සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 636

චාරිකාව

නා. සැරිසැරීම; සංචාරය; ගමන.

චාරිත්‍ර

නා.ප්‍ර. තහනම් දෙය ; නොකටයුතු යයි සලකා බැහැර කරන දෙය.

චාරිත්‍ර ශික්ෂාපදය

නා. (විනය) බෞද්ධ භික්ෂූන් වහන්සේට මෙසේ පිළිපැදිය යුතුයි දක්වන ශික්ෂාපාදය.

චාරිත්‍ර ශීලය

නා. චාරිත්‍ර ශික්ෂාපද කඩනොකොට රකින ශීලය.

චාරිත්‍රය

1. නා. පරම්පරාගත ව පැවත එන පුරුද්ද; සමාජ සම්මත සම්ප්‍රදායය; සිරිත.
2. නා. ශික්ෂාව; විනය.

චාරිත්‍රවාරිත්‍ර

නා.ප්‍ර. සිරිත් විරිත්; යහපත් දේ කිරීම හා අයහපත් දේ කිරීමෙන් වැළකීම.

චාරිත්‍රශීලය

නා. ප්‍රාණඝාතාදි අකුශලයන්ගෙන් මිදීම් සංඛ්‍යාතවූ ශීලය.

චාරු

වි. පියකරු; සුන්දර; ප්‍රියජනක; මනෝඥ; ශෝභන.

චාලක

වි. චලනය ඇති කරන; චලිතය හා ආශ්‍රිත; චලිතය නිසා ඇති වූ.

චාලක ශක්තිය

(පාරිභා.) නා. යම් වස්තුවක් චලිතයේ දී ඒ චලිතය නිසා එහි ඇති වන ශක්තිය (=kinetic energy).

චාලන විද්‍යාව

(පාරිභා.) නා. වස්තූවල චලනය කෙරෙහි බලපාන බලවේග පිළිබඳ අධ්‍යයනය සඳහා කැපවුණු ගති විද්‍යාවේ ශාඛාව (=kinetics).

චාලනය

නා. සෙලවීම; සොලවනු ලැබීම; යමක් තිබුණු තැනින් වෙනත් තැනකට පැමිණවීම.

චාලනිය

නා. පිටි වැනි සියුම් ද්‍රව්‍ය හලාගන්නා උපකරණය; පෙනේරය.

චාලය

නා. යමක් තිබෙන තැනින් එහා මෙහා වීම; ගමනය; ජංගමනය.

චැක්පත

නා.ප්‍ර. මුදලක් වෙනුවට බැංකු ආයෝජකයකු විසින් නිකුත් කරනු ලබන මුදල් ඇණවුම.

චැත්පොත

නා. බැංකුවක් විසින් ආයෝජකයකුට නිකුත් කරනු ලබන හිස් චෙක්පත් අඩංගු පොත.

චැසිය

නා. මෝටර් රථ ආදියෙහි රථ කූඩුව සවි කෙරෙන රෝද හා එන්ජිම සහිත ලෝහමය පහළ තට්ටුව.

චිකිත්සකයා

නා. රෝගවලට පිළියම් කරන්නා; වෛද්‍යවරයා.

චිකිත්ස්‍ය

වි. පිළියම් කළ හැකි; වෛද්‍ය ප්‍රතිකාර කළ යුතු; සුව කළ හැකි.

චිකිත්සාගාරය

[චිකිත්සා + ආගාරය]
නා. රෝග පරීක්ෂාකොට පිළියම් නියම කරන ස්ථානය; ආරෝග්‍යශාලාව.

චිකිත්සාව

නා. රෝග නිවාරණය සඳහා කරන පිළියම; වෙද්‍ය ප්‍රතිකාරය.

චිකිත්සීය

(පාරිභා.) වි. ප්‍රතිකර්මය යෙදිය හැකි; රෝග සුව කිරීම සඳහා වූ ප්‍රතිකර්ම හා සම්බන්ධ (=therapeutic).

චිකීර්ෂාව

නා. කාර්යයෙහි කැමැත්ත; යමක් ඉටු කිරීමට ඇති රුචිය.

චිණ්ණ

වි. පුරුදු කළ; කලක් භාවිත කළ.