සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1179
භාවී
1. වි. සිදුවනසුලු ; වන්නාවූ.
2. (පාරිභා.) බලපාන.
3. අනාගතයෙහි වන ; අනුමත වසයෙන් විශ්වාස කරන ; විශ්වාස කළ හැකි.
භාවීඵල
(පාරිභා.) නා.ප්‍ර. ලෙඩේ තත්ත්වය කලින් දැන සිටීම දැක්වීම.
භාවොද්දීපන
වි. හැඟීම් දනවන ; චමත්කාරජනක හැඟීම් උපදවන.
භාෂකයා
නා. කියන්නා ; කථා කරන්නා.
භාෂණය
නා. කීම ; කථා කිරීම.
භාෂ්‍යය
1. නා. කථාව ; කථනය කිරීම.
2. යම් මූලික ග්රන්ථයක් විවරණය කරමින් රචනා කළ ග්‍රන්ථය.
භාෂා තත්ත්ව විද්‍යාව
නා. විද්‍යානුකූල ලෙස භාෂා තත්ත්වය විමසා බැලීමේ ශාස්ත්‍රය ; යම් භාෂාවක් පිළිබඳ ගැඹුරට හැදෑරීම.
භාෂා පරිණාමය
1. නා.කාලය හා සමග භාෂා වෙනස්වීම.
2. ඒ වෙනස්වීම හා සම්බන්ධ ක්‍රියාවලිය.
භාෂා ප්‍රයෝග
නා.බහු. භාෂාවේ විවිධාකාර යෙදීම් ; භාෂාව ව්‍යවහාර කරන විධි.
භාෂා ව්‍යවහාරය
නා. භාෂාව භාවිත කිරීම ; බස්වහර.
භාෂා විපර්යාසය
නා. භාෂාවේ වෙනස් ආකාර ඇතිවීම ; බසේ වෙනස්වීම.
භාෂා සාම්‍යය
නා. අක්ෂර, පද, වාක්‍ය රීති ආදි අංගයන්ගෙන් භාෂා අතර ඇති සමානත්වය.
භාෂාන්තර
[භාෂා + අන්තර]
වි. වෙනත් භාෂා පිළිබඳ ; තම මවුබස හැර විවිධ භාෂා පිළිබඳ.
භාෂාන්තරය
නා. අන්‍ය භාෂා ; තම මාතෘ භාෂාව හැර වෙනත් භාෂා.
භාෂාව
නා. ලේඛනයට හෝ කථනයට මාධ්‍යය කොටගනු ලබන වාගාලාප ; අන්‍යෝන්‍යව අදහස් හුවමාරු කර ගැනීමට භාවිත කරන වාක්‍ය සමුදාය.
භාෂිත
වි. කියන ලද්දා වූ ; දේශනා කරන ලද්දා වූ.
භාෂිතය
නා. කියන ලද්ද ; දේශනා කරන ලද දෙය.
භාසමාන
වි. දිලිසෙන්නා වූ ; බබළන්නා වූ.
භාස්කර
1. නා.ප්‍ර. සූර්යයා ; හිරු.
2. ඖෂධීය ශාක වන කපුරු.
භාස්මිකතාව
(පාරිභා.) නා. කිසියම් අම්ල අණුවෙක ඇති ප්‍රතිස්ථාපනය කළ හැකි හයිඩ්රජන්වල පරමාණු ගණන.
භාසිත
1. වි. බබළන්නා වූ දිලිසෙන්නා වූ.
2. කියන ලද්දා වූ ; දේශනා කරන ලද්දා වූ.
භිංසනක
වි. භය උපදවන ; භය ජනක.
භිංසනය
නා. භය උපදවන්න ; භය දායකවූව.
භික්ඛාචාර මාර්ගය
නා. පිඬු පිණිස යන ගමන ; පිණ්ඩපාතය සඳහා කරන චාරිකාව.