සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1568

විහින් කරගන්නවා

(කථා.) ක්‍රි. තමන්ගේ ම ක්‍රියාවෙන් තමනට විපත් සලසා ගන්නවා.

විහිර

1. නා.ප්‍ර. විහර බ.
2. බාහිර ; පිටස්තර.

විහිර සැමියා

නා. සැමියාගෙන් බැහැරි පෙම්වතා ; සොර සැමියා ; ජාරයා ; රහස් පෙම්වතා.

විහිරනවා

ක්‍රි. විසුරුවනවා ; පතුරනවා.

විහිරුව

නා. කමත ; ගොයම් පෑගීම සඳහා සකස් කර ඇති තැන.

විහිරුවනවා

ක්‍රි. විසිර හරිනවා ; වගුරුවනවා ; යොදවනවා

විහිළුතහළු

නා.ප්‍ර. සරදම් ; කවටකම්.

විහීන

වි. තොර වූ ; අතිශයින් ම හීන ; බොහෝ සෙයින් අඩු.

විහෙසන

නා.ප්‍ර. වෙහෙසීම ; අවමන් කිරීම ; පරිහාසය.

විහේඨිත ව්‍යාපාරය

නා. සුළු වැටුපක් සඳහා බොහෝ වෙහෙස මහන්සි විය යුතු ව්‍යාපාරය නොහොත් කාර්යය.

විහේසක කර්මය

නා. සංඝයාට අවමන් කොට, අධිකරණයෙහි දී නිහඬ ව සිටින භික්ෂූන් වෙත නියම කර ඇති විනය කර්ම විශේෂයක්.

විහේසා

නා.ප්‍ර. අනුන්ට බැණීමෙන්, තර්ජනයෙන්, කරදර කිරීමෙන් වෙහෙසන ස්වභාවය.

විළම්බනය

නා. විහිළුව ; කෝළම ; වෙස්වළා ගැනීම ; අනුකරණය.

විළි

නා.ප්‍ර. ලජ්ජාව ; පීඩාව ; කොහොල් ගතිය.

විළි පහරනවා

ක්‍රි. දරු ප්‍රසූතියට උත්සාහ කරනවා ; ප්‍රසව වේදනාවෙන් යුක්ත වෙනවා ; විළි රුදාව හටගන්නවා.

විළි ලනවා

1. ක්‍රි. විළි පහරිනවා.
2. වීරිය කරනවා ; උත්සාහ කරනවා ; තටමනවා.

විළිකඩ

නා.ප්‍ර. විළිය වසන වස්ත්‍රය ; විශේෂයෙන් කාන්තාවන් විසින් යටට අඳිනු ලබන වස්ත්‍රය ; යට ඇඳුම.

විළිකුන්

වි. ඉදුණු ; පැසුණු ; බෙහෙවින් මුහුකුරා ගිය.

විළිබර

වි. ලජ්ජාවෙන් භරිත ; අධික ලජ්ජාව සහිත ; විළියෙන් බරවුණු.

විළිබිය

නා.ප්‍ර. ලජ්ජාව සහ භය ; හිරිඔතප් දෙක.

විළිබිරු

නා.ප්‍ර. ලජ්ජා භය.

විළිරදය

නා. ප්‍රසූතයේදී ඇතිවන වේදනාව ; විළිරුදාව.

විළිරෑන

නා. විළි පැහැරීමේ දී ඊට පහසු වනු පිණිස නැඟිට අල්ලා ගැනීමට සිරස්ව බැඳ ඇති ලණුව.

විළිලජ්ජාව

නා. දැඩි ලැජ්ජාව ; විළිය.