සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1761
ස්ථවිර
නා.ප්‍ර. උපසම්පදාවෙන් දස වසරක් ගත කර ඇති භික්ෂුව ; වැඩිමහලු භික්ෂුව.
ස්ථවිරවාදය
නා. සංගායනාවල දී සකස් කරන ලද ථේරවාද ත්‍රිපිටක බුද්ධ ධර්මය ථේරවාදය.
ස්ථවිරිය
නා. වැඩිමහලු භික්ෂුණිය ; උපසපන් වී දස වසරක් කල් ගිය භික්ෂුණිය.
ස්ථාන මාරුව
1. නා. රාජකාරි සඳහා වෙනත් තැනකට යැවීම.
2. (පාරිභා.) නියමිත තැනින් වෙනත් තැනකට වෙනස් වීම.
ස්ථානගත
වි. තැනට අයිති ; ස්ථානය කරා පැමිණි.
ස්ථානය
1. නා. තැන ; ඉඩම ; පිහිටීම ; අවකාශය.
2. ධූරය ; පදවිය ; තනතුර.
3. සිටීම ; නැවතීම ; ස්ථිතිය.
ස්ථානාන්තරණය
(පාරිභා.) නා. තැනකින් තැනකට යාම ; අවයවයක ක්‍රියාකාරිත්වය අනෙකට මාරු වීම.
ස්ථානාන්තරය
නා. තනතුර ; ධූරය ; පදවිය.
ස්ථානාපත්තිය
(පාරිභා.) නා. ප්‍රතිෂ්ඨාපනය ; ආදේශය.
ස්ථානාර්හය
නා. ස්ථානයට සුදුසු වුව ; තැනට යෝග්‍ය දෙය.
ස්ථානික
(පාරිභා.) වි. ස්ථානය හා සම්බන්ධ ; තැනට අයත් වූ.
ස්ථානික බදු කුලිය
නා. ගොඩනැගිලි ආදිය ඉදි කිරීම සදහා වෙන් කර ඇති බිම් වෙනුවෙන් අය කරන බද්ද.
ස්ථානීය
වි. තැනකට අයත් ; තැනකට සීමා වූ.
ස්ථානීය අගය
(පාරිභා.) නා. එකස්ථාන දශස්ථාන ආදී වූ ස්ථානගත වටිනාකම.
ස්ථානීය නික්ෂේපණය
(පාරිභා.) නා. එක් ශරීර ස්ථානයකට පමණක් සීමා වූ බල සහිත බෙහෙත් විදීම.
ස්ථානීය නිර්වින්දනය
(පාරිභා.) නා. සිරුරෙහි යම් තැනකට හෝ පෙදෙසකට පමණක් සීමා වූ නිර්වින්දනය.
ස්ථානීය වේලාව
(පාරිභා.) නා. යම්කිසි ප්‍රදේශයකට සූර්යයා මුදුන් වීම අනුව ගණන් ගන්නා වේලාව.
ස්ථානීය ශක්තිය
(පාරිභා.) නා. ශක්‍ය ශක්තිය ; ස්ථිතිජ ශක්තිය.
ස්ථානීය සුළං
(පාරිභා.) නා.ප්‍ර. ප්‍රදේශීය සුළං.
ස්ථානෝචිත
ස්ථානෝචිත ප්‍රඥාව
නා. තැනට සුදුසු නුවණ ; අවස්ථානුකූලව කටයුතු කිරීමේ ඥානය.
ස්ථාපන
වි. යමක් පිහිටුවාලු ; මූලාරම්භක.
ස්ථාපනය
නා. තැබීම ; තැන්පත් කිරීම ; පිහිටුවීම ; තහවුරුව.
ස්ථාපිත
වි. තබන ලද ; පිහිටුවන ලද ; තහවුරු වූ.