සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1378
රෝඹුව
1. නා. ලෝම ගස ; රෝමය.
2. ස්වල්පය.
රෝයල්ටිය
1. නා. ඉඩම්, පතල් ආදිය හිමියාට ඔහුගේ අයිතිය වෙනුවෙන් ගෙවිය යුතු මුදල.
2. පොත් කර්තෘවරයාට පොතේ අයිතිය වෙනුවෙන් ගෙවන දීමනාව.
රෝල
1. නා. කඩදාසි, පැදුරු වැනි දෑ හකුලා ගැනීමෙන් ඇති වන දිග සිලින්ඩාකාර මිටිය.
2. දිග සිලින්ඩාකාර භාණ්ඩය.
3. එවන් අවයවයක් ප්‍රධාන අංගය වශයෙන් ඇති ව පිට්ටනි, පාරවල් ආදිය මට්ටම් කිරීමට භාවිත වන බර උපකරණය ; රෝලරය.
4. (කථා.) ලැයිස්තුව ; වට්ටෝරුව.
රෝල(ර්) බරුව
නා. රථ වාහනවල රෝදවල ගැටීම අඩු කිරිම පිණිස යොදන මෙවලම ; රෝල(ර්) බෙයාරිම.
රෝල(ර්) මුද්‍රණය
(පාරිභා.) නා. තීන්ත යොදන ලද තඹ රෝල් මඟින් රෙදි මුද්‍රණය කිරිම.
රෝලර්
නා.ප්‍ර. මුද්‍රණ යන්ත්රාදියෙහි කඩදාසි හෝ රෙදි වැනි දේ දිවවීමට පිළියෙල කොට ඇති රෝල් විශේෂයක්.
රෝෂ
වි. කෝපයට පත් ; කිපුණු.
රෝෂය
නා. කෝපය ; තරහ.
රෝස
1. නා.ප්‍ර. වර්ණයෙන් යුත් මල් වර්ගයක් ; සෙව්වන්දිය.
2. ළා රත් වර්ණය ; රෝස පාට.
රෝහණ
1. නා.ප්‍ර. සමනොළ කන්ද සඳහා පුරාණයෙහි යොදන ලද සංස්කෘත නාමය.
2. වැඩීම ; වර්ධනය.
3. පුරාණ ලංකාව බෙදූ ප්‍රධාන කොටස් තුනෙන් එකක් ; රුහුණු රට.
රෝහණ කම්මිකයා
නා. අනුරාධපුර අවධියේ දී අයබදු අය කිරීම සඳහා රුහුණු දනවුවට යැවූ නිලධාරියා.
රෝහණය
නා. වැඩීම ; වර්ධනය.
රෝහල
නා. ආරෝග්‍ය ශාලාව ; ඉස්පිරිතාලය.
රෝහිණි
1. නා. නැකතක්.
2. සමෙහි ඇති පටක හතෙන් එකක්.
3. විදුලිය.
4. එළදෙන.
රෝහිත
1. නා.ප්‍ර. රතුපාට ; රතු.
2. ලේ ; රුධිරය.
3. දේදුන්න.
4. රක්ත වර්ණ මුව විශේෂයක් ; රතුමුවා.
5. රතුපැහැයෙන් යුතු මත්ස්‍ය විශේෂය ; ලේල් මත්ස්‍යයා.
රෝහිත සෛටය
(පාරිභා.) නා. පෘෂ්ටවංශීන්ගේ රතු රුධිරාණු සෛලය.
රෝහිතිමාව
(පාරිභා.) නා. හම රතුවීමේ රෝගයක් ; එරිතිමාව.
රෞද්‍ර
වි. බිහිසුණු ; චණ්ඩ ; කුරිරු ; නපුරු.
රෞප්ය
නා.ප්‍ර. රජත ; රිදී.
ල
මිශ්‍ර සිංහල හෝඩියේ තෙවැනි අන්තඃස්ථාක්ෂරය.
නි. ශ්රැති සුවනාර්ථයෙහි හෙවත් ඇසූ දෙයක් බව ඇඟවීමෙහි යෙදෙන නිපාතයකි ; ලනවා යන ක්‍රියා අර්ථය දෙන රූපයෙහි ධාතු රූපය යි.
ලංකා
1. නා.ප්‍ර. ඉන්දියන් සාගරයේ ඉන්දියාවට දකුණින් පිහිටි දිවයිනක් ; ලක්දිව ; ශ්‍රී ලංකාව ; තාම්රපර්ණීය.
2. රාවණ මහරජුගේ අගනුවර.
ලංකා මල් අවිච්චියා
නා. කඳුකර ප්‍රදේශවල ගැවසෙන කුඩා පක්ෂි වර්ගයක්.
ලංකාගමනය
නා. ලක්දිවට පැමිණීම ; ලංකා සම්ප්‍රාප්තිය.
ලංකාධිපත්යය
නා. ලංකාවේ අධිපතිකම ; ලංකා පාලනයේ ප්‍රධානත්වය.