සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1215
මහග්ගත
වි. උසස් (විශේෂයෙන් ලෝකෝත්තර) පුද්ගලයන්ට ම අයත් වන ; උසස් අය විසින් ) ම උපදවනු ලබන.
මහගිරිදඹේ
නා. සිරිපා කන්දෙහි ඉහළ තද බෑවුම් සහිත කොටස.
මහගු
වි. බෙහෙවින් අගනා ; ඉතා වටනා.
මහගෙ
1. නා. ලොකු ගෙය ; විශාල ගෙය.
2. මුල් ගෙය ; දෙමව්පියන්ට සම්බන්ධ ගෙදර.
3. ගෙදර ප්රධාන ස්ත්රිය ; බිරිඳ ;භාර්යාව.
මහජන
වි. රටේ සාමාන්ය ජනයා සම්බන්ධ ; පොදු ජනයා පිළිබඳ.
මහණ
වි. භික්ෂූත්වය හා සම්බන්ධ ; ශ්රමණ භාවයට අදාළ වූ.
නා.ප්ර. බුද්ධ ශාසනයෙහි පැවිදි වූ තැනැත්තා ; භික්ෂු නම ; ශ්රමණයන් වහන්සේ.
මහණ ගොයුම්
නා.ප්ර. භවත් ගෞතමයන් වහන්සේ ; බුදුරජාණන් වහන්සේ.
මහණ දම
නා. පැවිද්දන්ට අයත් ශිලාදී ගුණධර්මය ; ශ්රමණ ධර්මය.
මහණව
මහණුවම
නා. මහණකම ; මහණ කර්මය.
මහඬ
වි. නිශ්ශබ්ද.
මහඬු
වි. හොඳින් නොඇසෙන ; තරමක් බිහිරි.
මහත
1. නා. විශාල බව ; විශාලත්වය.
2. උසස් බව ; මහත් බව.
3. යමෙක පැත්තෙන් පැත්තට තිරස් ව හෙවත් හරහට පවතින දුර ප්රමාණය ; පරිණාහය.
4. ස්ථූල බව ; පිරුණු බව ; තර බව.
5. යමක් රඳා සිටීම සඳහා ගැනෙන ඉඩ ප්රමාණය.
මහත දෙහෙත
නා. ශරීරයක උස මහත.
මහත්
1. වි. කුඩා නොවූ ; ලොකු.
2. වෘද්ධ ; මහලු.
3. බොහෝ ; ඉතා අධික.
4. ලඝු නොවූ.
5. වටිනා අනර්ඝ.
6. ස්ථූල ; පුෂ්ටිමත්.
7. ශ්රේෂ්ඨ ; උත්තම.
8. අපරිමේය ; අප්රමාණ.
මහත් කරනවා
1. ක්රි. විශාල කරනවා ; ලොකු කරනවා.
2. ස්ථූල කරනවා ; පුෂ්ටිමත් කරනවා ; තර කරනවා.
3. (ගින්දර) දල්වනවා ; (ගින්න) බෝ කරනවා.
මහත්කම
1. නා. විශාලත්වය.
2. පූජ්ය බව ; පූජනීයත්වය.
3. මහාත්ම ගතිය.
මහත්ත්වය
1. නා. මහත් බව.
2. උතුම් බව ; ශ්රේෂ්ඨ බව.
මහත්තැන
නා. උසස් තත්ත්වයක සිටින තැනැත්තා ; සම්භාවනීය පුද්ගලයා.
මහත්මයා
1. නා. බුදු පසේබුදු රහත් ආදි උත්තමයා.
2. උසස් අදහස් ඇති ස්ථිර ගුණයෙන් ගුණයෙන් යුතු තැනැත්තා.
3. ඉහළ පදවියක හෝ තත්ත්වයක සිටින ලෙස සලකත තැනැත්තා.
4. (නව.) ගෞරවය පිණිස නාමාදියට හෝ පෞද්ගලික නාමයට අගින් යොදන පදයක්.
මහතා
1. නා. මහා සත්ත්වයා ; මහෝත්තමයා ; බෝධි සත්වයන්වහන්සේ.
2. රහතුන් වහන්සේ.
3. ප්රඥා මහත්ත්වයෙන් යුක්ත වූ තැනැත්තා ; මහා ප්රාඥයා.
4. උතුම් තැනැත්තා ; ශ්රේෂ්ඨ පුද්ගලයා
5. කුලවතා ; කුලීනයා.
6. ගෞරවය පිණිස පදවි නාමයට හෝ පෞද්ගලික නාමයට අගින් යොදන පදයක්.
මහද්වීප කරණය
(පාරිභා.) නා. මහාද්වීපවල උත්පත්තිය.
මහදැනමුත්තා
නා. සිංහල ජනකථාවල දැක්වෙන පරිදි, සියල්ල දන්නා තැනැත්තකු වශයෙන් පෙනී සිටිමින් ඉතා අනුවණ තීරණ ගන්නා කල්පිත චරිතයක්.