සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1379
ලංකේශ්වරයා
[ලංකා + ඊශ්වරයා]
නා. ලංකාවෙහි රජු ; ලංකාවට අධිපතියා ; ලංකාවෙහි නායකයා.
ලංඝනය
1. නා. පැනීම ; උඩ පැනීම ; නැගීම ; තරණය කිරීම.
2. ඉක්ම වී යෑම ; අත්හැර දැමීම.
3. ආහාර ගැනීමෙන් වැළකී සිටීම ; නිරාහාරය.
ලංසය
නා. අනින ආයුධ විශේෂයක් ; හෙල්ල ; කුන්තය ; තෝමරය.
ලංසි
වි. ඕලන්ද වාසි ; ඕලන්දක්කාර ; ලන්දේසි.
1. නා.ප්ර. ඕලන්දයේ ස්වදේශිකයා ; නෙදර්ලන්ත ජාතිකයා ; ලන්දේසියා.
2. ශ්රී ලංකාවේ බර්ගර් ජන වර්ගයට අයත් පිරිස අතරින් ඕලන්දක්කාරයන්ගෙන් පැවතෙන්නා.
ලංසිතෝම්බුව
නා. පෘතුගීසීන්ගේ හා ලන්දේසීන්ගේ පාලනයට නතු වූ ප්රදේශවල පුද්ගලයන් හා ඉඩකඩම් පිළිබඳ විස්තර සඳහන් ලේඛනය.
ලංසුව
නා. වෙන්දේසියක දී භාණ්ඩයක් සඳහා මුල දීම ඉල්ලන ගණන; වෙන්දේසියේ ආරම්භක මිල.
ලක
1. නා. ශ්රී ලංකාව ; සිංහල ද්වීපය ; තාම්රපර්ණීය.
2. ඉලක්කය ; අරමුණ ; කුරුමානම ; ලක්ෂ්යය.
3. ලකුණ වශයෙන් තබා ගනු ලබන්න.
4. හැඩහුරුකම ; හැඩය ; පිළිවෙළ.
5. සියක් දහස ; ලක්ෂය.
ලකපති
නා.ප්ර. ලක් රජ ; ලංකාධිපති.
ලකඹර
1. නා.ප්ර. ලංකාව නමැති අහස.
2. ලංකාවේ අහස.
ලකය
1. නා. පිළිවෙළ ; ක්රමය ; විදිය ; හැඩහුරුව.
2. වියත.
3. ලකුණ.
4. නළල.
ලකර
1. නා.ප්ර. හැඩහුරුව ; ලක්ෂණය ; අලංකාරය.
2. (ශරිරය සරසන) ආභරණ ; පිලන්ධන.
3. අලංකාර ශාස්ත්රය ; කාව්යාලංකාර.
ලකල්
වි. අලංකාර ; ලක්ෂණ.
ලකවල්ලිය
නා. මිදුල අතුගාන උපකරණය ; ඉදල ; බෝලත්ත.
ලකවල්ලියා
නා. ගොයම් මඩවන මීමා.
ලකවැළ අවිය
නා. අවු වැසි සඳහා ඉසලන උපකරණය ; කුඩය.
ලකවේදය
නා. ඉලක්කය නොවරදවා විදීමේ ශාස්ත්රය ; ලක්ෂ්ය වේදය.
ලකළ
වි. අලංකාර කළ; අලංකෘත ; ශෝභමාන වූ.
ලක්
1. නා.ප්ර. එල්ලය ; ඉලක්කය ; ලක්ෂ්යය.
2. නිදසුන ; උදාහරණය ; නිදර්ශනය.
3. ලංකාව පිළිබඳ හෝ ඊට අයත්.
4. ගණනකට ගන්නා දෙය ; අලගුව.
5. ශ්රී කාන්තාව ; ලක්ෂ්මිය.
6. වාසනාව ; භාග්යය.
ලක් කරනවා
ක්රි. ඉලක්කය කර ගන්නවා ; එල්ල කරගන්නවා ; යොමු කරනවා ; භාජනය කරනවා.
ලක් තබනවා
1. ක්රි. උදාහරණ දක්වනවා ; සමාන කර පෙන්වීමට ලක්ෂ්ය තබනවා.
2. ඔට්ටු අල්ලනවා ; ඔට්ටු තබනවා.
3. ප්රමාණ කරනවා ; අලගු තබනවා.
ලක්කැලිය
1. නා. ඉලක්කය ලක්ෂයය.
2. ලක්ෂ්මිය ; ශ්රී කාන්තාව.
ලක්ඛණ
1. නා.ප්ර. ශරීරයෙහි පිහිටා ඇති සලකුණු ; චිහ්න.
2. සංස්කාර ධර්මයන්ගේ අනිත්ය දුක්ඛ අනාත්ම යන ලක්ෂණ තුන.
ලක්ඛණි
නා.ප්ර. ලකුණින් දැනගන්නා අර්ථය ; ආරෝපිත අර්ථය.
ලක්තකය
1. නා. ඉරිගිය රෙද්ද ; වැරහැල්ල.
2. ලාකඩ ; ලාකිරි.