සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 503
කූරු කපනවා
(කථා.) ක්‍රි. පුවක්ගෙඩි ආදියෙහි කුරුටු ඉවත් කරනවා; පිටපොත්ත සූරා දමනවා.
කූරු ගානවා
1. නා. (කූරකින් හැන්දකින්) මිශ්‍ර කරනවා; කලවම් කරනවා; හැඳි ගානවා.
2. නා. පිහියකින් පිටපොත්ත ගා දමනවා; සූරා දමනවා; පෙරං ගානවා.
කූරු පොංචිය
(පාරිභා.) නා. ලෝහ හම් ආදියේ හිල් විදින කූරක් සහිත උපකරණය (=pin punch).
කූරු යතුර
නා. මුරිච්චියක් තද කිරීමට හෝ බුරුල් කිරීමට හෝ යොදා ගන්නා කූරක් වැනි යතුරු විශේෂය (=pin spanner).
කූරු වැල්වය
(පාරිභා.) නා. මෝටර් රථයක කාබියුරේටරයේ ඉපිලි කාමරයේ ඇති කූරක් බඳු වෑල්වය (=valve needle).
කූරුපත්ත
(කථා.) නා. පැරණි රෙදි වියන යන්ත්‍රයෙහි මල් වැඩ දැමීම පිණිස උපකාරයට ගන්නා කුඩා ලෑලිපත්ත; රෙදි කැටයම් දමන පෙතිකූර.
කූරුපුවක්
(කථා.) නා.ප්‍ර. පිට ලෙල්ල පමණක් ඉවත් කළ මේරූ පුවක්.
කූරුව
1. නා. කොටස; පංගුව.
2. නා. සිංහල රජුන්ගේ අවධිවල ලංකාව බෙදී තිබුණු පාලන ඒකකයක්.
3. නා. වෙන්දේසි පොළ.
කූලචර
වි. ගංගා වැව් ආදියේ ඉවුරු ආශ්රිත ව වසන.
නා.ප්‍ර. ගංගා වැව් ආදියේ ඉවුරු ආශ්රිත ව වෙසෙන සතුන්ගේ මස්.
කූලෝමය
(පාරිභා.) නා. විද්‍යුත් ප්‍රමාණය මිනීමේ ප්‍රායෝගික මිනුම් ඒකකය (=coulomb).
කූව
1. නා. සමෙහි ඇති සිදුර; කූපය.
2. නා. ශාක ව්‍යුහයක ඇති සිදුර, අනෙක් සෛල හා සම්බන්ධ වන පරිදි සෛල බිත්තිය තුනී වූ තැන.
3. නා. සත්ත්ව ශරීරයෙහි මඩියක් හෝ කෝෂයක් වැනි වු කොටස.
කූවරය
නා. රථයක ඒරියකඳ.
කූවර්ණක
(පාරිභා.) නා.ප්‍ර. (ඇතැම්) ගස්වල ඇතුළු පොත්තෙහි ඇති සෛල තුළ ඇති කහ දුඹුරු වර්ණයෙන් යුත් ද්‍රව්‍යයක්.
කෘකය
(පාරිභා.) නා. මුඛ කුහරයත් ග්‍රසනිකාවත් අතර වූ අවකාශය (=fauces).
කෘච්ජු
වි. දුෂ්කර වූ; අමාරු; අපහසු.
කෘත
වි. කරන ලද; කළා වූ.
කෘතඉතිරිකිරීම්
නා.ප්‍ර. බලපෑමෙන් කරන ඉතිරි කිරීම: කෘත විරමණය.
කෘතක
වි. ක්‍රියාවෙන් ඇති වූ; ක්‍රියාවෙන් නිපන්.
කෘතකරණීයයා
නා. කරන ලද කටයුතු ඇත්තා.
කෘතගුණ
නා.ප්‍ර. තමාට කරන ලද උපකාරයක් සිහිකර එයට දක්වන සැලකිල්ල; කෙළෙහිගුණය.
කෘතඝ්න
නා.ප්‍ර. කළගුණ නොදන්නා අකෘතඥයා; ගුණ මකුවා.
කෘතඥ
වි. කළගුණ දන්නා වූ; කෘතවේදී.
කෘතපුණ්‍ය
වි. කරන ලද පින් ඇති; පින්වත්; භාග්‍යසම්පන්න.
කෘතපෞරුෂ
වි. ධෛර්යවත්.