සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1794
සාස්තරකාරයා
නා. ජ්යෝතිෂය අනුව හෝ කිසියම් ගුප්ත විද්යාවක් අනුව හෝ අනාවැකි ප්රකාශ කරන්නා.
සාස්තරය
1. නා. ශිල්පය ; විද්යාව ; ශාස්ත්රය.
2. ජ්යෝතිෂයට අනුව හෝ කිසියම් ගුප්ත විද්යාවක් අනුව හෝ කියන අනාවැකිය.
සාස්පාන
නා. ආහාර පිසීම සඳහා හෝ වෙනත් කෑම වර්ග සෑදීම සඳහා හෝ භාවිත කරනු ලබන, ඇලුමිනියම් හෝ වෙන යම් ලෝහ වර්ගයකින් හෝ පැතැලි පතුලක් ඇති ව සාදා ඇති භාජන විශේෂය.
සාස්වත දෘෂ්ටිය
ශාශ්වත දෘෂ්ටිය බ
සාහස
1. වි. ඉක්මන් ; ශීඝ්ර ; වහා.
2. දරුණු ; ප්රචණ්ඩ ; සාහසික.
සාහසික
1. වි. නො විමසා වහා ක්රියා කරන ; යුහු ව ක්රියාශීලී වන.
2. දරුණු ; සැහැසි ; ප්රචණ්ඩ ; භයානක ; නපුරු.
සාහසිකයා
නා. දරුණු අපරාධකාරයා ; ප්රචණ්ඩ ක්රියා කරන්නා ; සැහැසි පුද්ගලයා.
සාහිත්යික
වි. සාහිත්යයට අයත් ; සාහිත්යය පිළිබඳ ; සාහිත්යයට අදාළ.
සාහිත්ය උත්සවය
නා. සාහිත්යය විෂය අරමුණු කොට පවත්වන උත්සවය.
සාහිත්ය ක්ෂේත්රය
නා. සාහිත්යය පිළිබඳ පොත්පත්, ලේඛන ආදිය සහිත විෂය සම්භාරය.
සාහිත්ය රචකයා
නා. සාහිත්ය පොතපත ලියන්නා ; ගද්ය පද්ය රචනා කරන්නා.
සාහිත්යධරයා
නා. සාහිත්යය පිළිබඳ මනා දැනීමක් ඇති තැනැත්තා ; සාහිත්ය ග්රන්ථ රචනා කරන්නා ; සාහිත්ය විෂය පිළිබඳ විශාරදයා.
සාහිත්යය
1. නා. යම් භාෂාවකට අයත් ලේඛන සම්භාරය ; යම් බසකට හෝ විෂයයකට හෝ අයත් පොතපත ; රටකට හෝ අවධියකට හෝ අයත් රසවත්, වටිනා ලේඛන සමූහය.
2. අර්ථවත් වාක්ය සම්භාරය.
3. කාව්යය.
සැක
වි. අවිශ්වාසයෙන් යුතු.
සැකකරුවා
නා. සැකයට භාජන වූ තැනැත්තා ; සැක කටයුතු පුද්ගලයා ; වරදකරු වශයෙන් අනුමාන කරන පුද්ගලයා.
සැකය
නා. හේතු රහිත ව අවිනිශ්චිත ලෙස යමක් සිතාගැනීම ; අනුමාන වශයෙන් සිතීම ; සංශය ; විචිකිච්ඡාව ; සංකාව.
සැක්යුලෝස්
නා.ප්ර. ලී කුඩු හා කඩදාසිවල තිබෙන සිහින් කෙඳි වැනි ද්රව්යය.
සැකැබුම
(පාරිභා.) නා. විදුලි යන්ත්රයක හෝ විද්යුත් චුම්බකයක ක්ෂේත්ර පද්ධතියේ හෝ ස්රාවයක් ඇති කරන විද්යුත්ගාමක බලය.
සැකි
නා.ප්ර. සැකය ; සංකාව ; අවිශ්වාසය.
1. වි. සැක ඇති ; සංකා සහිත ; සඞ්කිත.
2. බිය වූ ; චකිත වූ.
සැකිල්ල
1. නා. ශරීරය දරා සිටින ඇට රාමුව ; ඇට කූඩුව ; ඇටසැකිල්ල ; අස්ථි පඤ්ජරය ; කංකාලය.
2. යම්කිසි නිර්මාණයක මූලික වශයෙන් කරන සැලසුම ; ආකෘතිය ; සටහන.
3. කටු සටහන ; දළ සටහන ; සම්පූර්ණ ව යමක් ලිවීමට පෙර සකස් කර ගනු ලබන ලුහුඬු සටහන.
සැකිලි පද්ධතිය
(පාරිභා.) නා. සත්ත්ව ශරීරයේ ඇටසැකිල්ල සෑදී ඇති කොටස් රාශිය ; ඇටසැකිල්ල සහ ඒ හා සම්බන්ධ සියල්ල.
සැකෙවින්
ක්රි.වි. කෙටියෙන් ; ලුහුඩින් ; සංක්ෂේපයෙන්.
සැඟවෙනවා
1. ක්රි. කිසිවකුටත් නොපෙනෙන්නට සිටිනවා ; හැංගෙනවා ; මුවහ වෙනවා ; නිලීන වෙනවා.
2. රහසිගත ව, අප්රසිද්ධ ව කල් ගෙවනවා.
සැඟි අණ්ඩය
(පාරිභා.) නා. රෙද්දක ඉරුණු තැනකට පිටට නොපෙනෙන පරිදි දමන අණ්ඩය.