සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 579
ග්රීවය
නා. බෙල්ල; ගෙල.
ග්‍රීවා ධාතුව
නා. (බුදුරජාණන් වහන්සේගේ) ග්‍රීවා අස්ථි ධාතුව.
ග්‍රීවාභරණය
නා. බෙල්ලේ පලඳින ආභරණය.
ග්රීවාරාවය
නා. උගුරෙන් නංවනු ලබන හඬ; කණ්ඨරාවය.
ග්‍රීෂ්ම
වි. උණුසුම්; රස්නය ඇති.
1. නා.ප්‍ර. උණුසුම; රස්නය.
2. නා.ප්‍ර. ග්‍රීෂ්ම ධාතුව; ගිම්හානය.
ග්‍රීස්
නා.ප්‍ර. යන්ත්‍රසූත්‍රවල ඇති වන ඝර්ෂණය අවම කරලීමට යොදනු ලබන ස්නේහ ද්‍රව්‍යයක්.
ග්‍රෛවී ග්‍රන්ථිය
(පාරිභා.) නා. බෙල්ලේ තිබෙන වසා ග්රන්ථිවලින් එකක් (=cervical gland).
ගා(ර්)නට්
නා.ප්‍ර. කාචමය ඛනිජ ගණයක්; බාල මැණික් විශේෂයක්; රබහ.
ගාං(ඤ්)චුව
1. නා. දම්වැල්, පටි, මාල ආදියේ කොන් දෙක එකට සම්බන්ධ කරන කොකු විශේෂය.
2. නා. කඩදාසි ආදි දේ එකට ඇමිණීම සඳහා පාවිච්චි කරන කොක්ක (=clip).
ගාටනවා
ක්‍රි. සෙමෙන් ගමන් කරනවා; නැවතිල්ලේ යනවා.
ගාඩ්
1. වි. දුම්රියක සාමාන්‍ය භාරකාරත්වය පැවරී ඇති නිලධාරියා.
2. වි. යම්කිසි ස්ථානයක් හෝ දේපළක් හෝ මුරකරන තැනැත්තා.
ගාඩුල්‍යය
(පාරිභා.) නා. පිටිකොන්ද උඩට නෙරා ගොස් ඇති වූ කුදය; ඔටු කුදය.
ගාඪ
1. වි. ඉතා දැඩි; තද; ප්‍රබල.
2. වි. තේරුම් ගැනීමට අපහසු, සරල නොවූ; දුර්බෝධ.
3. වි. බොහෝ වූ; අධික; බහුල.
ගාඪාන්ධකාරය
ගාඪාලිඞ්ගනය
නා. තරයේ වැලඳ ගැනීම; දැඩි ආලිංගනය.
ගාණ
1. (කථා.) නා. ගණන; සංඛ්‍යාව; මිල; ප්‍රමාණය.
2. (කථා.) නා. තැකීම; සැලකීම.
ගාත
1. නා. මිනිස්, සිවුපා ආදින්ගේ අත/කකුල.
2. නා. මසට මැරූ සතකුගේ කලවය සහිත කකුල.
ගාත්‍රය
1. නා. ශරීරය; සිරුර; ගත.
2. නා. අත හෝ කකුල; අවයවය.
ගාත්‍රාක්ෂරය
[ගාත්‍ර + අක්ෂර]
1. නා. හල් අකුර.
2. නා. ව්‍යඤ්ජනාක්ෂරය; ගතකුර.
ගාත්රාඞ්කුරය
[ගාත්‍ර + අඞ්කුර]
(පාරිභා.) නා. සිරුරෙහි ගාත්‍රය වශයෙන් වැඩෙන කොටසේ අංකුර අවස්ථාව.
ගාත්රික
වි. ගාත්‍ර හා සම්බන්ධ; ගාත්‍ර පිළිබඳ වූ.
ගාථා ධර්මය
නා. ගාථාවක් මගින් ඉදිරිපත් කරන ලද (බුදු) දහම; ධර්මය ඇතුළත් කොට ප්‍රබන්ධ වූ ගාථාව.
ගාථාඞ්ගය
නා. අංග නවයකට බෙදනු ලැබෙන බුද්ධ දේශනාවෙහි ගාථා වශයෙන් සැලකෙන අංශය හෙවත් කොටස.
ගාථාප්රබන්ධය
නා. ගාථාවෙන් කරන ලද රචනය; ගාථා බන්ධනය.