සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 344
උහා ගන්නවා
ක්රි. ඔසොවනවා; උසුලාගෙන යනවා.
උහුලනවා
ක්රි. දරනවා; උද්වහනය කරනවා; ඉවසනවා.
උළ
1. නා.ප්ර. බත් ඇටය; බත් උළ හෙවත් බත්තුළ.
2. නා.ප්ර. ස්වල්ප.
උළක්කුව
1. නා. (වියළි ද්රව්ය හෝ ද්රව වර්ග) පිළිබඳ මිනුම් ප්රමාණයක්; පත.
2. නා. දෝතට අල්ලන ප්රමාණය; අතළොස්ස.
උළනවා
1. ක්රි. ගානවා; තවරනවා.
2. ක්රි. තදින් පිරිමදිනවා; (ශරීරය පිරිසිදු කිරීම සඳහා අතුල්ලනවා).
3. ක්රි. (ලෝහ ආදිය) රත් කරනවා.
උළව්ව
නා. කරදරය; හිරිහැරය; ඇබැද්දිය; අවමංගල්යය; ඉළවුව.
උළ්වාඩු
නා.ප්ර. පුරාතන සිංහල රාජ්ය සමයෙහි විසූ නිලධාරි පිරිසක්.
උළ්ළීන
(කථා.) වි. දුෂ්ට; පහත්; කුඩුකේඩු; උපහාසාත්මක.
උළ්ළුැරු ලේන්සුව
නා. රතු නූල් පාරවල් සහිත කරේ දමන ලොකු ලේන්සු වර්ගයක්.
උළා කනවා
1. ක්රි. තණකොළ ආදිය ගලවා ගෙන හෝ කඩාගෙන කනවා; ලෑටි ගානවා.
2. ක්රි. එහෙන් මෙහෙන් ඇහිඳගෙන කනවා; ආහාර හිඟයෙන් පීඩිත අසරණ ජීවිතයක් ගත කරනවා.
උළාර
වි. උදාර; උතුම්; මහත්; ශ්රේෂ්ඨ.
උළිඳා
උළු
1. නා.ප්ර. ගඩොල් කැට.
2. නා.ප්ර. වහල සෙවිලි කරන කැට; උළුකැට.
3. නා.ප්ර. තරු; තාරකා.
4. නා.ප්ර. බත් ඇට; බත් උළු.
උළු ගස්වනවා
ක්රි. ගඩොල් සාදවනවා.
උළු දාගැබ
නා. ගඩොලින් බැඳි චෛත්යය.
උළු මැටි
(පාරිභා.) නා. උළු සෑදීමට ගන්නා මැටි.
උළු රිළු
නා.ප්ර. තාරකා සමූහය.
උළු වඩුවා
නා. උළු ගඩොල් තනන්නා; උළු ගඩොලින් වැඩ කරන්නා.
උළු සියන
නා. උළු සෙවිලි කළ වහලය.
උළු සුනු
1. නා. ගඩොල් කුඩු.
2. නා. රතු මැටි.
උළුඇත්
නා.ප්ර. ගඩොලින් බැඳි ඇත් රූපය.
උළුකම්
නා.ප්ර. උළු සෑදීම; උළු ගඩොල් කර්මාන්තය.
උළුක්කුව
නා. ශරීර සන්ධි ඇටයක් පැනීම; අවසන්ධි වීම.
උළුකැන්
[උළු + කැන්]
1. නා.ප්ර. තාරකා සමූහය; උළු රිවි.
2. නා.ප්ර. උළු කැඳ; බත් උළු සහිත කැඳ.