සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 511

කෙළිවට

නා.ප්‍ර. ක්‍රීඩා සඳහා ගැනෙන බෝලය.

කෙළිවත්තම්

නා.ප්‍ර. හක්ගෙඩියෙන් තැනූ තැටිය.

කෙළිවළන්

නා.ප්‍ර. කුඩා ළමයින්ට සෙල්ලම් බත් පිසීමට ගන්නා කුඩා හට්ටි මුට්ටි කළ වළන් ආදිය.

කෙළිස්සා

1. (කථා. උඩ.) නා. ක්‍රීඩාවට කැමැත්තක් දක්වන තැනැත්තා; ක්‍රීඩාලෝලියා.
2. නා. සල්ලාලයා.

කෙළිසිනා

නා.ප්‍ර. කවට සිනාව; කෙළි සෙල්ලම.

කෙළිසීල

වි. ක්‍රීඩා පරවශ: කෙළිලොල්.

කෙළිසෙල්ලම

නා. විනෝදය පිණිස කරන ක්‍රීඩාව; විනෝද ක්‍රීඩාව.

කෙළෙඹි කුලය

නා. ධන සම්පත් ඇති වෙළඳ කුලයට අයත් පවුල.

කෙළෙඹිගෙය

නා. ධනවත් තැනැත්තාගේ ගෘහය; කෙළෙඹියාගේ කුටුම්බය.

කෙළෙහිගුණ

නා.ප්‍ර. අනුන් කළ උපකාරයට දක්වන සැලකිල්ල; කෘතෝපකාර ගුණය.

කේ

1. නා.ප්‍ර. කෙත; කුඹුර
2. නා.ප්‍ර. කේතු ග්‍රහයා; කෙහෙතා.
3. නා.ප්‍ර. කෙස්: හිසකෙස්.

කේකා

නා. මයූරනාදය; කේකාරවය.

කේජු

නා.ප්‍ර. කිරි ඝන බවට පමුණුවා මෝරු ඉවත්කොට අඹරා නැවත කැටි කිරීමට ලක් කිරීමෙන් සාදා ගන්නා ආහාර විශේෂයක් (=cheese).

කේටුහ

නා.ප්‍ර. කාව්‍ය ලක්ෂණ ප්‍රකාශ කරන්නා වූ ශාස්ත්‍රය.

කේඩැරි

වි. කෙට්ටු; වැහැරුණු; කෘශ.

කේඩුව

1. නා. විපත්තිය: විනාශය; කරදරය.
2. (පාරිභා.) නා. ක්ලාන්තබව; ගිලන්බව.

කේතක

නා.ප්‍ර. වැටකේ, දුනුකේ ආදි ශාක වර්ග පොදුවේ හඳුන්වන නාමය.

කේතන

නා.ප්‍ර. කොඩිය; ධජය.

කේතනාවලි

[කේතන + ආවලි]
නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේගේ හිසින් විහිදී බබළන රශ්මි කදම්බය; කේතුමාලාව.

කේතය

නා. ලකුණ; සංඥාව (=code).

කේතලය

නා. වතුර උණු කිරීමට උපයෝගී කරගන්නා කෙමිය සහිත ලෝහමය හෝ මැටිමුවා භාජන විශේෂයක්.

කේතු ග්‍රන්ථිය

(පාරිභා.) නා. මොළයේ තුන් වන තුන්දිකාව තුළ පිහිටා තිබෙන ග්‍රන්ථියක් ලෙස ක්‍රියා කරන කුඩා දේහය (=pineal gland).

කේතුකය

1. නා. (පාරිභා.) (ගණිත) කේතුවක් තලයකින් ඡේදනය වීමෙන් ලැබෙන වෘත්තය, ඉලිප්සය, පරාවලය හා බහුවලය ඇතුළු වක්‍ර (=conic section).
2. නා. සත්ත්ව /කේතුවක හැඩය ඇති කවර හෝ අවයවයක් (=conus).

කේතුධර

(පාරිභා.)
1. වි. කේතුවක ආකාරය ඇති ශාඛා මණ්ඩල සහිත.
2. වි. එවන් වෘක්ෂ ඇති.