සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1294
යාන්ත්‍රික විද්‍යාව
(පාරිභා.) නා. වස්තු කෙරෙහි බල ක්‍රියා කරන අන්දම හැදෑරීමේ ශාස්ත්‍රය ; බල විද්‍යාව.
යාන්ත්‍රික ශක්තිය
(පාරිභා.) නා. යන්ත්‍ර සූත්‍රයන්හි බලය ; යාන්ත්‍රික බලවේගය.
යාන්ත්‍රික ස්මරණය
නා. අර්ථයන් ගැන නොසලකා පුරුද්දෙන් කෙරෙන සිහි කිරීම.
යාන්ත්‍රික සුචිකරණය
නා. පරිගණක මගින් ග්රන්ථ විද්‍යාත්මක විඥාපන හුවමාරු කරගැනීම සඳහා පොදු දත්ත රූපණ යොදා ගැනීම.
යාන්ත්‍රිකත්වය
(පාරිභා.) නා. ඉබේ සිදුවන බව ; පුරුද්දට මෙන් සිදුවීම.
යාන්ත්රිකතාවාදය
(පාරිභා.) නා. සතුන්ගේ චලිතය වැනි දේ යාන්ත්‍රික නියමයන් අනුව සිදු වෙතැයි ද, සතුන් බුද්ධියක් රහිත යන්ත්‍ර වෙතැයි ද සලකන වාදය.
යාන්ත්‍රිකයා
(පාරිභා.) නා. යන්ත්‍ර සූත්‍ර පිළිබඳ අවබෝධය ලත් කාර්මික ශිල්පියා.
යානාරාසන
නා.බහු. යකඩ උල්; යකඩ කූරු.
යානී
නා.ප්‍ර. රථයේ නැගී යන්නා ; වාහනයේ ගමන් කරන්නා.
යාපනය
නා. යැපීම ; පැවැත්වීම ; පෝෂණය වීම.
යාප්පුව
නා. යටහත්භාවය ; අයැදීම ; බැගෑපත්බව ; පින්සෙණ්ඩුව.
යාප්‍ය
වි. සහනය කළ හැකි වූ ; දුක සේ පිළියමින් සාධ්යබව ලැබිය යුතු ; සාධ්‍ය ද අසාධ්‍ය ද අතර වූ.
1. නා.ප්‍ර. (ශරීරයාගේ) පැවැත්ම.
2. තාවකාලික සුවයට පැමිණවීම.
යාපා
නා. පැරණි රාජ්‍ය පදවි නාමයක් ; ආදිපාදයා ; යුවරජ.
යාබද
වි. ළඟ ළඟ පිහිටි ; අසල ; සමීපස්ථ ; අනුබද්ධ.
යාබද කලාපය
නා. අනන්තර ව පිහිටි දේශගුණික ප්‍රදේශ ඛණ්ඩය ; අනුබද්ධ කලාපය.
යාබද පාදය
නා. කෝණයට සම්බන්ධ වූ පාදය ; කෝණයක් සෑදීමට එක් වූ පාදය.
යාබද ශීර්ෂ
නා.ප්‍ර. ත්‍රිකෝණයක පාදයට අනුබද්ධ ප්රතිමුඛ (ඉදිරියෙන්) වූ කෝණ ; ශීර්ෂ.
යාබැඳිය
(පාරිභා.) නා. සමීපත්වය ; සාමීප්යය ; එකට බැඳුණු බව.
යාබෝගය
නා. ප්‍රධාන ශෂ්යයට අතිරේක ව වගා කරන බෝගය.
යාමකය
නා. පාලනය කරන උපකරණය ; ක්‍රමවත් කරන උපකරණය.
යාමකාලික
වි. දවසක කාලය තුළ පරිභෝගකට හැකි.
යාමකාලිකය
නා. (විනය.) දවසක කාලය තුළ වළඳන්නට සුදුසු දේ.
යාමත්රයය
නා. රාත්‍රිය බෙදෙන යාම තුන ; පූර්ව යාමය, මධ්‍ය හා පශ්චිම යන තුන් යාම.
යාමතාලිය
නා. වේලාව හැඟවීමට ඝණ්ටාවක් ලෙස ගසා නාද කළ තැටියක් බඳු උපකරණය.