සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 286
ඊපිට
ක්‍රි.වි. එයට උඩින්; ඒ මත්තෙහි.
ඊපිටින්
(කථා.) ක්‍රි.වි. මුළුමනින්; සම්පූර්ණයෙන්; එහෙම පිටින්.
ඊමානය
නා. (ඉස්ලාම්.) විශ්වාසය; පිළිගැනීම.
ඊමේල්
නා.ප්‍ර. විද්‍යුත් තැපෑල; විද්‍යුත් මාධ්‍යය ඇසුරෙන් පණිවුඩ හුවමාරු කිරීමේ ක්‍රමය.
ඊය
නා. ඊතලය; හීය; ඊගස.
ඊයම්
නා.ප්‍ර. ලෙහෙසියෙන් ද්‍රව බවට පත්වන මූලද්‍රව්‍යමය ලෝහයක්.
ඊයම් බරුව
නා. බරක් වශයෙන් යෙදූ ඊයම් කැබැල්ල; මසුන් ඇල්ලීමට භාවිත කෙරේ.
ඊයම්පොඩි
(පාරිභා.) නා.ප්‍ර. ලෝහ පෑස්සීමට භාවිත කරන මෘදු ඊයම්.
ඊයම්සීනි
(පාරිභා.) නා.ප්‍ර. ලෙඩ් මොනොක්සයිඩ් ඇසිටික් අම්ලය ද්‍රාවණය කිරීමෙන් ලැබෙන පැණි රස වූ ලවණය; ලෙඩ් ඇසටේට්.
ඊරණ
නා.ප්‍ර. චලනය වීම; කම්පනය වීම.
ඊර්යාපථ චක්‍රය
නා. ඉරියවු සමූහය; චක්‍රයක් වශයෙන් ගත් ඉරියාපථ සතර.
ඊර්යාපථය
නා. ඉරියව්ව; හැසිරෙන අන්දම; හැසිරීමේ ලීලාව.
ඊර්ෂ්‍යාව
නා. අනුන්ගේ යස ඉසුරු නොඉවසන ස්වභාවය; පරසම්පත් අසහනය.
ඊර්ෂ්යාවන්තයා
නා. ඊර්ෂ්‍යාව ඇත්තා; ඊර්ෂ්‍යා සහගත පුද්ගලයා.
ඊරුව
1. නා. (ධීව.) දිය සුළිය; ජලාවර්තනය.
2. නා. සුළං අතට හෝ දිය පාරට හෝ දැල ගසා ගෙන යෑම.
ඊරේඛාව
නා. ප්‍රස්තාර ආදිය ඇඳීම සඳහා භාවිත කරන පරිමා රේඛාව (=dimension line).
ඊරෝටු වෙළඳාම
නා. බඩු තැනින් තැන ගෙන ගොස් විකිණීම; සුළු වෙළඳාම.
ඊරෝස්
නා.ප්‍ර. ලිංගිකත්වයට සම්බන්ධ ග්‍රීක දෙවියා හඳුන්වන නාමය.
ඊල
1. නා. උංචිල්ලාව; ඔන්චිල්ලාව.
2. නා. දෝලාව; පල්ලැක්කිය.
3. නා. තොවිල්වල දී යකැදුරන් යක්ෂාවේශයෙන් උඩ නැඟී නටන අට්ටාලය.
4. නා. සෑදලය සහ වරපට.
ඊල්
වි. සිහිල්; සීතල.
නා.ප්‍ර. වස්තුව; සම්පත්; සමෘද්ධිය; සෞභාග්‍යය; සම්පූර්ණත්වය.
ඊල් කරනවා
ක්‍රි. පුරවනවා; සම්පූර්ණ කරනවා.
ඊලිම්
නා.ප්‍ර. එක් කොට බැඳීම; එකට ඈඳීම.
ඊශද් විවෘත
වි. (ව්‍යාක.) ශ, ෂ, ස, හ යන ඌෂ්මාක්ෂර උච්චාරණයේ දී ශබ්ද නිපදවන ඉන්ද්රියයන් මඳක් විවෘත වී උච්චාරණය වන.
ඊශධර
නා.ප්‍ර. මහමෙර අවට පිහිටා ඇතැයි සැලකෙන සප්තකූට පර්වත අතුරින් එකක්.