සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 345

උළුකැඳ

නා. සහලින් පිසූ කැඳ; යාගු.

උළුපැන්

නා.ප්‍ර. උණු වතුර.

උළුම්පය

නා. පහුර.

උළුමූඩිය

(කථා.) නා. මැටියෙන් සාදන ලද පියන; මඩක්කුව.

උළුවස්ස

නා. ගොඩනැගිල්ලක දොරපළු සවි කරන රාමුව.

උළුසද

නා.ප්‍ර. උළු සෙවිලි කළ වහල.

ඌ

සිංහල හෝඩියේ අටවැනි අකුර හා අටවැනි ස්වරය; ‘උ’ යන්නෙහි දීර්ඝ රූපය.
1. සර්ව. (බහු.) ඔවුහු.
2. (ඒක) සර්ව. හේ; ඒකා; ඔහු; හෙතෙම; ඒ සතා.
නි. ක්ෂණිකව ඇතිවන වේදනාවන් හැඟවීමෙහි යෙදේ.

ඌකාරාන්ත

වි. ‘ඌ.’ කාරයෙන් කෙළවර වන.

ඌකාව

නා. දිග මිනුම් ප්‍රමාණයක්; ධාන්‍ය මාසයකින් හතෙන් පංගුවක දිග; යව ඇටයකින් අටෙන් පංගුවක දිග.

ඌකාවා

නා. උකුණා.

ඌට්ටම

1. (කථා.) නා. උෂ්ණය.
2. නා. ආනුභාවය.

ඌටි

වි. මිටි; කුරු; කුඩා.

ඌටියා

නා. මිට්ටා; වාමනයා; කුරු මිනිහා.

ඌඩු

(කථා.) වි. පේළියට නැති; අතරින් පතර පිහිටි.

ඌඪ

වි. උසුලන ලද; ඇති වූ; හටගත්.

ඌතිය

(පාරිභා.) නා. (ශරීරයෙහි) බොහෝවිට ඒකාකාරී කෘත්‍යයක් ඉටුකරන සමාන සෛලවලින් යුක්ත සෛල සමුදාය.

ඌදුව

1. නා.ඉදිමුම.
2. නා. සුදුමැලි වීම; පිපිහළුව.

ඌන

නා.ප්‍ර. අඩු; හිඟ.

ඌන අගය

නා. වෙළඳාමක දේපළ, මුදල් ආදියේ වටිනාකමට වඩා ණයතුරුස් අධික වීමේ වෙනස; හිඟ මුදල.

ඌන ගණය

නා. උපසපන් භික්ෂූන් වහන්සේලා හතර නමකට අඩු සංඛ්‍යාව.

ඌන පූරක

වි. අඩුව පුරවන; අඩු තැන; සම්පූර්ණ කරන.

ඌන පූරණය

නා. අඩුව සපුරාලීමට එකතු කරන ලද්ද; අතිරේකය; පරිශිෂ්ටය.

ඌන සංවර්ධිත

වි. අඩුවෙන් සංවර්ධනය වූ; සංවර්ධනයෙන් සම්පූර්ණත්වයට නොපැමිණි.

ඌන සාමර්ථ්‍යය

නා. සම්පූර්ණ නොවූ සමත්වීම.