඇත්තා වූ.

භින්න විවාහය

නා. සැමියා බිරිඳගේ නිවසෙහි පදිංචිවීමේ විවාහ ක්‍රමය.

භින්න වෘත්ත

නා.ප්‍ර. කාව්‍ය රචනයේ දී වෘත්තයකට නියමිත මාත්‍රා ප්‍රමාණය අඩු හෝ වැඩි වීමෙන් ඇති වන කාව්‍යදෝෂය.

භින්න ස්වරය

නා. බිඳුනු හඬ ; එකට බැඳී නොපවතින කට හඬ ; උච්චාරණ අශක්නුතාව ; භග්න ස්වරය.

භින්නක

වි. කඩන්නා වූ ; බිඳින්නා වූ ; භේදක වූ.

භින්නකයා

නා. බිඳින්නා ; භේද කරන්නා ; අසමගිය ඇති කරන්නා.

භින්නය

1. නා. බිඳීම ; කැඩීම ; වෙනස් කිරීම.
2. (පාරිභා.) සාමාන්‍ය භාගය.

භින්නාධිකරණය

නා. විශේෂණ විශේෂ්‍ය පදවල ලිංග විභක්ති වචන භින්න ව හෙවත් වෙනස් ව තිබීම.

භිසි

නා.ප්‍ර. ඇඳකට හෝ පුටුවකට දැමූ මෙට්ටය ; ගුදිරිය ; කුලිච්චම.

භීත

වි. බිය වූ ; බියපත්.

භීතිය

නා. භය ; බිය ; තැතිගැනීම.

භීම

වි. භයානක ; බිහිසුණු ; දරුණු ; රෞද්‍ර.
1. නා.ප්‍ර. හින්දුස්ථානි සංගීතයේ තාල ප්‍රභේදයක්.
2. ශිව දෙවි.

භීරු

වි. බියවනසුලු ; බිය වන ස්වභාවය ඇති ; බයාදු.

භීෂණ

වි. බිය එළවන ; භයජනක ; බිහිසුණු.

භීෂණය

1. නා. භය උපදවන තත්ත්වය ; බියකරු ස්වභාවය ; බිහිසුණු බව.
2. භීතිය ; බිය.

භුක්ත

1. වි. අනුභව කළ ; වැළඳු ; බුදින ලද.
2. ගෙවූ ; ගත කළ ; පසු කළ.

භුක්තයා

නා. අහර ගන්නා ; වළඳින්නා ; අනුභව කරන්නා.

භුක්තානුමෝදනාව

නා. දානය වැළඳීමෙන් අනතුරුව කරන දහම් දෙසුම.

භුක්ති විඳිනවා

1. ක්‍රි. ප්‍රයෝජනයට ගන්නවා ; පාලනය කරනවා.
2. වළඳනවා ; ආස්වාදය ලබනවා.

භුක්තිය

නා. අයිතිවාසිකම ; පරිහරණය.

භුඤ්ජන

වි. බුදින ; අනුභව කරන.
නා.ප්‍ර. අනුභවය ; බුදීම.

භුමක

වි. කැරකෙන ; කරකැවෙන.