සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 343

උස්මෘතය

නා. සිහි නැති වීම; මුසපත් වීම.

උස්සද

1. වි. අධික; බහුල; උත්සන්න.
2. වි. උස් වූ; මතු වූ; පිරුණු.
නා. උස් හඬ: උච්චස්වරය.

උස්සනවා

ක්‍රි. ඉහළ නඟනවා; ඔසවනවා.

උස්සහවන්ත

වි. දිරිමත්; උත්සාහවත්; උද්යෝගිමත්.

උස්සා ගන්නවා

1. ක්‍රි. ඉහළට ගන්නවා; ඔසොවනවා.
2. ක්‍රි. යටපත් වූවක් මතු කරනවා.

උස්සාපිත

වි. නඟන ලද; එසවූ.

උස්සිත

වි. ඔසවන ලද.

උසා

1. නා.ප්‍ර. උත්සාහය; වෑයම; වීර්යය.
2. නා.ප්‍ර. උස.

උසාවි කරනවා

1. ක්‍රි. ඕනෑකමින් විමසා බලනවා.
2. ක්‍රි. කුමන්ත්‍රණය කරනවා.

උසාවිය

නා. අධිකරණ ශාලාව; නඩු විමර්ශනය කර තීන්දු ලබා දීමට පිහිටුවන ලද නීත්‍යානුකූල ආයතනය.

උසි ගන්වනවා

1. ක්‍රි. යමකු ලුහුබැඳවීමට උසි යන හඬ නඟා බල්ලකු පොලඹනවා.
2. ක්‍රි. මෙහෙයවනවා; පොලඹවනවා.

උසිත

වි. උතුරන්නා වූ; බහුලව ඇති; ආඪ්‍ය; අධික.

උසිත්

නා.ප්‍ර. උත්සාහය; වීර්යය.

උසිඳිනවා

ක්‍රි. සහමුලින් ම වනසනවා; මුල් සිඳිනවා.

උසු

1. නා.ප්‍ර. ඊය; ඊතල.
2. නා.ප්‍ර. උත්සාහය; උනන්දුව.
වි. අධික; බහුල.

උසුකාර

නා.ප්‍ර. ඊතල සාදන්නා; හීවඩුවා.

උසුන්

වි. කපා හෙළන ලද; සිඳින ලද.

උසුම්

1. නා.ප්‍ර. උණුසුම; උෂ්ණය.
2. නා.ප්‍ර. ඩහදිය.

උසුරුවනවා

ක්‍රි. කියනවා; උච්චාරණය කරනවා.

උසුරුවළ

නා. වැසිකිළි වළ; ගවර වළ.

උසුළු

නා.ප්‍ර. විහිළුව; සමච්චලය; කවටකම.

උසුළු විසුළු

නා.බහු. (අත් පා මුව ආදියෙන් කරනු ලබන) කවටකම්; විහිළුතහළු.

උසූයා

නා.ප්‍ර. ඊර්ෂ්‍යාව.

උසොළිය

නා. උත්සාහය; වෑයම; උනන්දුව.