සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1216
මහදිව
නා. මහ දිවයින ; මහද්වීපය.
මහදෙවියා
නා. ඊශ්වර දෙවියා ; මහේශ්වරයා.
මහදේවිය
නා. අගබිසව ; අගමෙහෙසිය.
මහනගරසභාව
1. නා. ප්රධාන නගරයක පාලන කටයුතු සඳහා වූ මහජනයා විසින් තෝරාපත් කර ගත් සාමාජිකයන්ගෙන් සැදුම් ලත් ආයතනය.
2. එම නගර සභාවක බල ප්රදේශය.
මහන්තත්වය
1. නා. මහිමය ; උසස් බව.
2. උඩඟු බව ; ආඩම්බරය ; උදාරත්වය.
3. මහත් බව.
මහන්සිය
1. නා. වෙහෙස ; විඩාව ; තෙහෙට්ටුව.
2. උත්සාහය; වීර්යය ; ආයාසය ; ප්රයත්නය ; තැත.
මහනීය
වි. අතිශයින් සම්භාවනීය; ගරු කටයුතු.
මහපට ඇඟිල්ල
නා. අත්පාවල ඇඟිලි අතරින් ඒ ප්රධාන පේළියට මඳක් ඈත් ව කෙළවරෙහි පිහිටි කොට ඇඟිල්ල.
මහපතරංගය
නා. දිග කථාව ; ඉමක් කොනක් නැති කථාව.
මහපවුල්
මහප්රාණ අක්ෂර
මහාප්රාණ අක්ෂර බ.
මහපා
[මහ + පා]
1. නා. ඔටුන්න හිමි කුමාරයා ; යුවරජ ; මහාදිපාදයා.
2. (ප්රමාණයෙන් විශාල වූ) භාජනය ; මහා පාත්රය.
මහපියා
නා. පියා ගේ වැඩිමහල් සොහොයුරා ; මහප්පා.
මහපුරිස්
වි. මහා පුරුෂයන් හා සම්බන්ධ ; බුද්ධාදි ශ්රේෂ්ඨ උත්තමයන් පිළිබඳ.
මහපුරිස් ලකුණු
නා.බහු. සම්බුද්ධ සහ චක්රවර්ති උතුමන්ගේ ශරීරයෙහි පිහිටි විශේෂ ලක්ෂණ ; දෙතිස් මහා පුරුෂ ලක්ෂණ.
මහපුරිසා
නා. බුද්ධාදි ශ්රේෂ්ඨ පුරුෂයෝ.
මහබල
1. නා.ප්ර. රසදිය.
2. කාන්දම්.
මහබා
මහබිනික්මන
නා. බුද්ධත්වය ලබා ගැනීම සඳහා බෝධිසත්වයකු ගිහිගෙය අත්හැර පැවිදි වීමට යාම ; මහාභිනිෂ්ක්රමණය.
මහබෝ
1. නා.ප්ර. ජය ශ්රී මහා බෝධීන් වහන්සේ ; බුදු බව ලැබීමේ දී උපකාර වූ ශ්රේෂ්ඨ වෘක්ෂය ; බෝධි වෘක්ෂය ; උතුම් බෝධි වෘක්ෂය.
2. ඒ මුල් බෝධීන් වහන්සේගෙන් පැවත එන අන් බෝධි වෘක්ෂ.
මහබෝ අරක්නා
නා.ප්ර. ශ්රී මහාබෝධීන් වහන්සේගේ ආරක්ෂක නායකයා.
මහබෝගෙය
නා. මහාබෝධිය ආරක්ෂාවට එය වට කොට තැනූ ගෙය.
මහමඟුල
(කථා.) නා. කාන්තාවක් පාවා දීමෙන් අනතුරුව මුල් වරට ඇය බලන්ට ඇය ගේ පක්ෂයේ නෑයන් ඒම පිළිබඳ උත්සවය ; දෙවැනි ගමන.
මහමඩුව
නා. මහා මණ්ඩපය ; රාජ මණ්ඩපය ; මහමඩිය.
මහමත්
1. නා.ප්ර. මුස්ලිම් ආගමේ ආරම්භකයා ; මහමත්තුමා.
2. මුස්ලිම්වරුන්ගේ ආගම.
3. මුස්ලිම් ආගම අදහන අය.