සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 650
ඡායා දණ්ඩ
නා. කෙළින් සිටවූ දණ්ඩකට හිරු එළිය වැටී සෑදෙන සෙවනැල්ල මැනීමෙන් වේලාව හා අක්ෂාංශය මැන ගැනීමේ උපකරණයක්.
ඡායා නිර්ගමය
නා. සෙවනැල්ල පිටතට ගමන් කිරීම.
ඡායා පටිය
නා. ඡායාරූපයක් ගන්නා විට ඡායාව පිළිබිඹු වන සිහින් තුනී සිවියක් වැනි පටලය; සේයා පටිය.
ඡායා මාත්‍රය
නා. අල්පමාත්‍රය; ඉතා ස්වල්පය; ඇබිත්ත.
ඡායානුවාදය
නා. වචනාර්ථයට වඩා, ප්‍රකාශිත සාමාන්‍ය අදහසට ප්‍රමුඛත්වය දී කරනු ලබන අනුවාදය.
ඡායාරූප ශිල්පය
නා. කැමරාවකින් පින්තූර ගැනීමේ ශිල්පය; ඡායාරූප ගැනීමේ විධි ක්‍රමය.
ඡායාරූපය
නා. කැමරාවකින් ගනු ලබන පින්තූරය.
ඡායාව
1. නා. සෙවන; සෙවනැල්ල; ආලෝකය මුවා වීමෙන් ඇති වූ මඳ අඳුර.
2. නා. ජලය, දර්පණ තල ආදියෙහි පෙනෙන පිළිබිඹුව; ප්‍රතිබිම්බය.
3. නා. රූප ලාවණ්‍යය; රූප ශෝභාව.
ඡායාස්ථිති පිටපත
නා. ආලෝක ධාරා මගින් විශේෂ කැමරා උපක්‍රමයකින් ගත් ලියවිලි ආදියක පිටපත; ඡායාරූප පිටපත (=photostat copy).
ඡායුදකසම්පන්න
වි. සෙවණින් හා ජලයෙන් යුත්; හෙවණින් ආවරණය සහ දිය බහුල වූ.
ඡාරත්ත
නා.ප්‍ර. රාත්‍රී හයක්; රෑ කාල සයක්.
ඡාරිකා
නා.ප්‍ර. යම් ද්‍රව්‍යයක් දැවී ශේෂ වන කුඩු; අළු.
ඡිද්‍ර විදාරණය
(පාරිභා.) නා. අග්නි භූධරයක් සිදුරක් දිගේ පුපුරා යෑම; සිදුරක් දිගේ සිදු වන යමහල් විදාරණය (= fissure eruption)
ඡිද්‍රය
1. නා. සිදුර; හිල.
2. නා. මල, දහඩිය ආදිය වහනය වන සිදුර; ඉතා කුඩා විවරය; සියුම් සිදුර; කූපය.
3. (පාරිභා.) නා. කයිටිනීය හෝ කාටිලේජීය හෝ අස්ථිමය හෝ කංකාල අවයවයක තිබෙන සිදුරක් (=foramen).
4. (භූගෝ.) නා. හිදැස; දැදුර; පොළොවේ පිට ආවරණය මත සිදුවන පැල්ම.
ඡිද්රාන්වේෂී
වි. සිදුරු හෙවත් දොස් සොයන.
ඡිද්රාපනය
නා. සිඳීම; සිදුරු කිරීම; සුණු විසුණු කිරීම.
ඡිද්රාමානය
[ඡිද්‍ර + ආමානය]
(පාරිභා.) නා. සියුම් සිදුරුවල ප්‍රමාණය මැනීමේ උපකරණය; පත්‍රයක පූටිකා විවර මැනීමේ උපකරණය (=porometer).
ඡිද්රාලූ
වි. සිදුරු සහිත හිල්වලින් යුක්ත.
ඡිද්රිකා
නා.ප්‍ර. සිදුර; හිල.
ඡින්දනය
නා. සිඳීම; කැඩීම; සුන් කිරීම.
ඡින්න
1. වි. සිඳින ලද; කැඩුණු; කැපුණු.
2. වි. සිඳුණු; නැති වූ.
නා.ප්‍ර. ශරීරයේ ඇටවල එක් ආකාරයක බිඳීමක්; ඇටයේ එක් කොටසක් බිඳී යාම.
ඡින්න ස්වර
නා. පැහැදිලි නැති කටහඬ; බිඳුණු කටහඬ.
ඡින්නකය
(පාරිභා.) නා. ඝන රූපයක, පාදයට සමාන්තර තලයකින් කැපී වෙන් වෙන, නැතහොත් සමාන්තර තල දෙකක් තිබෙන කොටසක් (=frustum).
ඡින්නබන්ධන
වි. සිඳින ලද; බැඳුම් ඇති.