සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1647

සංකිත

වි. සැක සහිත ; සංකා සහිත.

සංකිරණ

(පාරිභා.) නා.ප්‍ර. යමක සෙසු කොටස්වලට වඩා සිහින් වූ ස්ථානය.

සංකිලිට්ඨ

වි. කෙලෙසන ලද.

සංකිලේස

නා.ප්‍ර. කෙලෙස් හේතුකොට ගෙන ඇති වන කිළිටි බව.

සංකීර්ණ

1. වි. සරල නොවූ ; දුරවබෝධ ; ව්‍යාකූල.
2. මිශ්‍ර ලක්ෂණ සහිත වූ ; බොහෝ අංගෝපාංග ඇති ; විවිධාකාර.
3. ගැවසී ගත් ; සමුපලක්ෂිත.

සංකීර්ණ අයනය

(පාරිභා.) නා. ව්‍යාකූල ලක්ෂණවලින් යුක්ත පරමාණු ගණයක් ; සරල අයන නිර්මාණය වීම අරබයා කොටස් බවට වෙන් වන අයනය.

සංකීර්ණ ඒකකය

(පාරිභා.) නා. නිරපේක්ෂ අගය ; සරල නොවූ සංඛ්‍යාව.

සංකීර්ණ පත්‍රය

(පාරිභා.) නා. කුඩා කොටස්වලින් යුක්ත කොළය.

සංකීර්ණ පද

(පාරිභා.) නා.බහු. සරල නොවන පද ; අංග ප්‍රත්‍යංග බහුලව ඇති පද.

සංකීර්ණ ප්‍රතිබද්ධය

(පාරිභා.) නා. සර්ව සම වූ තාත්වික කොටස් ද ලකුණින් පමණක් එකිනෙක වෙනස් වන අතාත්වික කොටස් ද සහිත සංකීර්ණ සංඛ්‍යා යුගලයකින් කොයියම් හෝ එක් සංඛ්‍යාවක්.

සංකීර්ණ මූට්ටුව

(පාරිභා.) නා. මූට්ටු කීපයක් එක් කිරීමෙන් තනනු ලබන දැව මූට්ටු විශේෂයක්.

සංකීර්ණ යන්ත්‍ර

නා.ප්‍ර. සරල යන්ත්‍ර විවිධ ආකාරයට වෙනස් කිරීමෙන් තනා තනා ගන්නා යාන්ත්‍රික උපක්‍රමය.

සංකීර්ණ රාශිය

(පාරිභා.) නා. සරල නොවූ අගය ප්‍රකාශය ; ආකූල රාශිය.

සංකීර්ණ විකල්පනය

(පාරිභා.) නා. සරල නොවූ විවිධ කල්පනාව ; ව්‍යාකූල සංකල්පලය.

සංකීර්ණ විචල්‍යය

(පාරිභා.) නා. දෙන ලද කරුණු සමූහයක යම් අවිනිශ්චිත අවයවයක් නියෝජනය කිරීම සඳහා භාවිත කරනු ලබන සංකේතය.

සංකීර්ණ විභාගය

(පාරිභා.) නා. ගැඹුරින් විභාග කිරීම ; තියුණු පරීක්ෂණය.

සංකීර්ණ විහරණය

නා. මිශ්‍ර වාසය ; කීප දෙනකු එකට එක් ව විසීම.

සංකීර්ණ සංඛ්‍යාව

(පාරිභා.) නා. කොටසක් තාත්වික වූ ද, කොටසක් කල්පිත වූ ද ගණන.

සංකීර්ණ සංයෝගය

(පාරිභා.) නා. පිටි සහ සීනි නිදසුන් වශයෙන් ගත හැකි සරල නොවන රසායනික සංයෝගයක්.

සංකු

1. නා.ප්‍ර. උල ; කුර ; හෙල්ල.
2. කණුව ; ස්තම්භය.

සංකුංචනය

(පාරිභා.) නා. කුඩා වීම ; හැකිළීම.

සංකුචිත

වි. හැකුළුණ ; වැසී තිබුණු ; නොපිපුණු.

සංකුපථ

නා.ප්‍ර. කණු, උල් ආදිය මත ඉදිකරන ලද මාර්ගය.

සංකුල

1. වි. අවුල් වූ.
2. (පාරිභා.) අධික තදවීම් සහිත.