සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 51
අත් මුගුර
නා. (අතෙහි දැරිය හැකි) පොල්ල, කුඩා මුගුර.
අත් මුදල
1. නා. තමාගේ ම ධනය; තමාගේ මුදල.
2. නා. අතට ම ගෙවන මුදල; අත්පිට ගෙවන මිල.
අත් මෙහෙය
නා. අත වෙහෙසා කරන වැඩ පළ; අතින් කරන වැඩ.
අත් රිට
නා. නොගැඹුරු දියෙහි ඔරු පාරු පැදීමේ දී දිය පත්ලට රුවා අතින් මෙහෙයවන දණ්ඩ.
අත් රිය
නා. දෑතින් ඇද ගෙන හෝ තල්ලු කරගෙන හෝ යන රථය; රික්ෂෝ වැනි රථ සඳහා යෙදේ.
අත් රියන
(කථා.) නා. (වැඩුණු කෙනෙකුගේ) අතේ වැළමිට සිට මැදඟිල්ලේ අග දක්වා ඇති දිග ප්‍රමාණය.
අත් රෝදය
(පාරිභා.) නා. යන්ත්‍රයක හෝ මහන මැසිමක කොටසක් වූ අතින් ක්‍රියා කරවන රෝදය (=hand wheel).
අත් රෝධකය
(පාරිභා.) නා. රථයක ධාවනය එක්වර නවතාලීම සඳහා අතින් තද කරන රථ මෙවලම ; අත් තිරිංගය (=handbrake).
අත් ලියවිල්ල
නා. අත් අකුරින් ලියූ ලියුම; අත්පිටපත; අත් ලිපිය.
අත් වෑය
නා. එක් අතකින් මෙහෙය වන වෑය; කුඩා වෑය.
අත් විඳීම
නා. ඇතැම් රෝගාදියෙන් වැළකීම පිණිස අතට බෙහෙත් විඳීම්; අත් එන්නත් කිරීම.
අත් විලංගුව
නා. අත්වලට දමන විලංගුව; අත්මාංචුව.
අත් වෙදකම්
(කථා.) නා. වෛද්‍ය උපදෙස් නොලබා කරගන්නා සුළු වෙදකම; පළපුරුද්දෙන් හෝ අත්දුටු සුළු බෙහෙතින් කරන පිළියම්.
අත් වෙනවා
ක්‍රි. අයිති වෙනවා; අත්පත් වෙනවා.
අත් වෙළුව
(කථා.) නා. (ලණු, කඹ, යොත් ආදිය ඇඹරීමේ දී) අතින් කරන දඟකැවීම; වෙළු දැමීම.
අත් හන්දිය
(කථා.) නා. අත සිරුරට සම්බන්ධ වී තිබෙන සන්ධිස්ථානය; උරහිස් සන්ධිය.
අත් හරඹය
(කථා.) නා. බලි නැටුම් ආදියේ දී නැට්ටුවන් කරන අත් ලෙළවීම්.
අත් හරිනවා
1. ක්‍රි. නවත්වනවා; බැහැර කරනවා; ඉවතලනවා.
2. ක්‍රි. වගකීම් පැහැර හරිනවා; යුතුකම් ඉටු නොකර හරිනවා (=aban don).
අත් හෝදිසිය
නා. අතින් ගෙන කරන හෝදිසිය; යමක් අතට ගත් විට ඇති වන බර ආදිය පිළිබඳ නිශ්චය; පිස්තෝල ආදි අවියකින් අතේ හුරුකම් ඇසුරින් එල්ලය ගැනීම.
අත්ඇන්ද
1. නා.ප්‍ර. අත්තටුව; පියාපත
2. නා.ප්‍ර. පුටුවේ අත තබා ගන්නා ඇන්ද.
අත්කට
(පාරිභා.) නා. ඇඳුමක අත දමන විවරය (=armhole).
අත්කම
නා. අතින් කරන කර්මාන්තය; හස්ත කර්මාන්තය.
අත්කර
නා. මැණික් කටුව; අග්‍ර බාහුව.
අත්කැමියා
1. නා. අත් උදවුකාරයා
2. නා. අත්කම් කරන්නා.