සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 384
ඕලිගල්ලය
නා. ගම්දොර පිහිටි කුණු වළ; ගවරවළ.
ඕලීන
1. වි. හීන වූ උනන්දුව හෝ ඇල්ම ඇති; උදාසීන; හීන වීර්ය ඇති.
2. වි. සැඟවුණු.
3. වි. ඇලුණු.
ඕලු
නා.ප්‍ර. සුදු පැහැති මල් ඇති ජලජ පැළෑටියක්.
ඕවට්ටනාවලිය
1. නා. නාන විට දෙකොනින් අල්ලා පිට අතුල්ලා ගැනීම සඳහා රත්හිරියල් සහ ලාකඩ කුඩු මිශ්‍ර කොට තැනූ ගුළි අමුණා සෑදූ රැහැන; කුරුඳු වැල.
2. නා. ඇටවැල, නවගුණ වැල වැනි ඇට විද ඇමුණූ මාලයක්.
ඕවරකය
නා. ඇතුළු කාමරය; ඇතුළු ගබ; කාමරය; කුටිය.
ඕවරය
නා. ක්‍රිකට් ක්‍රීඩාවෙහි දී එක් පන්දුකරුවකු විසින් එක් කඩුලු කොනක අන්තයකින් පිතිකරුවකු වෙත යැවිය යුතු පන්දු හයේ ඒකකය.
ඕවර්සියර්
නා.ප්‍ර. වැඩ කණ්ඩායමක කටයුතු පරීක්ෂා කර බලන්නා; කංකානම.
ඕවල්
වි. බිත්තරයක හැඩය ඇති; අණ්ඩාකාර.
ඕවාද
නා.ප්‍ර. අවවාදය; කටයුතු නොකටයුතු මේ යැයි පැවසීම; දැනුමැතිකම්; උපදේශ.
ඕවිට
නා. හොයක් අසබඩ පිහිටි ගොඩබිම; කුඹුරක් හෝ ජලාශයක් සමීපයෙහි පිහිටි පහත් ගොඩබිම.
ඕවිල්ල
1. නා. උංචිල්ලාව.
2. නා. දෝලාව.
ඕවිලාන
නා. ගං හෝ අවට පිහිටි කුඩා ගස් වැවෙන වගුරු බිම.
ඕවිලි ගහනවා
ක්‍රි. වේදනා දැනෙනවා; ඇදුම් කනවා; කැක්කුම් දෙනවා.
ඕෂධි විද්‍යාව
නා. ශාක වර්ග පිළිබඳ ශාස්ත්‍රය; උද්භිද විද්‍යාව.
ඕෂධී
1. නා.ප්‍ර. ශාකය; පැළය; බෙහෙත් පැළය.
2. නා.ප්‍ර. පීදීමෙන් පසු නැසෙන කෙසෙල් වැනි ගස්වර්ග.
3. නා.ප්‍ර. තාරකාවක නාමය; ඕෂධී තාරකාව; උදා තරුව; ඉරබටු තරුව; පහන් තරුව; සිකුරු ග්‍රහ තාරකාව.
ඕෂධී ප්‍රෝටීන්
නා.ප්‍ර. ධාන්‍ය වර්ගවලින් ද වෙනත් ශාක වර්ගවලින් ද ලැබෙන මාංශ ජනක ධාතු.
ඕෂ්ඨජාක්ෂර
[ඕෂ්ඨජ + අක්ෂරය]
නා. දෙතොල ඇසුරු කොට උපදින උ, ඌ, ප, එ, බ, භ, ම ආදි අකුරු.
ඕෂ්ඨය
නා. තොල; අධරය.
ඕසධාපණය
[ඕසධ + ආපණ]
නා. ඖෂධ වෙළඳ ශාලාව; බෙහෙත් වෙළඳසැල; ඔසුහල.
ඕසය
නා. මැඩවීම්, සීසෑම් ආදි කෘෂිකාර්මික කටයුතුවල දී හරකුන් මෙහෙයවීම සඳහා ඕ හෝ උස්හඬ යොදා කරනු ලබන ගායනය; අඬහැරය.
ඕස්තිය
(කථා.) නා. (රෝ.ක.) සත්ප්‍රසාදයට යොදන පහන.
ඕසිරිය
(කථා.) නා. කන්දොස් කිරියාව; කරච්චලය.
ඕසිලප්පුව
(කථා.) නා. ප්රවෘත්ති, ආරංචි ආදිය පැතිරී යෑම; ප්‍රකට වීම; එළිදරවු වීම.
ඕසේ අදිනවා
1. ක්‍රි. තාලයකට ඇද ලෙලවා ගීත ගායනා කරනවා; අඬහැරලනවා.
2. ක්‍රි. හඬ නඟනවා; කෑ ගසනවා.