සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1671
සංසාධ්යතාව
(පාරිභා.) නා. සදාචාර ගුණවලින් සම්පූර්ණ බව ; අඩුපාඩු නැති බව ; නෛපුණ්‍යය.
සංසාන්ද්රණය
(පාරිභා.) නා. උකුවීම ; ඝනවීම.
සංසාර චක්‍රය
නා. සංසාරය හෙවත් සසර නමැති රෝදය.
සංසාර දුඃඛය
නා. නැවත නැවත ඉපදීමේ දුක ; සසර දුක.
සංසාර පුරුද්ද
නා. පෙර අත්බැව්හි දී ඇති කරගන්නා ලද පුරුද්ද.
සංසාරය
නා. බුදු දහම අනුව, භවයෙන් භවයෙහි ඉපදීම් මාලාව ; භවෝත්පත්තිය ; කර්ම ශක්තිය අනුව, විවිධ තලවල විවිධාකාර උපත් ලැබීම.
සංසාරොඝය
සංසිද්ධිය
1. නා. අදහස් ඉටුවීම ; සඵලවීම.
2. (පාරිභා.) කෙළින් ම ඉන්ද්‍රියයන්ට ගෝචර වන දෙයක් ; නිරීක්ෂණ කළ හැකි සිදුවීමක්.
3. සිදුවීම; සමෘද්ධිය ; සඵලත්වය.
4. ආශ්චර්යවත් සිදුවීම ; මහා ප්‍රමාණයේ සිදුවීම.
සංසිඳීම
නා. සුවවීම ; නිවාරණය, සැනසුම ලබාදීම ; සමථයකට පත් කිරීම.
සංසුද්ධ
වි. ඉතා පිරිසිදු ; අතිපාරිශුද්ධ.
සංසෘත
(පාරිභා.) වි. අනන්ත ශ්‍රේණිවල අන්වයනට ඝාතාදියට සීමාවක් තිබීමේ ලක්ෂණය ඇති.
සංසෘත අනුක්‍රමය
(පාරිභා.) නා. අනන්ත ශ්‍රේණිවල සීමාවක් ඇති අන්වය.
සංසෘත ප්‍රමාණය
(පාරිභා.) නා. අනන්ත ශ්‍රේණිවල සීමාවක් ඇති (අන්‍යෝන්‍ය) අනුපාතය.
සංසෘත මානය
(පාරිභා.) නා. අනන්ත ශ්‍රේණිවල සීමාවක් තිබෙන අර්ධ විෂ්කම්භය.
සංසෘත වෘත්තය
(පාරිභා.) නා. අනන්ත ශ්‍රේණිවල සීමාවක් ඇති කවය.
සංසෘත ශ්‍රේණිය
(පාරිභා.) නා. අනන්ත ශ්‍රේණිවල අසම්පූර්ණ ඓක්යවල අනුක්‍රමයට සීමාවක් තිබෙන ශ්‍රේණිය.
සංසේචන කේතුව
(පාරිභා.) නා. යුක්තානුවක් ඇති කරන්නා වූ කේතුව.
සංසේචන කොපුව
(පාරිභා.) නා. යුක්තාණුවක් ඇති කරන්නා වූ ඩිම්බයේ ආවරණය.
සංසේචන පටලය
(පාරිභා.) නා. යුක්තාණුවක් සහිත ඩිම්බය වටා ඇති ඝන තද සිවිය.
සංසේචන ප්‍රණාලය
(පාරිභා.) නා. යුක්තාණුවක් ඇති කරගන්නා වූ ඩිම්බ කෝෂයේ සිට පිටතට ඩිම්බ ගෙන යන නාලය.
සංසේචනය
(පාරිභා.) නා. ලිංගික වශයෙන් එකිනෙකට වෙනස් වූ ජන්මාණු දෙකක් එක්වීම.
සංසේචිත ඩිම්බය
(පාරිභා.) නා. ජන්මාණු දෙකක එක්වීමෙන් සෑදුණු යුක්තාණුවක් සහිත පරිණත වූ ඡායා ජන්මාණු සෛලය.
සංසේදජ
වි. තෙතමනයෙන් උපදින ; තෙත ද්‍රව්‍යයෙන් ජනිත වූ.
සංසේවනය
නා. සම්බන්ධය ; ආශ්‍රය ; ඇසුරු කිරීම.