සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 651
ඡින්නභින්න
වි. කැඩුණු බිඳුණු.
ඡින්නභින්නපටධර
වි. කැපුණු බිඳුණු රෙදි කැබැලිවලින් නිමි වස්ත්‍රයක් (සිවුරක්) දරන.
ඡුරිකාව
නා. සිරිය; කිනිස්ස; කිරිච්චිය.
ඡේක
වි. දක්ෂ; සමර්ථ; ව්‍යක්ත; උගත්.
නා.ප්‍ර. දක්ෂයා; ව්‍යක්තයා; උගතා.
ඡේකප්‍රයෝග
නා.ප්‍ර. (පඬිවරයන්ගේ) ව්‍යක්ත යෙදුම්; උගතුන්ගේ විශේෂ භාෂා ප්‍රයෝග; ශිෂ්ට ප්‍රයෝග.
ඡේකානුප්රාසය
නා. ශබ්දාලංකාර විශේෂයක නාමය; ශබ්ද මාධුර්යය ඇතිවන පරිදි අක්ෂරයන්ගේ යෙදීම.
ඡේදක
වි. ඡේදය කරන; කෘන්තනය කරන; ඉරන.
ඡේදක ජ්‍යාය
(පාරිභා.) නා. වෘත්ත දෙකක් ප්‍රභින්න ලක්ෂ්‍ය දෙකක දී ඡේදනය වේ නම් ඒ ලක්ෂ්‍ය දෙක යා කරන රේඛාව (=intersecting chords).
ඡේදකදත්
නා.ප්‍ර. මස් ඉරීමට අනුවර්තනය වූ දත්; ක්ෂීරපායි සතුන්ගේ කැපුම් දත.
ඡේදකය
1. (පාරිභා.) නා. වෘත්තයක් තුළින් ගමන් ගැනීමෙන් එහි පරිධියෙන් කොටසක් කපා හරින සෘජු රේඛාව.
2. නා. ඡේදක දත්.
ඡේදනය
1. නා. කැපීම; සිඳීම.
2. නා. නැසීම; විනාශ කිරීම.
3. (පාරිභා.) නා. ශාකයක නොවැඩෙන හෝ දිරාපත්වන පෙදෙසක් ඇති වීමෙන් ශාකයේ කොටසක් හැළී යෑම. (=extirpation)
4. (පාරිභා.) නා. රේඛාවක් තවත් රේඛාවකින් කැපී යාම. (=intersection)
5. (පාරිභා.) නා. බෙදීම (=division).
ඡේදය
1. නා. කැපීම; සිඳීම; සැතකින් ගඩු ආදිය පැළීම.
2. නා. (හම මතුපිට) කොටස් වශයෙන් වෙන් වී තිබීම.
3. නා. කොටස; ඛණ්ඩය; ගද්‍ය රචනයක වෙන් වශයෙන් ඇති කුඩා කොටස; ලියවිල්ලක කුඩා කොටස.
ඡේද්‍ය
1. වි. කැපිය යුතු; සිඳිය යුතු; සිඳිය හැකි.
2. වි. කැපීමෙන් සුව කළ යුතු.
ඡේද්යගාමිනී
වි. ශ්‍රමණ ලිංගය (පැවිද්ද) සිඳීමෙන් හෙවත් උපැවිදි වීමෙන් ම පිළියම් යෙදිය යුතු.
නා.ප්‍ර. එබඳු ඇවත; පාරාජිකා ආපත්තිය.
ඡේද්‍යය
1. නා. කැපීම; සිඳීම.
2. නා. වණ ආදිය සුව කිරීම සඳහා ශස්ත්‍රාදියෙන් කැපීම.
3. (පාරිභා.) නා. බෙදනු ලබන ගණන; භාජ්‍යය (=dividend).
ඡේදිත
වි. සිඳින ලද; කැපූ.
ජ
මිශ්‍ර සිංහල හෝඩියේ විසි නවවන අකුර; තාලුජ, ඝෝෂ, අල්පප්‍රාණ; ව්යඤ්ජනාක්ෂරයකි.
ජ(ර්)නලය
1. (නීති.) (පාරිභා.) නා. නඩුවක් සම්බන්ධයෙන් දිනපතා සටහන් තබන කාර්ය පත්‍රිකාව; දින කාර්ය දර්ශනය.
2. නා. (ඩබල් එන්ට්‍රි ක්‍රමයට) පොත් තැබීමේ දී ගිණුම් හර බැර කිරීම සටහන් කරන පොත.
3. නා. භ්‍රමණය වන කඳක හෝ අක්ෂ දණ්ඩක බෙයාරිං මත රඳා පවත්නා කොටස.
ජංගම ගිණුම
නා. චෙක්පත් භාවිත කරමින් ගනුදෙනු කළ හැකි ගිණුම (=current account).
ජංගම දුරකථනය
නා. එහා මෙහා ගෙන යා හැකි සන්නිවේදන කාර්යය සඳහා යොදා ගන්නා රැහැන් රහිත වූ, උපකරණය.
ජංගමශීලීභාවය
නා. නිදහසේ ගලා යන සුලු බව.
ජංගිය
(කථා.) නා. කුඩා දරුවන්ට අන්දවන ඉතා සැහැල්ලු කොට කලිසමක් වැනි ඇඳුම් විශේෂයක්.
ජංඝය
නා. කකුලේ දණත් වළලුකරත් අතර කොටස; කෙණ්ඩය.
ජංඝසාර්ථ
නා.ප්‍ර. පා ගමනෙහි යෙදෙමින් වෙළඳාම් කරන්නා.