සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1180
භික්ඛු
නා.ප්ර. බුදු සසුනෙහි පැවිද්ද ලද්දා ; බෞද්ධ ප්රව්රජිතයා.
භික්ඛු විභඞ්ගය
නා. විනය පිටකයට අයත් සුත්ත විභංගයෙහි භික්ෂූන්ට සිදුවන ඇවැත් පිළිබඳ ව විස්තර වන කොටස.
භික්තිය
1. නා. නිවෙස්වල කාමර ආදිය වෙන් කිරීම පිණිස ගල් ගඩොල් මැටි ආදියෙන් ගොඩ නංවන බැම්ම.
2. ශරීරයේ අභ්යන්තර අවයව එකිනෙකින් වෙන් කිරීම සඳහා ඇති පටක.
3. ගංඉවුර ; කණ්ඩිය.
භික්ෂාකාලය
නා. (ප්රව්රජිතයකු) පිඬු සිඟීමට නිසි වේලාව ; භික්ෂාව පිණිස යාමට සුදුසු අවස්ථාව.
භික්ෂාචරයා
නා. පිණ්ඩපාතයේ යන භික්ෂුව ; අනුන් දෙන දෙයින් යැපෙන පූජ්යයා.
භික්ෂාටනය
නා. පිඬු සිඟා යාම ; පිණ්ඩපාතයෙහි යෑම.
භික්ෂාදානය
නා. පින් පිණිස දීමට සූදානම් කළ ද්රව්ය සමූහය.
භික්ෂාව
1. නා. සිඟීමෙන් ලබන ආහාරය ; ඉල්ලා ලබන ආහාරපානාදිය.
2. කෑමට නිසිදෙය. - ආහාරය.
භික්ෂු ප්රතිරූපක
වි. භික්ෂු වේශය පමණක් ඇති ; භික්ෂු වේශධාරි.
භික්ෂු ප්රාතිමෝක්ෂය
නා. (විනය) උපසම්පදා භික්ෂුන් වහන්සේලා විසින් ප්රාතිමෝක්ෂ සංවරසීලය සඳහා පිළිපැදිය යුතු විනය නීති පද්ධතිය.
භික්ෂු විභංගය
නා. (විනය.) විනය පිටකයට අයත් උභතෝවිභංගයෙහි දෙකොටසින් එක් කොටසක් ; බුදුරජාණන් වහන්සේ භික්ෂූන් සඳහා පනවා වදාළ ශික්ෂාපද හා එහි පදභාජනිය.
භික්ෂු සංඝයා
නා. භික්ෂු සමූහය ; ශ්රමණ පිරිස.
භික්ෂුණිය
නා. භික්ෂුභාවය ලැබූ ස්ත්රිය ; බුද්ධ ශාසනයේ පැවිදි වූ ස්ත්රිය.
භික්ෂුණී ප්රාතිමෝක්ෂය
නා. (විනය.) භික්ෂුණී සංඝයාගේ ප්රාතිමෝක්ෂ සංවරශීල සංරක්ෂණය සඳහා බුදුරජාණන් වහන්සේ පනවා වදාළ විනය ව්යවස්ථා සංග්රහය.
භික්ෂුණී විභංගය
නා. භික්ෂුණීන් සඳහා පනවන ලද ශික්ෂාපද සංග්රහ කළ ග්රන්ථ කොට්ඨාසය.
භික්ෂුණී ශාසනය
නා. භික්ෂුණීන් සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම විනය හෝ ඒ ධර්ම විනය පිළිපදිනා ස්ත්රී පක්ෂය.
භික්ෂුත්වය
නා. පැවිදිබව ; ශ්රමණ භාවය.
භික්ෂුභූමිය
නා. භික්ෂු ජීවිතය ; භික්ෂුත්වය.
භික්ෂුව
නා. බුදු සසුනෙහි පැවිදි උපසපන් වූ තැනැත්තා ; අධිශීලය ආරක්ෂා කරන්නා.
භිඞ්ක
1. නා.ප්ර. ඇත් පැටවා ; ළදරු ඇතා.
2. බළල් පවුලට අයත් සිව්පාවකුගේ නාමය.
භිඞ්කාරය
නා. කෙණ්ඩිය ; කමඩලාව.
භිණ්ඩිවාල
නා.ප්ර. කුඩා හෙල්ල.
භිදකය
(පාරිභා.) නා. වෙන් කිරීමට යොදන දෙය ; තිරය ; ආවරණය.
භින්න
1. වි. බෙදුණු ; වෙන් වූ ; බිඳී ගිය ; කොටස් කිහිපයකට කැඩුණු.
2. අසමාන ; නොයෙක්.
3. විසන්ධි වූ ; කොටස්වලට ගැලවුණු.