සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 150
අභිසාරිතාව
1. (පාරිභා.) නා. පොදු කේන්ද්රස්ථානයක් හෝ ලක්ෂ්යයක් හෝ මත (රේඛා හෝ කිරණ හෝ) එක් වෙන ස්වභාවය; යම් ශ්රේණියකට අයත් පදවල ඓක්යය නිශ්චිත සීමාවක් කරා ආසන්න වන ස්වභාවය (=convergence).
2. (පාරිභා.) නා. අනුක්රමයෙන් අග්ර එකිනෙකට ළංවීම.
3. (පාරිභා.) නා. ආරම්භයේදී වෙනස් ජීවීන්ගේ හෝ සමූහයන්හි හෝ ඇතැම් ලක්ෂණයන්හි සමානකමක් ඇතිවන පරිදි පරිණාමය වීම (=convergence).
අභිසාරී
1. වි. කාමසේවනය සඳහා පුරුෂයන් නියම කළ තැනට යන.
2. වි. පොදු කේන්ද්රස්ථානයක් හෝ ලක්ෂ්යයක් හෝ මත එක් වෙන.
අභිසාරීකිරණ
(පාරිභා.) නා.බහු. පොදු කේන්ද්රස්ථානයක් හෝ ලක්ෂ්යයක් හෝ මත එක් වෙන රශ්මි (=convergent rays).
අභිසිඤ්චනය
නා. මනා සේ ඉසීම.
අභිසෙව්
නා.ප්ර. සේවනය; නිතර සේවනය කිරීම.
අභිහත
වි. පහර දෙන ලද; ගැසූ.
අභිහනනය
නා. වේගයෙන් ගැසීම; ගැටීම; අභිඝාතය.
අභිහිතය
නා. (ව්යාක.) ප්රකාශ කරන ලද්ද; උක්තය.
අභීක්ෂ්ණ
ක්රි.වි. නිතර; අනවරතයෙන්.
අභීත
වි. භය නැති; නිර්භීත.
අභීත නාදය
1. නා. නොබිය ව කරන ප්රකාශය; ප්රබල ශබ්දය; නිර්භය දේශනාව.
2. නා. සිංහ නාදය.
අභීප්සා
(පාරිභා.) නා.ප්ර. (දර්ශන.) ආශාව මෙහෙයීම (=appetition).
අභීප්සිත
වි. විශේෂයෙන් කැමති වන ලද ; ආශාවෙන් බලාපොරොත්තු වන ලද; විශේෂයෙන් අදහස් කළ; අභිලෂිත.
අභීරු
වි. භය රහිත; නිර්භීත; බිය නැති.
අභීෂ්ට
වි. බෙහෙවින් රුචි කළ; විශේෂයෙන් කැමති වූ.
අභීෂ්ටාර්ථය
නා. කැමති දෙය; සිතූ පැතූ දෙය; අභිමතාර්ථය.
අභූත
වි. නොවූ; නැති; අසත්ය; බොරු.
අභූතපූර්ව
වි. පෙර නොවූ; පෙර නොපැවති.
අභූතය
නා. සිදු නොවූ දෙය; බොරුව; අසත්යය.
අභූත් කර්මය
නා. අහෝසිකර්මය; විපාක නොදෙන බවට පැමිණි කර්මය.
අභූමි
නා.ප්ර. නුසුදුසු බිම; අයෝග්ය භූමිය.
අභූෂිත
වි. සරසනු නොලැබූ; භූෂණය නොකරන ලද; අනලඞ්කෘත.
අභේද
1. වි. නොබෙදුණු; නොකැඩුණු.
2. වි. නොවෙනස්; සමාන; අභින්න.
අභේදකාය
නා.ප්ර. (බෝධි චිත්තය උපදවා ගත් බෝසතුන්ගේ ශරීර සේ) බැඳීමක් කැඩීමක් ලේ වැගිරීමක් නොවන ශරීරය; තුවාල කළ නොහැකි ශරීරය.