සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1792
සාරස
(පාරිභා.) වි. මිරිදියෙහි ජීවත්වන.
1. නා.ප්ර. මිරිදිය ජලයෙහි පාවෙමින් ඇති සත්ත්ව සහ ශාක විශේෂ.
2. පොකුණ ; විල.
3. ස්ත්රීන් ඉණට අදින ඇඳුමක් ; බඳපටිය.
4. ඖෂධයක නාමය.
සාරස විද්යාව
නා. විල් පිළිබඳ විද්යාව.
සාර්ථ
1. වි. තේරුම් සහිත ; අර්ථවත් ; අර්ථ සහිත.
2. ප්රයෝජන සහිත ; ඵල සහිත.
3. බඩු ආදිය රැගෙන වෙළඳාම පිණිස දේශ දේශාන්තරවල යන.
1. නා.ප්ර. අර්ථ සහිත බව.
2. ප්රයෝජනය ; ඵලය.
3. වෙළඳාම් බඩු ගෙනයන තවලම.
සාර්ථක
වි. සඵල ; ඵල සහිත ; ප්රයෝජනවත් ; වටිනා.
සාර්ථවාහකයා
1. නා. අභිමත ස්ථානයට පමුණුවන්නා.
2. ගැල්වලින් ප්රදේශයෙන් ප්රදේශයට ගොස් බඩු විකුණන වෙළඳ සමූහයේ නායකයා.
සාර්ථාංකය
(පාරිභා.) නා. යෝජිත දශම සංඛ්යා ස්ථානයක්.
සාර්ව ආර්ථික විද්යාව
(පාරිභා.) නා. මහා පරිමාණ ආර්ථික විද්යාව.
සාර්ව නිර්වින්දනය
(පාරිභා.) නා. මුළු ශරීරය ම වේදනා නොදැනෙන සේ පණ නැති කිරීම ; එන්නතක් මඟින් සම්පූර්ණ ශරීරය අප්රාණික කොට සිහි නැති කිරීම.
සාර්ව ප්රතිග්රාහකයා
(පාරිභා.) නා. ‘A’ සහ ‘B' ගණයේ රුධිරය ඇති තැනැත්තා.
සාර්වකාලික
වි. සියලු ම කාලවලට අයත් ; සදාකාලික.
සාර්වත්ර
වි. සියල්ලන්ට ම අදාළ ; සියල්ලට ම විහිදී ගිය ; සීමා රහිත.
සාර්වත්ර උපපථය
(පාරිභා.) නා. යම් උපකරණයක කොටසක් තුළින් ගලන විද්යුත් ධාරාව වෙනස් කිරීම පිණිස ඊට සමාන්තර ව, සියල්ලට ම අදාළ වන පරිදි සම්බන්ධ කරනු ලබන සන්නායකයක්.
සාර්වත්ර නියතය
(පාරිභා.) නා. සියල්ලට ම අදාළ වෙනස් නොවන රාශිය ; සියල්ලට ම පොදු වූ රාශිය.
සාර්වත්රික නියමය
(පාරිභා.) නා. විශ්වයට ම සාධාරණ වූ නියමය ; සියල්ලන්ට ම සාධාරණ වූ නියමය ; පොදු නියමය.
සාර්වදායකයා
නා. ‘0’ ගණයට අයත් රුධිරය ඇති තැනැත්තා.
සාර්වසරණය
(පාරිභා.) නා. සම්පූර්ණ ජීවියකු උත්තේජයක් දෙසට හෝ ඉන් ඉවතට හෝ ගමන් කිරීම.
සාර්ෂපය
(පාරිභා.) නා. අණ්ඩප දෙකක දිග කරල.
සාරාංශය
නා. විස්තරාත්මක ලෙස ලියන ලද රචනයක හෝ කරන ලද දේශනයක අදහස් කැටි කොට දැක්වීම ; සාරය ලුහුඬින් දැක්වීම ; සංක්ෂිප්තය.
සාරාණීය
වි. සිහි කටයුතු ; සිත් අලවන සුලු බැවින් සිහි කළයුතු.
සාරාණීය ධර්මය
1. නා. සිහි කටයුතු වූ ධර්මය.
2. ලද පිණ්ඩපාතය නිසිසේ බෙදාදීම.
සාරාසංඛ්ය
නා.ප්ර. අසංඛ්ය සතර ; සිවු අසංඛ්යය.
සාරි ගෙවල්
නා.බහු. මුර ගෙවල් ; මුර කුටි.
සාරිකය
(පාරිභා.) නා. සංචාරක ස්නායුව.
සාරිය
නා. භාරතීය හා ශ්රී ලාංකික කාන්තාවන් ළය හරහා එක් උරයක් පිටුපසට පන්නා අඳින සාම්ප්රදායික ඇඳුම.