සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 578
ග්‍රාමාන්තය
නා. ගම් කෙළවර; ගමේ සීමා ආසන්නය.
ග්රාමාන්තරය
නා. අනෙක් ගම.
ග්රාමාරණ්යය
නා. ගම අසල වූ කැළැබද පෙදෙස; ගමට අයත් වන පෙදෙස.
ග්රාමිකයා
නා. ගමේ වාසය කරන්නා; ගැමියා.
ග්‍රාමීය
වි. ගමට අයත්; ගමෙහි වූ.
ග්‍රාමීය විද්‍යාව
නා. සත්ත්වයා අවට ලෝකය; (පරිසරය) හා බැඳීම පිළිබඳ ඉගැන්වෙන විද්‍යාව.
ග්රාසය
1. නා. ගිල ගැනීම; අනුභවය.
2. නා. ආහාර පිඬ; බත්කට.
ග්‍රාහ විකාරය
නා. යමක් ලබා ගැනීමේ බලවත් ආශාව නිසා ඇති වන ඔල්මාදය.
ග්රාහක
1. වි. ගත යුතු වූ; ග්‍රහණය කළ හැකි වූ.
2. වි. (මුදල් ගෙවා) කොටස්කරු වූ; දායක වූ.
1. නා.ප්‍ර. මලක කොටස් දරා සිටින මල් නටුවේ කෙළවර; මලක අක්ෂය.
2. නා.ප්‍ර. විදුලි බුබුළු ආදිය දරා සිටීමට යොදන උපකරණයක්.
ග්රාහක ශක්තිය
නා. යමක් ඉක්මනින් වටහා ගැනීමේ සමත්කම.
ග්රාහකයා
1. (පාරිභා.) නා.ප්‍ර. සංවේදක ඉන්ද්රිය වූ ඇස්; කන්; නාසා ආදිය (=receptor).
2. නා.ප්‍ර. ලබන්නා; දායකයා.
ග්‍රාහය
1. නා. ගැනීම; දැඩි ව ගැනීම.
2. නා. ආසක්තිය.
ග්‍රාහ්‍ය
1. වි. ගත හැකි; ගත යුතු.
2. වි. අරමුණු වන; ඉන්ද්‍රියයන්ට ගෝචර වන.
3. වි. පිළිගත යුතු; ග්‍රහණය කළයුතු.
නා.ප්‍ර. භාවනාවෙහි යෙදෙන යෝගියාගේ සිතට අරමුණ වන විෂය.
ග්‍රාහිකාව
1. (පාරිභා.) නා. කඳුලැස්ස ආදි ශාකවල කොළයේ ඇති ගොදුරු ඇල්ලීමට උපකාර වන කෙඳිවලින් එකක් (=tentacle).
2. නා. බොහෝවිට සතුන්ගේ සිරුරේ ඉදිරිපස පිහිටි උන්ට ගවේෂණය; ස්පර්ශ කිරීම, ඇල්ලීම වැනි ක්‍රියා සඳහා උපකාර වන අවයවයක්.
ග්රාහිත
වි. ගන්වන ලද.
ග්‍රැනයිට්
නා.ප්‍ර. පොළොවෙහි ඉතා බහුල ව පවතින ආග්නේය පාෂාණ වර්ගයක නාමය; කළුගල්.
ග්රැපයිට්
(පාරිභා.) නා.ප්‍ර. මිනිරන් (=graphite).
ග්‍රැමපෝනය
නා. කැරකෙන තැටියක වූ සර්පිලාකාර ඇලියක සටහන් කොට ඇති ශබ්ද, ඇලියෙහි ගමන් කරන ඉදිකටුවක කම්පනය මගින් නැවත උපදවා ගන්නා යන්ත්‍ර විශේෂයක්.
ග්රෑමය
නා. ස්කන්ධය නැතහොත් බර මැනීමේ ඒකකයක්; කිලෝ ග්රෑමයකින් දහසෙන් පංගුව.
ග්‍රිනිච් මධ්‍යාහ්න රේඛාව
නා. ලෝකයේ නැගෙනහිර හා බස්නාහිර වෙන් කොට සූර්ය වේලාව ගණන් ගැනීමට යොදා ගත් කල්පිත දේශාංශ රේඛාව; ප්‍රථම මධ්‍යාහ්න රේඛාව
(=Greenwich meridian).
ග්‍රිනිච් වේලාව
නා. දේශාංශ 0° සේ සම්මත කොට ගෙන ගන ඇති එංගලන්තයේ ග්‍රිනිච් නගරය හරහා උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවයට වැටී ඇතැයි සැලකෙන කල්පිත දේශාන්තර රේඛාවට ඉර මුදුන් වන වේලාව අනු ව ගණන් ගනු ලබන රේඛාව.
ග්‍රිල්
1. නා.ප්‍ර. උළුවහු ජනෙල් කවුළු හෝ බිත්ති කවුළු ආවරණය කිරීමට යොදා ගන්නා කොන්ක්‍රීට් ලී හෝ යකඩ ආදියෙන් තනා ගන්නා අලංකාර රාමු විශේෂයක්.
2. නා.ප්‍ර. යකඩ මැස්ස.
ග්රීව ග්‍රන්ථිය
නා. උගුරු ඇටය.
ග්රීවච්ඡේදය
නා. බෙල්ල කැපීම; ගෙල සිඳීම.