සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 485
කුඩා දියකන
වි. දිය උරාගන්නා සියුම් සිදුරු ඇති.
කුඩා මල්
නා.ප්‍ර. බාල සොහොයුරා.
කුඩා මව
නා. මවගේ නැගණිය; සුළුමව; පුංචි අම්මා; කුඩම්මා.
කුඩා මොළය
(පාරිභා.) නා. සුෂුම්නා ශීර්ෂයකට පෙරටුව ඊට ඉහළින් පෘෂ්ඨීය පැත්තට නෙරා පිහිටි
මොළයේ කොටස; අනුමස්තිෂ්කය (=cerebellum).
කුඩා වක්‍රය
නා. අවතල ව පිහිටා ඇති ආමාශයේ උඩ පැත්ත.
කුඩාපොදු ගුණාකාරය
(පාරිභා.) නා. ගණන් කීපයක් ඉතිරි නැති ව බෙදෙන ඉතාම කුඩා සංඛ්‍යාව (=lowest common multiple).
කුඩාවර
1. නා.ප්‍ර. වයසින් බාල තැනැත්තා; බාලයා; ළමයා.
2. නා.ප්‍ර. උසස් තත්ත්වයක් නැති තැනැත්තා; සාමාන්‍ය මිනිසා; කුලහීනයා.
කුඩි
1. නා.ප්‍ර. ගෘහමූලිකයා; ගෙහිමියා.
2. නා.ප්‍ර. පුරාණ ලංකාවේ අඳ ගොවියා; ප්රවේණි දාසයා.
3. (කථා.) නා.ප්‍ර. පවුල.
4. නා.ප්‍ර. ගෙය; ගෘහය.
5. නා.ප්‍ර. අඹුකම; භාර්යාභාවය.
කුඩික්කිය
(කථා.) නා. කාසි දමන කැටය.
කුඩිච්චිය
1. (කථා.) නා. හදිසිය; කලබලය.
2. (කථා.) නා. කුඩා ගෙය හෝ කාමරය; මැදිරිය.
කුඩිත්ත
(කථා.) නා. ඉතා ස්වල්පය; ටික; ඇබිත්ත.
කුඩිප්පරං
(කථා.) නා.ප්‍ර. දාස භාවය; වැඩකාරකම.
කුඩිප්පුව
(කථා.) නා. බෙර දවුල් ආදිය ගසන ලී කෝටුව.
කුඩිම්බිය
1. නා. ලී දෙකක් සන්ධි කිරීමේ දී ඉන් එකක මුදුනේ කපා ඉතිරි කරන කොටස; තත්තුව.
2. නා. හිසෙහි කෙස් කපා එහි මුදුනෙහි ඉතිරි කරන කෙස් රොද.
3. නා. මොනර ආදි පක්ෂීන්ගේ හිස මුදුනෙහි පිහිටි පිහාටුරොද; ශිඛාව.
4. නා. අල්පෙනෙත්ති යකඩ ඇණ ආදියේ මුදුනේ තිබෙන මහත කොටස; හිස; මුදුන.
කුඩිල්ල
(කථා.) නා. ගෙය; වාසස්ථානය.
කුඩු
1. නා.ප්‍ර. ඉතාමත් සියුම් ද්‍රව්‍ය කැබලි; ධාන්‍ය, ඖෂධ ආදිය අඹරාගත් පිටි හෝ චූර්ණය; හුණු.
2. නා.ප්‍ර. දූවිලි; ධූලි.
3. නා.ප්‍ර. හෙරොයින් ආදි මත් ද්‍රව්‍ය.
කුඩු ගහනවා
1. ක්‍රි. හෙරොයින් ආදි මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා.
2. ක්‍රි. සහල්වල ඇති කුඩු අහක් කරනවා; කුඩු පොළා හරිනවා.
කුඩු පිඹිනවා
(පාරිභා.) ක්‍රි. ශරීරයේ සිදුරකට හෙවත් කුහරයකට බෙහෙත් කුඩක් පිඹිනවා (=insufflate).
කුඩුකේඩු
(කථා.) වි. පළි ගන්නාසුලු; දුෂ්ට; ඊර්ෂ්‍යා සහගත; අසත්පුරුෂ.
කුඩුත්ත
නා. ස්වල්පය; ටික.
කුඩුතු
(කථා.) වි. මසුරු; කුම්මැහි; ලෝභී.
කුඩුප්පු
(කථා.) වි. දුෂ්ට; අසත්පුරුෂ; ඊර්ෂ්‍යාකාර.
කුඩුපූ
නා.ප්‍ර. වී කෙටීමේදී ලැබෙන හාල් කුඩුවලින් සාදා ගැනෙන පුරාණ කැවිලි විශේෂයක්; කුඩු කැවුම්.
කුඩුපොද
(කථා.) නා.ප්‍ර. හීන් පොද වැස්ස.