සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1793

සාරුප්‍ය

වි. යෝග්‍ය වූ ; සුදුසු වූ ; ගැළපෙන.

සාරොප්

වි. සරු ; සාරවත්.

සාලය

නා. ගෙයක අමුත්තන් පිළිගන්නා කාමරය ; විසිත්ත කාමරය.

සාලයා

නා. කුඩා කරදිය මත්ස්‍යයෙක්.

සාල්ල

1. නා. පැස ; කුඩය.
2. බාල්දිය ; පනිට්ටුව.

සාලාව

නා. රැස්වීම්, උත්සව ආදිය පැවැත්වීමට ඉඩකඩ ඇතිව තනන ලද විශාල කාමරය ; ශාලාව.

සාලි

1. නා.ප්‍ර. වී වර්ගයක් ; ඇල් වී.
2. රෙදි වියන්නා ; පෙහෙරා.

සාලු(ළු)ව

1. නා. ඇඟ පිස දැමීමට ගනු ලබන රෙදි කඩ ; තුවාය.
2. සරළුව ; හැන්ද ; කෙණෙස්ස.

සාවක

නා.ප්‍ර. ශ්‍රාවක.

සාවඥ

නා.ප්‍ර. අවඥා සහගත ; නින්දා සහගත ; අපහාසාත්මක.

සාවද්‍ය

වි. වැරදි සහගත ; වැරදි සහිත ; වරදින් යුතු ; දොස් සහිත.

සාවද්‍යතාව

(පාරිභා.) නා. වැරදි සහිත බව ; දෝෂ සහිත බව ; වරද සහගත බව.

සාවධාන

වි. අවධාන සහිත ; අවධානයෙන් යුක්ත ; සිත එක් අරමුණක පිහිටි.

සාවරය

(කථා.) නා. 1. ඝන ඉස්ම ; සාරුව.
2. තෙත ගතිය.

සාවශේෂ

වි. ඉතිරිය සහිත ; අවශේෂය සහිත.

සාවාට

වි. ආවාට සහිත ; කුහර සහිත.
නා.ප්‍ර. දාදු කැටයේ අය විශේෂයක නාමය.

සාවාර

(පාරිභා.) වි. ආවාර සහිත ; බිත්ති හෝ බෙදුම් සහිත.

සාවාලයා

නා. ඉතා තියුණු නැවුණු දත් ද බොහෝ සිහින් කටු ද සහිත දිලිසෙන, සුදු පැහැයෙන් යුක්ත, දිගටි, මුහුදු මත්ස්‍ය විශේෂයක්.

සාවිකාව

නා. දරුවකු ගේ ප්‍රසූතිය සඳහා සහාය ව ඒ පිළිබඳ කටයුතු කරන තැනැත්තිය ; වින්නඹුව.

සාවිය

නා. ප්‍රමාණය හෝ අවකාශය ; ඉඩකඩ කොටස.

සාශය පණුවා

(පාරිභා.) නා. පටි පණුවාගේ ලිංගික අවස්ථාවෙහි වන පණුවා ; ආශයක් සහිත පණුවා.

සාසනය

1. නා. ශාස්තෘවරයකු විසින් දෙසූ ධර්මය.
2. බුද්ධ ශාසනය.

සාසව

වි. ආස්‍රව සහිත ; සිත කිලිටි කරන.

සාස්

නා.ප්‍ර. කෑම වර්ග රසවත් කිරීමටත් ඇතැම් කෑම වර්ග සමඟ කෑමටත් පිළියෙල කර ගැනෙන කටගැස්මක් වැනි ද්‍රව මිශ්‍රණයක් ; සෝස්.