සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 52
අත්ගල
1. නා. අවරහිර; අස්ත පර්වතය; අත්ගිර.
2. නා. කහ, මිරිස් බෙහෙත් ආදිය අඹරන ගලේ උඩගල.
3. නා. අතින් දමා ගසන ගල.
4. නා. වළන් සැදීමේ දී මට්ටම් කිරීමට භාවිත කරන ගල.
අත්ගහ
(කථා.) නා. (කමත්.) ගොයම් ඇවිස්සීමට භාවිත කරන ලීය; දැතිගොයියා; උකුනු ගහ.
අත්ත
1. නා.ප්ර. ගසක ශාඛාව.
2. නා.ප්ර. අතු ගෑමට සාදා ගත් කොළ රහිත කෝටු මිටිය.
3. නා.ප්ර. පොල් අත්ත.
4. නා.ප්ර. ප්රධාන යමකින් බෙදී ගිය කොටස.
5. නා.ප්ර. සිවුරේ සමාන දිග ඇති පළල තීරුව; සිවුරේ ආයත චතුරස්රාකාර පටිය.
අත්තකිලමථානුයෝගය
නා. කෙලෙස් තැවීම සඳහා ශරීරයට දුක දීම ප්රධාන ලක්ෂණය සේ ගත් තාපස ව්රතය.
අත්තටුව
නා. අත්හැන්ද; පියාපත.
අත්තනය
වි. තමා පිළිබඳ වූ; ආත්මය සම්බන්ධ වූ.
අත්තනෝමතික
වි. තමාගේ මතයට අනුව ක්රියා කරන.
අත්තප්පා
(කථා.) නා. මවගේ හෝ පියාගේ හෝ පියා; සීයා; මුත්තා.
අත්තභාව
නා.ප්ර. ආත්මභාවය; භවය; ජාතිය; උපත.
අත්තම
1. නා. අතින් කරන කර්මාන්තය; හස්ත කර්මාන්තය.
2. නා. ප්රති-උපකාර වශයෙන් කරන වැඩය; අත්උදවුව.
3. නා. කම්කරුවකු දවසක් තුළ දී ඉටු කරන වැඩ කොටස.
අත්තම්මා
(කථා.) නා. මවගේ හෝ පියාගේ හෝ මව; මිත්තණිය; ආච්චි.
අත්තරු
නා.ප්ර. අත්තම් කරන්නා; හස්ත කර්මාන්තකාරයා.
අත්තල
නා.ප්ර. අල්ල; අත්ල; හස්ත තලය.
අත්තලයා
නා. ඇතුන් බලන්නා; ඇත්ගොවුවා.
අත්තවාදය
නා. ආත්මයක් ඇතැයි යන මතය; ආත්ම දෘෂ්ටිය.
අත්තසඤ්ඤා
නා.ප්ර. මමය මාගේය යන හැඟීම; ආත්මය යන සංඥාව.
අත්තසම්මා පණිධානය
නා. තමා හෙවත් තමාගේ සිත ශීල ශ්රද්ධාදී ගුණයෙහි මනා කොට පිහිටුවීම.
අත්තා
1. නා.ප්ර. මවගේ හෝ පියාගේ හෝ පියා; සීයා.
2. නා.ප්ර. මවගේ හෝ පියාගේ හෝ මව; මිත්තණිය; ආච්චි.
අත්තාණ
වි. ආරක්ෂාවක් නැති; රැකවරණයක් නැති.
අත්තාණිය
1. නා. සභාව,
2. නා. රාජසභාව.
3. නා. රාජසභාවෙන් නිකුත් කළ නියෝගය.
අත්තානුදිට්ඨිය
නා. ආත්මයක් ඇතැයි යන දෘෂ්ටිය.
අත්තානුවාදය
නා. තමා තමාට ම දොස් පවරා ගැනීම.
අත්තාලම්
නා.ප්ර. දෑතින් ගෙන තාලානුරූප ව එකට එක ගැසීමෙන් තියුණු හඬ නංවන ලෝහමය කුඩා තැටි; කයිතාලම්.
අත්තිකාරම
නා. යම් කටයුත්තක් කර ගැනීම පිණිස කල් තබා කරන ගෙවීම; යම් දෙයක් මිල දී ගැනීමට ගිවිසගෙන කලින් ගෙවන මුදල් කොටස.