සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1791
සාමුද්‍රිකා
නා.ප්‍ර. අෂ්ටාදශ ශිල්පවලින් එකක් ; ශරීරයෙහි ඇති ශුභාශුභ ප්‍රකාශන ලක්ෂණ බලා ගුණාගුණ කීමට උගන්වන ශාස්ත්‍රය.
සාමුහික
වි. සමූහ වශයෙන් ; තනි පුද්ගලයෙකුගේ නොවන ; පොදු.
සාමුහික වගකීම
නා. තනි-තනි ව නොව, පොදුවේ දක්වන වගකීම ; පිරිසක් එකතුවීමෙන් කෙරෙන වගකීම.
සාමූහික වාදය
(පාරිභා.) නා. කර්මාන්තයක් කළ යුත්තේ සාමූහික ප්රාග්ධනයෙන්ය යන මතය.
සාය
1. නා. බඩගින්න ; කුසගින්න ; ක්ෂුධාව.
2. දුර්භික්ෂය ; සාගතය ; ආහාර හිඟය.
2. කාන්තාවන් ඉණෙහි සිට පහළට වැටෙන සේ අඳින වට ඇඳුමක්.
3. සන්ධ්‍යා කාලය ; සැන්දෑව.
සායනය
නා. රෝගියකු පරීක්ෂණයට භාජන කරන ස්ථානය.
සායම
නා. පාට ගැන්වීම සඳහා යොදන ද්‍රව්‍ය ; වර්ණවත් ආලේපය ; කිසියම් දෙයක් පාට කිරීම සඳහා යොදාගන්නා තීන්ත වර්ගය.
සායම් පොවනවා
ක්‍රි. රෙදි, නූල් ආදියට වර්ණ යෙදීම සඳහා නොයෙක් සායම් වර්ග යොදනවා.
සායම්කූරු
නා.ප්‍ර. චිත්‍ර ශිල්පයේ දී භාවිත කරනු ලබන සාමාන්‍යයෙන් රටහුණුවලින් සාදන ලද පාටකූරු ; පාට කිරීමට ගන්නා හුණු කූරු.
සායම්යනවා
1. ක්‍රි. විශේෂයෙන් රෙදි ආදියෙහි වර්ණය අඩු වෙනවා ; සායම ඉවත් වී යනවා ; දුර්වර්ණ වෙනවා.
2. (රූඩී) යම් පහත් ක්‍රියාවක් නිසා යමකුගේ තත්ත්වය පහත වැටෙනවා ; අවනම්බු විඳිනවා.
සාර
1. වි. සාරවත් ; සරු ; පිරුණු ; සමෘද්ධිමත්.
2. හරයක් ඇති ; අර්ථයක් ඇති ; වටිනාකමකින් යුත් ප්‍රයෝජනවත්.
3. ධනවත් ; පොහොසත්.
සාරකය
(පාරිභා.) නා. රසායනික හෝ භෞතික හෝ ක්‍රම උපයෝගි කොට වෙන්කරගත් මිශ්‍රණයක කොටසක්.
සාරකල්පය
නා. එක් බුදුවරයකු පමණක් උපදනා කල්පය.
සාරගර්භ
වි. අරුත්වලින් පිරුණු ; සාරවත් අදහස් ගැබ් කළ ; අර්ථවත්.
සාරත්වය
1. නා. සාරවත් බව ; සරු බව.
2. ප්‍රයෝජනයක් සහිත බව ; හරයක් ඇතිබව.
සාරථියා
නා. රථ පදවන්නා ; රථාචාර්යයා ; රියැදුරා.
සාරධර්ම
නා.ප්‍ර. හරයක් ඇති දහම ; චර්යා ධර්ම.
සාරනවා
ක්‍රි. ආයුධයකින් හෝ වෙනත් දෙයකින් පොළොවෙහි පස් බුරුල්කොට ඉවත දමනවා ; කනිනවා ; හාරනවා.
සාරමණ්ඩ
නා.ප්‍ර. බුදුවරුන් සතර දෙනකු උපදනා කල්පය.
සාරම්භය
නා. එකටෙක කිරීම ; යම් අයකු නපුරක් කළ විට පෙරළා විරුද්ධකම් කිරීම ; පළිගැනීම.
සාරමාරුව
නා. සිංහල රජු කල පැවති ඉඩම් භුක්ති විඳීමේ ක්‍රමයක් ; තාවකාලික ව ඉඩම් භුක්ති විඳීමේ ක්‍රමය.
සාරය
1. නා. සාරවත් කොටස ; සමෘද්ධිමත් හරිය.
2. පිඬුකර ගත් අර්ථය ; හරය ; සාරාංශය ; වටිනා, ප්‍රයෝජනවත් කොටස.
3. ධනය ; වස්තුව.
4. බලය ; ශක්තිය.
5. ගුණයෙන් හා වටිනාකමින් යුත් කොටස ; අරටුව.
6. ඕජස ; සැරව.
7. බිත්තර ආදියෙහි සාරය.
8. ජලය ; වතුර.
9. යකඩ ; ලෝහ.
සාරවත්
1. වි. අර්ථවත් භාවයෙන් යුත් ; හරයක් ඇති ; අගනා ; වටිනා.
2. නිසරු භාවයෙන් තොර ; සරු.
සාරවිට
නා.ප්‍ර. රසවත් බුලත්විට ; එන්සාල්, කරාබුනැටි, ඉඟුරුපියලි ආදිය අමතර ව යොදා සුවඳවත් සහ රසවත් කළ බුලත්විට.