සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 484
කුටිලග
1. නා. ඇද ව යන්නා; සර්පයා.
2. නා. ගඟ; නදිය.
කුටීගෙය
නා. ඉතා පළල් නොවූ ඉතා උස් නොවූ ජනෙල්වලින් තොර ඝන බිත්ති ඇති කුඩා කුටිය.
කුටීර
නා.ප්‍ර. ඉතා කුඩා කාමර වැනි කුහර හෝ කෝෂ.
කුටීර අම්ලය
(පාරිභා.) නා. කුටීර ක්‍රමයෙන් නිපදවනු ලබන සල්පියුරික් අම්ලය (=chamber acid).
කුටීස්වේදය
නා. රෝගියකු ගිනි උණුසුමෙන් රත් වූ කුටි ගෙය තුළ සයනය කරවා ඩහදිය ගැන්වීම.
කුටුම්බය
1. නා. පවුල; පවුලට අයත් පිරිස.
2. නා. ධනය; වස්තුව.
3. (ජ්‍යෝති.) නා. කේන්ද්‍රයේ දෙවන භාවය හෙවත් දෙවැන්න වූ ධන ස්ථානය.
කුටුම්බසණ්ඨාපනය
1. නා. භාර්යාවක සරණගෙන පවුලක් පිහිටුවීම; පවුල් දිවියට බැසී ම; පවුලක් රක්ෂා කිරීම.
2. නා. වස්තුව රැස් කිරීම.
කුටුම්බිකයා
1. නා. ගෘහපතියා; කෙළෙඹියා.
2. නා. වස්තු සම්පත් ඇත්තා; පොහොසතා.
කුටුම්බියා
නා. අතීතයේ ගම්වල ආදායම් බදු එකතු කොට රජතුමා වෙත පැමිණවූ නිලධාරියා.
කුඨාරය
නා. පොරොව; පරසුව.
කුඨාරි
නා.ප්‍ර. ශල්‍යකර්මයෙහි භාවිත වන කුඩා පොරොවක හැඩය ඇති ශස්ත්‍රයක්.
කුඩ
නා. කුඩු.
වි. (කථා.) පුංචි.
කුඩපත්
නා.ප්‍ර. තල් කොළ ආදියකින් තැනූ කුඩය; කුඩ පත්‍රය.
කුඩප්පා
නා. පියාගේ බාල සහෝදරයා; බාප්පා; සුළු පියා; මවගේ දෙවැනි විවාහක පුරුෂයා.
කුඩම
1. නා. භාජනය; සැළිය.
2. නා. මඩුව; කුටිය; මණ්ඩපය.
කුඩමස්
නා.ප්‍ර. දියෙහි වෙසෙන මසුන්ගේ මස්; ගොඩමස් නොවන මස; දියමස්.
කුඩම්මා
නා. මවගේ බාල සොහොයුරිය; පියාගේ බාල සොහොයුරාගේ බිරිඳ; සුළුමව; පියාගේ දෙවන බිරිඳ.
කුඩමැඬිල්ල
නා. කුඩයේ රෙද්දෙන් වැසුණු කුඩ නන කූඩුව හෙවත් සැකිල්ල; ඡත්‍ර මණ්ඩලය.
කුඩවය
නා. ධාන්‍ය වර්ග මැනීමේදී හා බර කිරීමේදී භාවිත කරන මිනුම් විශේෂයක්.
කුඩහලුවා
(කථා.) නා. පුංචි දරුවා; කුඩා කොලුවා.
කුඩ්ඩ
1. නා.ප්‍ර. බිත්තිය.
2. නා.ප්‍ර. වී ආදි ධාන්‍ය වර්ගවල ඇටය වටා ඇති තුනී සිවිය; කුරුට්ට; නිවුඩ්ඩ.
3. (කථා.) නා.ප්‍ර. ස්වල්පය; බිඳ; ටික.
කුඩ්මල
නා.ප්‍ර. මල් කැකුළ; මල් මොට්ටුව.
කුඩා අන්ත්රය
නා. ආමාශයේ සිට මහාන්ත්‍රය දක්වා ආහාර ගමන් ගන්නා නළය; ක්ෂුද්රාන්ත්රය; කුඩා බඩවැල.
කුඩා කිරීම
(පාරිභා.) නා. භාගයක් ඉතා ම සරල ආකාරයට පත් කිරීම; සුළු කිරීම (=simplification).