සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1646
සංක්‍රමණ කලාපය
(පාරිභා.) නා. පාරිසරික ප්‍රජා වර්ග අතර සංකලනය සිදු වන කලාපය.
සංක්‍රමණ දෙපාර්තමේන්තුව
නා. ආගමනය හා විගමනය පිළිබඳ රාජ්‍ය පරිපාලන ආයතනය.
සංක්‍රමණ පාලක
නා.ප්‍ර. ආගමන - විගමන පාලනය කරන නිලධාරියා.
සංක්‍රමණ ලක්ෂ්‍යය
(පාරිභා.) නා. එක් ස්ඵටිකරූපී ආකාරයක් අනෙක් ඝන ආකාරයක් බවට පත් වන උෂ්ණත්වය.
සංක්‍රමණිකයා
නා. තැනින් තැනට යන තැනැත්තා.
සංක්‍රාන්ති
වි. ඇති තත්ත්වයෙන් වෙනස් වන ; තිබූ තත්ත්වයෙන් අනෙකකට පෙරළෙන.
සංක්‍රාන්ති කෝණය
(පාරිභා.) නා. විද්‍යුත් චුම්බක හෝ ධ්වනික හෝ විකිරණයේ පූර්ණ පරාවර්තනය පිළිබඳ වූ කෝණයක් ; අවධි කෝණය.
සංක්‍රාන්ති මානය
(පාරිභා.) නා. සංක්‍රමණය වන නක්ෂත්ර වස්තු නිරීක්ෂණය සඳහා අනුවර්තිත දුරේක්ෂ උපකරණය.
සංක්‍රාන්තිය
1. නා. පැවතුණු තත්ත්වයෙන් වෙනස් තත්ත්වයකට පෙරළීම හෝ යෑම ; භවයෙන් භවයට යෑම.
2. ග්‍රහයන් සිටින රාශියෙන් වෙනත් රාශියකට මාරු වීම.
සංක්‍රාම
(පාරිභා.) වි. කොටසකින් ගෙන තවත් කොටසකට බෙදා දෙන ; සංක්‍රමණය කරවන.
සංක්‍රාම වැය
නා.ප්‍ර. භාණ්ඩ හා සේවා පරිභෝජන බලය කෙනකුගෙන් අන්‍යයකුට පැවරීම ; සංක්‍රමණය කරනු ලබන වියදම.
සංක්‍රාමක
1. වි. කෙනකුගෙන් තවත් කෙනකුට පැතිරෙන ; බෝවෙන ; ආසාදක.
2. පැමිණි.
සංක්රාමය
නා. එකකින් අනෙකකට ගමන් කිරීම ; මාරු කිරීම.
සංක්‍රාම්‍යතාව
(පාරිභා.) නා. 1. රෝගයක් බෝවීමට ඇති හැකියාව.
2. මාරු කිරීමට හෝ වෙන්නට ඇති හැකියාව ; සංක්‍රමණයවීමට ඇති හැකියාව.
සංකා විනෝදනය
නා. සැක නැති කිරීම.
සංකාර
නා.ප්‍ර. කුණු ; කසල.
(පාරිභා.) වි. කසල ගොඩේ වැඩෙන.
සංකාර කූටය
නා. කහල ගොඩ ; කුණු ගොඩ.
සංකාර චෝල
නා.ප්‍ර. කුණුගොඩෙහි වූ වස්ත්‍රය ; කසල ගොඩෙහි දැමූ වස්ත්‍ර කැබැල්ල හෝ වස්ත්‍රය.
සංකාර ශාකය
(පාරිභා.) නා. කසල ගොඩවල වැඩෙන පැළෑටිය.
සංකාරු
නා.ප්‍ර. ලෝහ වර්ගයක් ; පිත්තල.
සංකාව
1. නා. සැකය ; විචිකිච්ඡාව ; කුකුස ; අනුමානය.
2. බලවත් සිත් තැවුල ; ශෝකි පාළු ගතිය.
සංකාශ
වි. සමාන වූ ; තුල්‍ය වූ.
සංකාසන
නා.ප්‍ර. කෙටියෙන් කීම ; සැකෙවින් දැක්වීම.