සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1376
රෝද පුටුව
නා. රෝගීන්, අංගවිකල වූවන් ආදීන් ඔබමොබ ගෙන යාම පිණිස භාවිත කරන විශාල රෝද සහිත පුටුව.
රෝදනය
නා. ඇඬීම ; විලාපය.
රෝදන්තයා
(පාරිභා.) නා. ලේනුන්, මීයන් වැනි සතුන් ඇතුළත් ගණයට අයත් සතා ; ලෑටිගාන්නා.
රෝදමාන
වි. හඬන ; වැලපෙන.
රෝදය
නා. ලී, ලෝහ වැනි ඝන ද්රව්යයකින් තනන ලද ලොකු වළල්ලක් වැනි උපකරණයක් ; චක්රය.
රෝධක
වි. අවහිර කරන ; බාධා කරන ; වලක්වන.
රෝධක අවර තලය
(පාරිභා.) නා. වාහනයක රෝධක එකලස සවි කරනු ලබන කවාකාර ලෝහ තලය.
රෝධක අශ්වක්ෂමතාව
(පාරිභා.) නා. ඇන්ජිමකට හෝ විදුලිය මෝටරයකට හෝ ලබාගත හැකි අශ්ව බලය.
රෝධක තෙල්
(පාරිභා.) නා.ප්ර. මෝටර් වාහනවල ද්රාව රෝධක පද්ධතියේ ක්රියාකාරිත්වය පිණිස යොදන තෙල් වර්ගයක්.
රෝධක පද්ධතිය
(පාරිභා.) නා. මෝටර් වාහනවල රෝධක කාර්යය පිළිබඳ ව ඇති උපකරණ සමූහය.
රෝධක පළුව
(පාරිභා.) නා.ප්ර. මෝටර් රියෙහි රෝධක පාදිකය පාගන විට රෝධක බෙරයට තදවන කොටස.
රෝධක පාදිකය
(පාරිභා.) නා. මෝටර් වාහනයක වේගය කැඩීම සඳහා පෑගීමට ඇති ඵලකය.
රෝධක පෝරු
(පාරිභා.) නා.ප්ර. වාහනයක රෝධක බඳ හා රෝධක පළු අතර ඝර්ෂක ද්රව්යය වශයෙන් යොදා ඇති ආස්තර පෝරුව.
රෝධක බඳ
(පාරිභා.) නා.ප්ර. මෝටර් වාහනයක රෝධක පළු තදවීමෙන් ගමන් වේගය අඩු කිරීමට හෝ නතර කිරීමට හැකිවන අයුරින් රෝද හා සම්බන්ධ කොට ඇති රෝධක එකලස් කොටස ; රෝධක බෙරය.
රෝධකය
1. නා. බාධාව ; ප්රතිරෝධය.
2. (පාරිභා.) රථයක ගමන් වේගය අඩු කිරීම හා ධාවනය නවත්වාලීමට අතින් හෝ පයින් තද කරන උපකරණය ; තිරිංගය.
රෝධඝටිය
(පාරිභා.) නා. ක්ෂණයකින් දුවවීමට හෝ නැවැත්වීමට හැකි ලෙස සකසන ලද කටුවලින් සමන්විත ඔර්ලෝසුවක් ; විරාම ඝටිය.
රෝධන
වි. බාධා කරන ; වළක්වන ; අවහිර කරන.
රෝධනය
1. නා. බාධාව ; අවහිර කිරීම; වැළැක්වීම.
2. (පාරිභා.) අවයවයක් විකසනය වීම ඇණහිටීම ; අසම්පූර්ණ වර්ධනය.
රෝධනිය
(පාරිභා.) නා. නළයකට යොදන ඇබය ; නළ කරාමය.
රෝධය
1. නා. වැළැක්වීම ; සම්බාධකය.
2. බන්ධනාගාරය ; සිරගෙය.
3. පැවැත්ම.
රෝධස්
නා.ප්ර. ඉවුර ; වෙරළ ; තීරය.
රෝධිත කම්පනය
(පාරිභා.) නා. දුබල බවට පත් කළ චලනය.
රෝන්දය
(කථා.) නා. සෙල්ලම් සවාරිය ; නිදැල්ලේ යන ගමන ; තැන් තැන්වල ඇවිදීම.
රෝනියෝ යන්ත්රය
නා. අකුරු සටහන් ආදිය කපන ලද ස්ටෙන්සිල් කඩදාසියක ආධාරයෙන් එහි පිටපත් ලබාගන්නා උපකරණය.