සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 559
ගමලද්දා
නා. ගමේ බලය ලැබූ තැනැත්තා; ගම්පතියා; ගම්මුදලියා; නින්දගම් හිමියා.
ගමවල්පිට
නා. ගමක් අසල පිහිටි කැලෑ බිම් පෙදෙස.
ගම් බහිනවා
(කථා.) ක්‍රි. විවාහයෙන් පසු භාර්යාවගේ නිවසේ පදිංචි වෙනවා; බින්න බහිනවා.
ගම්අතුර
නා. බැහැර පිහිටි ගම; වෙනත් ගම්; අන්‍යතර ග්‍රාමය; ග්‍රාමාන්තර; පිටගම.
ගම්ඉම
නා. ගමේ මායිම; ග්‍රාම සීමාව.
ගම්උදාව
1. නා. ගමේ නැඟී සිටීම.
2. නා. ගම් නඟා සිටුවීම සඳහා රජය ඇරඹූ සංවර්ධන ව්‍යාපෘතියක්.
ගම්උවසර
නා. ගමට නුදුරු පෙදෙස; ග්‍රාමෝපචාරය.
ගම්ගොඩ
නා. වැව් බැම්මක් හෝ කුඹුරු යායක් හෝ අසල ළං ළං ව තැනූ ගෙවල් රාශියකින් යුක්ත ප්‍රදේශය.
ගම්දැල්ල
නා. ගම් කෙළවර වූ; ගමේ කසළ එක්රැස් කළ තැන; ගමේ කසළ ගොඩ.
ගම්දිවෙල
නා. යම්කිසි සේවයක් සඳහා රජු විසින් ජීවිකාව සඳහා දෙනු ලබන ඉඩම හෝ ඉඩම් යාය; වැටුප් වශයෙන් ප්රදානය කරනු ලබන භූමි භාගය; භෝග ග්‍රාමය.
ගම්දෙටු
වි. ගමට නායක; ගමේ ප්‍රධානත්වය දරන; ග්‍රාම ජ්‍යෙෂ්ඨයා.
ගම්දොර
නා. ගමකට ඇතුළු වන තැන හෝ ගමකින් පිට වී යන තැන; ග්‍රාම ද්වාරය.
ගම්ධුරයා
නා. කර්මාන්ත දාසයා; ගොවිතැනෙහි යෙදුණු දාසයා.
ගම්නයුවා
නා. ගමේ නායකයා; ග්රාමණී.
ගම්නියම්ගම්
නා.ප්‍ර.බහු. ගම් හා කුඩා නගර.
ගම්නිලය
නා. පරම්පරාවෙන් එන ගම් ප්‍රධානයකුට රජයෙන් ලැබී තිබුණු ඉඩම; ගම්වසම.
ගම්පංගුව
1. නා. විහාර දේවාලයක හෝ රජවාසලෙහි හෝ සේවයේ යෙදී සිටින සුළු සේවකයකුට බුත්තිය සඳහා ලැබී තිබෙන ඉඩම් කොටස.
2. නා. බුක්ති විඳින ඉඩම සඳහා ඉඩම් හිමියාට කරන සේවය හෝ ගෙවන මුදල.
3. නා. බුක්ති විඳින ඉඩම සඳහා ඉඩම් හිමියාට කළ යුතු සේවය හෝ දිය යුතු අස්වනු කොටස.
ගම්පටුන
නා. වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ ගම; ප්‍රධාන ගම.
ගම්පඬුර
1. නා. තමන් වගා කරන ඉඩම වෙනුවෙන් ගොවියා විසින් ඉඩම් හිමියාට ගෙවනු ලබන දීමනාව.
2. නා. සිංහල අලුත් අවුරුද්ද සඳහා ගම්වැසියන් පන්සලට දෙන අඩු වැඩිය සහ ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය.
ගම්පත්රය
නා. ඉඩකඩම් පිළිබඳ අයිතිය වෙන අයකුට නීත්‍යනුකූලව පවරා දීමේ දී ලියා දෙනු ලබන ලියවිල්ල.
ගම්පතියා
1. නා. ගමේ නායකයා; ගමේ ප්‍රධානත්වය උසුලන්නා; ගමරාළ.
2. නා. ගම්මුලාදෑනියා; ගමේ ආරච්චි.
ගම්පමුණ
නා. පරම්පරාවෙන් පරම්පරාවට (යමකුට) පවරා දෙනු ලබන ඉඩම; පරවේණි ඉඩම.
ගම්පහරනවා
ක්‍රි. ගම්වැසියන් සතු වස්තු පැහැර ගන්නවා; ගමේ ගෙවල්වලට වැද වස්තු කොල්ල කනවා.
ගම්පැල්
නා.ප්‍ර. ගමට නුදුරුව පිහිටා ඇති ආවාසය; ගමේ පන්සල.