සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 649
ඡන්දාපවාදය
නා. කට කතාව; ඕපාදූප; අපකීර්ති සහගත කථා.
ඡන්දාපේක්ෂකයා
[ඡන්ද + අපේක්ෂකයා]
නා. ඡන්ද කොට්ඨාසයක් නියෝජනය කිරීම සඳහා ඡන්දය ඉල්ලා සිටින්නා.
ඡන්දෝලංකාර
නා.ප්‍ර. පද්‍ය රචනය සඳහා විහිත ඡන්දස් ශාස්ත්‍රය හා අලංකාර ශාස්ත්‍රය.
ඡන්න
වි. වසන ලද; ආවරණය කළ; සැඟවුණු.
ඡන්න සංචිතය
නා. පොත් තැබීමේ දී රහස් ඉතුරුවක් සේ වෙන් කරන මුදල.
ඡන්නාගාර
ඡප්පද
නා.ප්‍ර. ෂට්පාදයා; මීමැස්සා; බමරා.
ඡර්දකය
(පාරිභා.) නා. වමනය කරවන ඔසුව; වමනකාරකය (=emetic).
ඡල
නා.ප්‍ර. යථා තත්ත්වය වසා ලීම; ව්‍යාජ උපක්‍රමය.
ඡවි කල්‍යාණය
නා. සමෙහි මනා පැහැපත් ස්වභාවය; පඤ්චකල්‍යාණ අතරින් එකක්.
ඡවි වර්ණය
නා. සමේ පැහැය; හමේ සිත්ගන්නා සුලු වර්ණවත් භාවය.
ඡවිකාව
(පාරිභා.) නා. සියුම් හම; බාහිරව පිහිටි සියුම් සිවිය; අපිචර්මය (=pellicle).
ඡවිපහස්
නා.ප්‍ර. සමේ මතුපිට පැහැය; සිවි පැහැය; සිවියේ ප්‍රභාව.
ඡවිමාංසය
නා. සිවි මස; සමෙහි සිවිය හා සම්බන්ධ ව පවත්නා මස.
ඡවිය
1. නා. සිවිය; සමේ සිවිය; පිටත සම.
2. නා. කාන්තිය; දිස්නය; ශෝභාව.
3. නා. සඳ රැස; සොමිකැන්.
ඡවිරාග
නා.ප්‍ර. සම පැහැපත් කිරීමට යොදන ආලේප ආදිය; ඡවි වර්ණය වැඩීමට උපයෝගී කර ගන්නා විවිධ ද්‍රව්‍ය.
ඡාග
1. නා.ප්‍ර. එළුවා.
2. (ජ්‍යෝති.) නා.ප්‍ර. මේෂ රාශිය.
3. නා.ප්‍ර. එළඟිතෙල්.
ඡාත
නා.ප්‍ර. බඩගින්න; ක්ෂුධාව.
ඡාත්‍රයා
නා. ශිෂ්‍යයා; ගෝලයා.
ඡාදනය
1. නා. වැසීම; ආවරණය.
2. නා. සැඟවීම; වසන් කිරීම.
3. නා. පියන.
4. නා. වහල.
5. නා. වස්ත්‍රය.
ඡාදිත
වි. වසන ලද.
ඡාප
නා.ප්‍ර. සතකුගේ කුඩා එකා; පැටියා; පෝතකයා.
ඡායා කටුව
නා. වේලාව හා අක්ෂාංශය මැන ගැනීමේ උපකරණයක්.
ඡායා කැබිනට්ටුව
නා. පාර්ලිමේන්තු සම්ප්රදාය අනු ව රජය පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයට පැවරුණ හොත් එහි ඇමති ධූරය භාර ගැනීමට සැරසී සිටින (විරුද්ධ පක්ෂයේ) නායක මන්ත්‍රී පිරිස; විකල්ප ඇමති මණ්ඩලය.