සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 558

ගමකය

1. නා. වැටහීම; අවබෝධය.
2. නා. හින්දුස්තානි සංගීතයෙහි ප්‍රධාන අංග පහෙන් එකක්; අලංකාරය.
3. (සංගී.) නා. ස්වරයාගේ කම්පනය

ගමකයා

නා. ගමන් කරන්නා; යන්නා; ගමනෙහි යෙදෙන්නා.

ගමත්

නා.ප්‍ර. ගමේ කෙළවර; ගම් සීමාව; ග්‍රාමාන්තය.

ගමත්සෙනස්න

නා. ගමක ඇති සංඝාවාසය; ග්‍රාමාන්ත සේනාසනය.

ගමතීනයා

1. නා. අඹුදරුවන් නොතකා හැර තමාගේම බඩ වඩමින් තැනින් තැන ඇවිදින්නා.
2. නා. පාදඩයා; රස්තියාදුකාරයා.

ගමතුර

නා.ප්‍ර. ගම් සීමාව ඇතුළත පෙදෙස; ගම තුළ; ග්‍රාමාභ්‍යන්තරය.

ගමථය

නා. මාර්ගය; පථය.

ගමථයා

නා. ගමන් කරන්නා; මගියා.

ගමන

1. නා. ඇවිදීම; සංචාරය; යෑම ඊම; සැරිසැරීම.
2. නා. අවස්ථාව; වෙලාව.
3. නා. ලීලාව; යන විලාසය.
4. නා. විධිය; ආකාරය.
5. (පාරිභා.) නා. කිසියම් වස්තුවක් එක් තැනක සිට තවත් තැනකට යෑම හෝ එසේ යෑමේ ශක්තිය.
6. නා. විවාහ මංගල්‍යයක දී මනාලිය කැටුව යෑම.

ගමන ශ්‍රමදාහ

නා. ගමන් කිරීමෙන් ඇති වන වෙහෙස මහන්සිය; ගමන් තෙහෙට්ටුව.

ගමනය

(පාරිභා.) නා. විදුලිබලය ගලා යෑම.

ගමන් හේවිසිය

නා. පෙරහැරක් යෑමේ දී ගමන් තාලය අනුව කරන හේවිසි වැයීම.

ගමන්මල්ල

නා. ගමනක් යෑමේදී ගමනට උවමනා බඩු බාහිරාදිය ගෙන යන උරය; මාර්ගෝපකරණ මල්ල; ගමන් බෑගය.

ගමන්මාළිගය

නා. රට තුළ සංචාරයේදී රජුට නවාතැන් ගැනීම සඳහා වූ මන්දිරය; නවාතැන් මාලිගය.

ගමනාකාරය

නා. පිටත් වී යන බවක් ඇඟවීම; (කිසියම් තැනකින්) නික්ම යන්නට අදහස් කරන බව පෙන්නුම් කිරීම.

ගමනාගමනය

[ගමන + ආගමනය]
නා. ගමනක් යෑම සහ ආපසු ඒම; යෑම ඊම.

ගමනාන්තය

[ගමන + අන්ත]
නා. ගමනක කෙළවර; ගමන්මගෙහි අවසානය; (පොදු ප්‍රවාහන මාර්ගයක නම්) ගමන් බලපත්‍රයේ බසින තැන වශයෙන් දැක්වෙන නැවතුම්පොළ.

ගමනාන්තරාය

නා. යන ගමනට කරනු ලබන බාධාව; ගමන වැළැක්වීම; ගමනට කරනු ලබන අවහිරය.

ගමනාරම්භය

1. නා. ගමනක් යෑමට පිටත් වීම; ගමනක් පටන් ගැනීම.
2. නා. ගමනක් යෑමට පිටත් වන ස්ථානය; ධාවන තරඟයක් ඇරඹෙන තැන.

ගමනිකාව

නා. ගෙයක් තුළ එහා මෙහා යෑමට තිබෙන පටු තීරුව; සක්මන් මාර්ගය; පිල්කඩ.

ගමනී

වි. පයින් ගමන් කරන; යන එන මඟට පිළිපන්.
නා.ප්‍ර. යෑම් ඊම් කරන්නා; ගමන් යන්නා; මාර්ගිකයා; මගියා.

ගමනීජැටිය

(පාරිභා.) නා. වරායක නැව්වලින් එන මගීන් ගොඩ බැසීම සඳහා සාදනු ලැබ ඇති වේදිකාව.

ගමරාල

1. නා. ගමේ වැඩිහිටියා; ගම්පතියා; ගමේ නායකයා.
2. නා. ගම්පති නිලය ලද්දා; ගම්මුදලියා.