සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 23
අග්ර හස්තය
නා. උතුම් අත; ඇත් සොඬ.
අග්රකය
1. (පාරිභා.) නා. වෘක්ෂලතාදියක යම් නාරටියක් දික්වීමෙන් සෑදෙන කෙටි තියුණු තුඩ(=apiculus).
2. (පාරිභා.) නා. ඇතැම් ප්රොටො- සොවාවන්ගේ තිබෙන අග්රස්ථ තුඩ (= apiculus).
අග්රකාය
නා.ප්ර. මනා ව වැඩුණු ශරීරය; හොඳින් වර්ධනය වූ දේහය.
අග්රගණ්ය
වි. උතුම් කොට සැලකිය යුතු; ඉතා උසස්; ශ්රේෂ්ඨතම.
අග්රගණ්යයා
1. නා. අග මුලට ම ගණන් ගත යුතු තැනැත්තා; ප්රධානයා.
2. (පාරිභා.) ක්ෂීරපායී සත්ත්වයන්ගේ ඉතා දියුණු තැනැත්තා (=primates).
අග්රගාමී
වි. ඉදිරියෙහි ගමන් කරන; පුරෝගාමී.
අග්රජ
වි. මුලින් උපන්; පළමුව හටගත්; දරුවන් අතුරෙන් වැඩිමහල්.
අග්රජයා
1. නා. දරුවන් අතුරෙන් පළමු ව උපන් දරුවා; කුළුඳුල් දරුවා; වැඩිමහල් සහෝදරයා.
2. නා. බ්රාහ්මණයා.
අග්රදක්ෂිණාර්හ
1. වි. දන් ලැබිය යුත්තන් අතර ප්රමුඛ; උත්තම දක්ෂිණාව ලැබීමට යෝග්ය වූ; අග්රදක්ෂිණීය.
2. වි. ඉතා පින්වත් වූ.
අග්රප්රාප්ත
1. වි. කෙළවරට පැමිණි; කෝටිප්රාප්ත.
2. වි. ප්රධාන; නායක.
අග්රය
1. නා. කෙළවර; තුඩ; අන්තය.
2. නා. මුදුන; මස්තකය; ශීර්ෂය.
3. නා. උතුම් තැන; උසස් තැන.
4. නා. බැටරියක හෝ විදුලිය සැපයීමේ ප්රභවයක සන්නායක දෙකොනින් එකක්.
අග්රරාජ
නා.ප්ර. ප්රධාන රජු; අධිරාජයා; අගරජ.
අග්රරාජගුරු
නා.ප්ර. රෝමානු කතෝලික සභාවේ නායක පූජක පදවිය; ප්රධාන බිෂොප් පදවිය; අගරදගුරු.
අග්රරාජගුරුප්රසාදි
නා.ප්ර. රෝමානු කතෝලික සභාවේ නායක පූජකවරයා; ප්රධාන බිෂොප්වරයා.
අග්රවර්ධය
(පාරිභා.) නා. ඇතැම් ක්ෂීරපායීන්ගේ කශේරුකාවේ අග කෙළවරෙහි පුරායෝගිවර්ධවලට ඉහළින් පිහිටි ප්රසරය (=metapophysis).
අග්රශ්රාවක ඥානය
නා. බුදුවරයෙකුගේ අගසවූ තනතුර සඳහා ලැබිය යුතු ඥානය.
අග්රශ්රී
නා.ප්ර. උතුම් සම්පත; උසස් ශෝභාව; ශ්රේෂ්ඨ ශෝභාව; ශ්රේෂ්ඨ සම්පත්තිය.
අග්රසරු
වි. පෙරටුව යන; ඉදිරියට ගමන් කරන; පුරෝගාමී.
නා.ප්ර. ඉදිරියෙන් ගමන් කරන්නා; පුරෝගාමියා.
අග්රස්ථ
වි. අවසානයෙන් හෙවත් අගින් පිහිටියා වූ; කෙළවර පිහිටි. ප්රධාන; ප්රබල,
අග්රස්ථ ඛණ්ඩිකාව
(පාරිභා.) නා. (අවයව ආදියක) අගින් පිහිටා ඉදිරියට නෙරා හෝ එල්බෙමින් තිබෙන හෝ කොටස (=terminal lobe).
අග්රස්ථ මංජරය
(පාරිභා.) නා. සපුෂ්ප ශාකයක ප්රරෝහයේ මල් හට ගන්නා අග කොටස (=terminal inflorescence).
අග්රස්ථ වර්ධනය
(පාරිභා.) නා. දිලීර සූත්රිකාවල අග්රයෙහි පමණක් වර්ධනය නිසා සිදුවන දික් වීම (=apical growth).
අග්රස්ථ විභාජකය
(පාරිභා.) නා. කඳක හෝ මුලක කෙළවරෙහි ඇති විභාජක සෛල සමූහය (=apical meristem).
අග්රස්ථසෛල
(පාරිභා.) නා.ප්ර. සූත්රිකාවක හෝ බහු අවයවයක අග පිහිටි සෛලික සෛලයක් (=apical cell).