සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1762
ස්ථාපිතය
(පාරිභා.) නා. පිහිටීම.
ස්ථාම
නා.ප්‍ර. බලය ; ශක්තිය ; ධෛර්යය ; සමර්ථභාවය.
ස්ථායී
වි. වෙනස් නොවී පවත්නා වූ ; ස්ථිර ව පිහිටියා වූ.
1. නා.ප්‍ර. කාව්‍ය රස නිෂ්පත්තියට හේතුවන භාව ; ස්ථායි භාව.
2. ගීතයක මුල් කොටස.
ස්ථායී සංයෝගය
(පාරිභා.) නා. ස්ථිර සංයෝගය ; වෙනස් නොවන සංයෝගය.
ස්ථායී සමතුලිතතාව
(පාරිභා.) නා. ස්වල්ප විස්ථාපනයක දී වස්තුවක විභව ශක්තිය වැඩිවන සුලු සමතුලිතතාව.
ස්ථායීකක්ෂය
(පාරිභා.) නා. වෙනස් නොවී පවත්නා කක්ෂය.
ස්ථායීකරණය
(පාරිභා.) නා. 1. (ආර්ථි.) වෙනස් නොවන තත්ත්වයකට පත් කිරීම ; ස්ථිර කිරීම.
2. තහවුරු කිරීම ; ප්‍රදේශයක වෘක්ෂලතාදිය හා දේශගුණික ආදී බාහිර තත්ත්ව අතර සමතුලිතතාවක් ඇති වීම.
ස්ථායීතාව
නා. ස්ථිරබව ; සමතුලිතතාව ආපසු ලබා ගැනීමේ පුළුවන්කම.
ස්ථාලිය
1. නා. තැටිය ; තලිය.
2. ආසව පෙරීම සඳහා ගන්නා භාජනය.
ස්ථාවර
වි. ස්ථිර; නොසෙල්වෙන ; වෙනස් නොවන ; අචල.
ස්ථාවර අණපනත්
නා.ප්‍ර. පාර්ලිමේන්තු කටයුතු පාලනය වන විධිමත් නීති මාලාව.
ස්ථාවර තැන්පතුව
(පාරිභා.) නා. යම් කාල සීමාවක් සම්පූර්ණ වනතුරු ආපසු නොගැනීමට ගිවිස ගෙන, වැඩි පොලී ප්‍රතිශතයක් අපේක්ෂාවෙන් බැංකුවක තැන්පත් කරන මුදල.
ස්ථාවර දේපළ
නා.ප්‍ර. ඉඩකඩම් ගේ-දොර ආදී නිශ්චල දේපළ.
ස්ථාවර නියෝග
නා.ප්‍ර. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කර ගෙන යෑම පිළිබඳ වූ සම්මත නීති පද්ධතිය.
ස්ථාවර ප්රාග්ධනය
නා. කිසියම් ව්‍යාපාරයකට අයත් ඉඩකඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර ආදී වූ කල් පවත්නා දේ.
ස්ථාවර මූලධනය
(පාරිභා.) නා. යම් ව්‍යාපාරයක යන්ත්‍රෝපකරණ ආදිය වෙනුවෙන් ආයෝජනය කරන මුදල.
ස්ථාවර රීති
නා.ප්‍ර. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කරන සාම්ප්‍රදායික රීති.
ස්ථාවර වත්කම්
(පාරිභා.) නා.ප්‍ර. මුදල් බවට පරිවර්තනය කිරීම සඳහා යොදවන එහෙත් ව්‍යාපාරයකින් ආදායම් ලබා ගැනීම සඳහා කාලයක් ප්‍රයෝජනයට ගන්නා වත්කම්.
ස්ථාවර වියදම්
(පාරිභා.) නා.ප්‍ර. ව්‍යාපාරයක නිෂ්පාදනය අනුව වෙනස් නොවන සේවක වැටුප්, ගෙවල් කුලී ආදී ස්ථාවර වියදම්.
ස්ථාවර සැපයුම
(පාරිභා.) නා. අවස්ථානුරූප ව වෙනස් නොවී දිගට ම පවත්වනු ලබන සැපයුම ; ස්ථිර සැපයුම.
ස්ථාවර හමුදාව
(පාරිභා.) නා. ස්ථිර හමුදාව.
ස්ථාවරය
1. නා. නොසෙල්වෙන හෝ නොවෙනස් වන වස්තුව.
2. නොවෙනස් වන ගතිය හෝ ස්වභාවය ; අචලබව.
ස්ථිත ඝර්ෂණාව
(පාරිභා.) නා. සමතුලිතතා අවස්ථාවේ පවත්නා (විද්‍යුත්) බලයන්ගේ ගැටීම.
ස්ථිතික
වි. නිශ්චලව පවත්නා ස්වභාවය ඇති ; එක තැන පිහිටි ; එක තැන රැඳුණු.