සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1672

සංසෛටය

(පාරිභා.) නා. න්‍යෂ්ටි කීපයක් ඇති සෛලය ; බහු න්‍යෂ්ටික සෛලය.

සංහත

1. වි. ඒකාබද්ධ ; එකට ගැටුණු ; එක් වූ.
2. (පාරිභා.) සංකේන්ද්‍රිත ; මධ්‍යගත.
3. (පාරිභා.) කොටස් ගණනකින් සමන්විත.
නා.ප්‍ර. ද්‍රව්‍ය කීපයක් එක්වීමෙන් සෑදුණු දෙය ; එකමුතුව.

සංහත අම්ලය

(පාරිභා.) නා. සංකේන්ද්‍රිය අම්ලය ; මධ්‍යගත අම්ලය.

සංහත අරමුදල

(පාරිභා.) නා. මධ්‍යගත තැන්පත් මුදල ; ආරක්ෂිත ඒකාබද්ධ මුල් මුදල.

සංහත වර්තනිය

(පාරිභා.) නා. විද්‍යුත් ධාරාවක් බාධාවකින් තොර ව අඛණ්ඩ ව ගලා යා හැකි විද්‍යුත් පරිපථය ; පිහිත වර්තනිය.

සංහතකරණය

(පාරිභා.) නා. සංකේන්ද්‍රීකරණය; මධ්‍යගත කිරීම.

සංහතිය

1. නා. සමූහය ; රාශිය ; පිරිස ; වර්ගය.
2. (පාරිභා.) ඝනඵලය ; ඝනත්වය.

සංහනනය

1. නා. නැසීම ; විනාශය.
2. (පාරිභා.) තද පහර වැදීම ආදිය නිසා මොළයට ඇතිවන පීඩාව.

සංහරණය

1. නා. එක් කිරීම; රැස් කිරීම.
2. නැසීම ; දුරු කිරීම.

සංහාර සංයුක්ත සුරා

නා.ප්‍ර. විවිධ ද්‍රව්‍ය සාරය පැසවා සාදාගන්නා සුරාව.

සංහාරය

නා. සම්පූර්ණ විනාශය ; නැසීම ; වැනසීම.

සංහිදය

1. නා. ඉඩකඩ ; අවකාශය.
2. විඩාව දුරු කරගන්නා ස්ථානය.
3. අයියනායක දෙවියන් පිදීමක් ලෙස කොල අතු එල්ලා තබන ස්ථාන හඳුන්වන නාමය.

සක

1. නා. ඇස ; චක්ෂුස ; නේත්‍රය.
2. රථ රෝදය.
3. චක්‍රායුධය.
4. හක්ගෙඩිය.
5. සැකය ; ශඞ්කාව.
6. ශාක්‍ය වංශය.
7. පුරාණ ඉන්දියාවේ ශක වංශය.
8. චන්ද්‍රයා ; සඳ.
9. නරාවළල්ල.
10. මුදුන ; ශිඛාව
11. ශක්‍රයා.

සක පරික්ඛාර

නා.ප්‍ර. තමාට අයත් පිරිකර ; ස්වකීය පරිෂ්කාර.

සක පෝරුව

නා. කුඹලාගේ පෝරු ලෑල්ල ; වළන් සෑදීම සඳහා ගනු ලබන චක්‍රාකාර ලෑල්ල.

සක සංඥාව

නා. තමාගේය යන හැඟීම.

සකට

නා.ප්‍ර. ගැල ; කරත්තය.

සකට සත්ථ

නා.ප්‍ර. ගැලින් බඩුගෙන ගොස් විකුණන්නා.

සකඩ

වි. තත්ත්වයෙන් බාල.

සකණ්ටක

(පාරිභා.) වි. ඉතා උල් වූ කටු ඇති ; තියුණු කටු සහිත.

සකදාගාමි

වි. ලෝකෝත්තර ආර්ය මාර්ගයෙහි දෙවැනි ඵලයට පැමිණි ; සකෘදාගාමී.

සකදාගාමී මග්ගය

නා. ලෝකෝත්තර මාර්ග අතර දෙවන මාර්ගය.

සකන්

වි. කන් හයකට හෙවත් තිදෙනකුට සීමා වූ.

සකප්

නා.ප්‍ර. අදහස් ; සංකල්ප.